Connect with us

කලා

මොනාලිසා ට සුප් ප්‍රහාරයක්

Published

on

ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් විසින් වට්ටක්කා සුප් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

තිරසාර වශයෙන් නිෂ්පාදනය කළ සෞඛ්‍ය සම්පන්න ආහාර ඇති අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධය පළ කර ඇති බව පැවසේ. එම සුප් ප්‍රහාරයෙන් පසු සිතුවම ඉදිරිපිට විරෝධතා දක්වමින් ඔවුන් පවසා ඇත්තේ වඩා වැදගත් වන්නේ කලාව ද? නැත්නම් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ඇති අයිතිය ද යන්නයි.

Riposte Alimentaire (Food Counterattack) නම් එකතුවක් මීට වගකීම භාරගෙන ඇත.

කෙසේවෙතත්, මොනා ලිසා සිතුවම වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර ඇති බැවින් එයට කිසිඳු හානියක් වී නොමැත. ලූවර් කෞතුකාගරයේ ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය තාවකාලිකව වසා දමා පිරිසිදු කිරීමෙන් පසුව එය යළිත් මහජනයා වෙත විවෘත කර ඇත.

සිතුවමට හානියක් නොවුනද, ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යවරිය පැවසා ඇත්තේ කිසිම හේතුවකට මොනාලිසා සිතුවම ඉලක්ක කර ගැනීම සාධාරණීයකරණය කළ නොහැකි බවයි.

16 වැනි සියවසට අයත් ලියනාඩෝ ඩාවින්චි ගේ මෙම නිර්මාණය ලොව ප්‍රසිද්ධම කලා නිර්මාණයක් වන අතර, 1950 වර්ෂයේදී කෞතාකාගාරය නැරඹීමට පැමිණි අමුත්තෙකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුණි. ඉන්පසුව එය වටා ආරක්ෂිත වීදුරු ආවරණයක් ස්ථාපනය කෙරුණි.  2019දී මෙම ආවරණය වඩා පාරදෘශ්‍ය, වෙඩි නොවදින වීදුරුවක් දක්වා වෙනස් කෙරුණි.

2022දී ද මොනාලිසා සිත්තමට කේක් ප්‍රහාරයක් එල්ල විය.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved