කලා

ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!

Published

on

ලෝක ප්‍රකට පොප් ගායිකා ශකීරාගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ පුද්ගලයකු නිසා සරම්ප වසංගතයක අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවති පොප් ගායිකා ශකීරාගේ සංගීත ප්‍රසංගයකට සහභාගි වූ පුද්ගලයකුට සරම්ප රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ, එම ප්‍රසංගයට එක්වූ රසික රසිකාවියන් 82,000කට ආසන්න පිරිස අතර සරම්ප වසංගතයක් පැතිරීමේ අවදානමක් මතුව ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

රෝගය ආසාදනය වූ පුද්ගලයා නිව්ජර්සි ප්‍රාන්තයේ වැසියකු නොවීම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම තව දුරටත් ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

විදෙස් මාධ්ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම තත්ත්වය හේතුවෙන් නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසංගයට සහභාගි වූවන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවය.

ඒ අනුව ජූනි 6 වැනිදා වන විට සරම්ප රෝග ලක්ෂණ මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා ඇත.

විශේෂයෙන්, පසුගිය මැයි 20 වැනිදා පස්වරු 7.00 සිට අලුයම 1.00 දක්වා ප්‍රසංග භූමියේ රැඳී සිටි පුද්ගලයන්ට සරම්ප රෝගය ආසාදනය වීමේ අවදානම ඉහළ බැවින්, එවැනි පුද්ගලයන් එම උපදෙස් මාලාව අනුගමනය කළ යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරත් වාර්තා කරයි.

Trending

Exit mobile version