රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍යකර්මයක් සිදු කර තිබේ.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුකල රූගතකිරීමක් අතරතුරදී ශාරුක් මෙසේ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට ලක්වූ ශාරුක් ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදු වී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ කාර්ය මණ්ඩලය ඔහුව ලොස් ඇන්ජලීස් හි රෝහලකට රැගෙන ගොස් තිබේ.
එහිදී ලේ ගැලීම නතර කිරීමට ඔහුගේ නාසයට සුළු ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර, මේ වන විට යළි ඉන්දියාවට ගොස් ඇති ඔහු සිය නිවසේ සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.