කලා

ප්‍රොෆෙසර් මැක්ගොනගල් දිවි රඟමඬලෙන් සමුගනී

Published

on

බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පිණියක් වන ඩේම් මැගී ස්මිත් මහත්මිය දිවියෙන් සමුගෙන තිබේ.

අද (27) දිනයේදී රෝහලේදී ඇය මෙලොවින් සමුගත් බව ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි.

මිය යන විට ස්මිත් මහත්මිය 89 වියේ පසුවිය.

දශක කිහිපයක් පුරාවටම රිදී තිරයේ මෙන්ම වේදිකාවේ සිය දස්කම් දැක්වූ, ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මැක්ගොනගල් හා ඩවුන්ටවුන් ඇබී කතා මාලාවේ වයලට් ක්‍රෝලි ලෙසත්ය.

ඇය ඔස්කා සම්මාන දෙකක් මෙන්ම බැෆ්ටා සම්මාන 08ක් ද දිනාගැනීමට සමත් විය.

Trending

Exit mobile version