කලා

සුජීවා 31දා සිද්ධිය ගැන හෙළිකරයි (වීඩියෝ)

Published

on

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ජනප්‍රිය ගායිකා කේ. සුජීවා කියා සිටී.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ ගාලුමුවදොර පැවති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට යන අවස්ථාවේදී ඇතිවූ බව කියන රිය අනතුරකදී කේ. සුජීවා සහ අනෙක් පාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇතිවී තිබේ.

එම බහින්බස්වීම වීඩියෝගත කළ අයකු එය සමාජ මාධ්‍යයට මුදාහැර තිබිණි.

එම වීඩියෝවේ කේ. සුජීවා මත්පැන් පානය කර ඇති බවට චෝදනාවක්ද එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් සුජීවා පවසන්නේ මෙවැන්නකි.

‘‘මම කවදාවත් මත්පැන් බීලා නැහැ, බොන්නෙත් නැහැ. මම බීලා හිටියා නම් පොලිසියෙන් චෙක් කරලා අත්අඩංගුවට ගන්නවනේ. මම දරුවො දෙන්නත් හදාගෙන තනියම ඉන්න එකේ තරහට තමයි මේ සියලු දේවල් කරන්නේ’’

එතැන වූ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝව කවුරුත් දාන්නෙ නැහැ. මාව වීඩියෝ කරනකොට මම එතැන සිටි පොලිස් නිලධාරියාට කිව්වා මම ප්‍රසිද්ධ කෙනෙක්, මාව වීඩියෝ කරලා මෙයාලා මොනවා කරයිද දන්නෙ නැහැ කියලා. ඒ ටික නැතුව මම ප්‍රසිද්ධයි කියන එක විතරක් දානවා. පොලිසියෙන් මට ඒ වෙලාවෙ කිසිදු සහායක් ලැබුණේ නැහැ.’’

රාත්‍රි එම සිදුවීමට මුහුණ දී ප්‍රසංගයට සහභාගි වීමට තිබූ වේලාවට වඩා පැයක පමණ කාලයක් ප්‍රමාද වී සම්බන්ධ වූ බවද ඇය වැඩිදුරටත් කියා සිටී.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version