Connect with us

කලා

සාම්ප්‍රදායික ජපන් සංගීතයෙන් හැඩවුණු සැඳෑවක්

Published

on

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී පසුගිය 26දා සුන්දර සංගීතමය සන්ධ්‍යාවක් පවත්වා තිබුණි.

කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි සහ කෝගා මිචියෝ යන මහත්වරුන්ගේ කන්කළු සම්ප්‍රදායික ජපන් සංගීතයෙන් මෙම ප්‍රසංගය වර්ණවත් විය.

මෙම උත්සවය ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කළා පමණක් නොව, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමද මෙමගින් සනිටුවහන් විය. 

සංගීත ශිල්පීන් පිළිබඳ තොරතුරු

ඉකුතා-රියු නම් කොතෝ සංගීත ගුරුකුලයේ මාස්ටර්වරයෙකු වන ෂෝගෝ හියෝෂි මහතා, සංගෙන් සංගීතයේද ප්‍රවීණයෙකි. වර්තමානයේදී එතුමා කොතෝ සහ සංගෙන් යන සංගීත භාණ්ඩ ද්විත්වයම වාදනය කරයි. ඊට අමතරව, හෙතෙම තත් තුනකින් යුත් ජපන් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන කොකියු සහ සංගෙන් හි මුල් කාලීන ස්වරූපයක් යැයි විශ්වාස කෙරෙන හයිකේ-බිවා නැමැති සාම්ප්‍රදායික භාණ්ඩයද වාදනය කරයි.

එතුමා වර්ෂ 2023 සිට ටෝකියෝ කලා විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2009 දී සිය මංගල ජාත්‍යන්තර ප්‍රසංගය අයිස්ලන්තයේදී පවත්වන්නට යෙදුණු අතර,  පසුව ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය යනාදී රටවල් වලද ප්‍රසංගයන්ට සහභාගී විය.
කෝගා මිචියෝ මහතා Lanka Nippon BizTech Institute (LNBTI) හි මව් සමාගම වන Metatechno Inc. හි හිටපු සභාපතිවරයා වේ.

කෝගා මිචියෝ මහතා වසර 50 කට පමණ පෙර ජපානයේ වසෙදා විශ්ව විද්‍යාලයෙහි පිහිටි ෂකුහචි සමාජයක් වන කොචිකු-කයි හිදී එම සංගීත භාණ්ඩය වාදනය ඉගෙනීමට පටන්ගත්තේය. වසර දහයකට පෙර කින්කො-රියු නම් ෂකුහචි ගුරුකුලයේ මාස්ටර් තත්ත්වය ලබාගැනීමත් සමගම හෙතෙම සිය වේදිකා නාමය වන චිකුසුකේ යන්න අත්කරගන්නට යෙදුණි. 

කලා

බැට් මෑන් සමුගනී

Published

on

By

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ.

නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය.

1959 දෙසැම්බර් 31 වන දින Val Kilmer ලෙස උපත ලැබූ කිල්මර්, ලොස් ඇන්ජලීස් හි මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු අයෙකි.

වයස අවුරුදු 17 දී, ඔහු ලොව වඩාත්ම කීර්තිමත් නාට්‍ය සංරක්ෂණාගාරවලින් එකක් වන නිව්යෝර්ක්හි ජුලියර්ඩ් පාසලට ඇතුළත් වූ එවකට ලාබාලතම ශිෂ්‍යයා බවට පත්වෙමිනි.

Top Gun සහ Batman Forever යන චිත්‍රපටි තුළින් ඔහු රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

Continue Reading

කලා

‘Wild Cookbook’ ග්‍රාහකයින් මිලියන 10 පසුකරයි

Published

on

By

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.

ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය.

2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත.

චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් විය.

මෙම සන්ධිස්ථානයට ළඟා වූ චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙනි.

YouTube ග්‍රාහකයින් සංඛ්‍යාව අනුව ඒ ඒ කඩඉම්වලදී එය සංකේතවත් කරමින් විවිධ Play Button ලබා දේ.

පළමු ප්‍රේක්ෂක ලක්ෂයට Silver ලෙසත්, පළමු මිලියනයට Gold Play ලෙසත්, පළමු මිලියන 10ට Diamond ලෙසත් එම Play Button ලබාදීම සිදුකෙරේ.

ඒ අනුව චරිත් යාමට තිබෙන ඊළඟ කඩඉම Red Diamond Play Button එක වන අතර, ඒ සඳහා ඔහු ග්‍රාහකයින් මිලියන 100 සම්පූර්ණ කළ යුතුය.

Continue Reading

කලා

Adhiran එළි දකියි (VIDEO)

Published

on

By

මිෂෙල් දිල්හාරා සහ සුදර්ශන් රවීන්ද්‍රන් රංගනයෙන් දායක වන ඇදිරන් සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය පසුගියදා එළි දැක්වීය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් (Sudharshan Raveendran) සහ මිෂෙල් දිල්හාරා විසිනි.

තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අධිරන්, මිෂෙල්ගේ පළමු දමිළ සිනමා සිත්තම වන අතර චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ වීම ද විශේෂත්වයක් වේ.

එහි පූර්ව ප්‍රචාරක පටය,

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved