කලා

රයිනිට කරදරයක් නෑ – රූකාන්ත (වීඩියෝ)

Published

on

ඊශ්‍රායලයේ, ජෙරුසලමේ සංගීත ප්‍රසංගයක වේදිකාවක් හදිසියේ කඩාවැටී සිදු වූ අනතුරෙන් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ට අනතුරක් නැතැයි ඇයගේ පියා වන රූකාන්ත ගුණතිලක මහතා මාධ්‍යට පවසා ඇත.

එම සංගීත ප්‍රසංගයේ සංගීතය සපයමින් සිටි ෆ්ලෑෂ් බැක් කණ්ඩායම ද මේ අනතුරට මුහුණදී තිබිණි.

සිද්ධියෙන් පසුව  ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු “අපිට කිසිම කරදරයක් වුණේ නැහැ. අපි ගැන සුවදුක් විමසා බැලූ, අපිට සුවය පැතූ සැමට ස්තූතියි, අපි සුවෙන්.” පවසා තිබිණි.

වේදිකාවේ සවිකර තිබූ විශාල ආලෝක ධාරා පුවරුව හදිසියේ කඩාවැටීමෙන් අනතුර සිදු වූ අතර එය කඩාවැටුණේ කී බෝඩ් වාදන ශිල්පියකු හා ගිටාර් වාදන ශිල්පියකු මතටය.

රයිනි සිටගෙන ගීතය ගායනා කරන ආකාරයත්, එක්වරම වේදිකාව කඩාවැටෙන දර්ශනයත් ජංගම දුරකථනවල සටහන් වී තිබිණි.

සිද්ධිය වන අවස්ථාවේ රයිනි ‘නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත්උනා කුළුඳුල් ආදරේ’ ගීතය ගායනා කරමින් සිටි අතර, රසිකයන් විශාල පිරිසක් ගීතය රසවිඳිමින් වේදිකාව අසල නර්තනයේ යෙදී සිටිනු වීඩියෝ දර්ශනවල දැක්වේ.

Trending

Exit mobile version