කලා

සේනකගේ වාරණය දීර්ඝ කරයි!

Published

on

කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනා කිරිමට පනවා ඇති වාරණය නැවත කැඳවීම ලබන අගෝස්තු 23 දා දක්වා කල් දමා තිබේ.

ඒ අදාළ නඩුව ඊයේ (18) වානිජාධිකරණයේ කැඳවීමෙන් අනතුරුවය.

“අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය සේනක බටගොඩ මහතාට වාරණය කර ඇත.

එකී ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩට එරෙහිව ගොනු කරමින් මේ වාරණ ආඥාවක් ලබාගෙන ඇත.

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනී සිටියේය.

සබැඳි පුවත්
ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් සේනක බටගොඩ ට වාරණයක්

Trending

Exit mobile version