Connect with us

කලා

වයස 18 ට අඩු නම් දිනකට ටික්ටොක් පැයයි

Published

on

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි.

TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින්  මෙම පියවර ගන්නා බවයි.  

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා  දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරනු ඇති.

නව හඳුන්වාදීම යටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok  පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක්  ඇතුළත් කිරීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන්  ඉවත් වීමට හැකියාව ඇති බවත්  ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ය.

TikTok අයත් සමාගමට අනුව  මෙම නවතම හඳුන්වාදීම මගින් පරිශීලකයින්ට පාලනයක් සහිතව  යෙදවුම භාවිතයට පහසුකම් සපයනු ඇති.

TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ  වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට  ඔවුන් දෛනිකව TikTok යෙදවුම  පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු  ඇති.  

මේ අතර  TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ   TikTok භාවිතය සීමා කිරීමට ද හැකියාව පවතී.

TikTok හි  විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan පවසන්නේ, සමාගම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමේදී  පර්යේෂකයින් හා සම්බන්ධ වී ක්‍රියා කරන බවයි.

මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ ද වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ  පිරිස්  TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි.

TikTok යෙදවුම සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර කැනඩාව ද පසුගිය සතියේ තීරණය කරනු ලැබුවේ, චීන සමගාමකට අයත් TikTok යෙදවුම තහනම් කිරීමටයි.

(නිවුස්ෆස්ට්)

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved