කලා

රැජිණී සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

Published

on

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට  71 වැනි වියේ පසු වූවාය.

මුල් කාලයේ නැටුම් ගුරුවරියක ලෙස කටයුතු කර ඇති ඇය සිය  මුල්ම නැටුම් ගුරු  පත්වීම ලබා ඇත්තේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලටය.

බලංගොඩ ග්‍රාමයේ උපත ලබා හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වූ ඒ මහත්මිය සුවසහක් දැයේ දරුවන්ට ගුරුහැරුකම් පෑ අතිදක්ෂ ආචාර්යවරියකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

Trending

Exit mobile version