Connect with us

කලා

බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි

Published

on

දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය.

මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා එක්දරු පියෙකි.

1965 දී ජී.ඩී.එල්. පෙරේරා නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම මහතා ඉන්පසු සම්මානනීය චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපනය කළේය.

ඔහු රඟපෑ චිත්‍රපට අතර සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඒ අතර වේ.

චිත්‍රපට සහ වේදිකා නාට්‍යවලට වඩා බුද්ධි වික්‍රම මහතා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ටෙලිනාට්‍ය රංගනයෙන්ය.

ඔහු රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව 20 කට ආසන්නය. ඒවා අතර අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන් ,පළිඟු මැණිකේ, පිටගම්කාරයෝ, පුංචි හපන්නු, තාරාදේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ද වේ.

බුද්ධි සේන දයාරත්න වික්‍රම නමින් ගාල්ලේදී උපත ලද ඒ මහතා බුද්ධි වික්‍රම නමින් කලා නොවෙහි හැඳින්විය. බුද්ධි වික්‍රම මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ සාමාජිකයෙක් පැවැසුවේය.

(ලංකාදීප)

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved