ලොව විශාලතම අන්තර්ජාල වීඩියෝ වේදිකාව වන යූ ටියුබ් හි වසර 9ක කාලයක් ප්‍රධාන විධායක නිලධාරී දැරූ සූසන් විචස්කි (Susan Wojcicki) ඉන් ඉවත් වන බව බ්ලොග් සටහනක් තබමින් පසුගිය බ්‍රහස්පතින්දා (16) පවසා තිබිණි.
යූ ටියුබ් හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා වන නීල් මොහාන් එහි නව ප්‍රධාන විධායකවරයා වනු ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.
54 හැවිරිදි සූසන් පැවසුවේ ඇය “පවුල, සෞඛ්‍යය සහ පුද්ගලික ව්‍යාපෘති” කෙරෙහි අවධානය යොමු කරමින් මේ තීරණය ගත් බවයි.
මීට පෙර Google හි දැන්වීම් නිෂ්පාදන සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ සූසන්, 2014 දී යූ ටියුබ් හි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් විය.