Connect with us

කලා

සෝමරත්න දිසානායකත් අනුරට එක්වෙයි

Published

on


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විමට එක්ව තිබේ.

ඒ අනුව ඔහු ඊයේ (08) පස්වරුවේ රාජගිරිය The Taprobane පරිශ්‍රයේදී පැවති ‘පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම’ – ජාතික ජන බලවේගයේ කලාකරුවන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගිවී සිටින අයුරු දක්නට ලැබුණි.

දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වූ සෝමරත්න දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකල අතර ඒ වෙනුවෙන් ඔහුට ආණ්ඩුවෙන් වරප්‍රසාද රැසක් හිමිවූ බවට එකල ඔහුව දැඩිව විවේචනයට ලක්විය.

පසුව 2015 වසරේදී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී සහය දැක්වූ අතර ඒ වෙනුවෙන් සෝමරත්න දිසානායක මහතා 2015 වසරේදී ජාතික රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේය.

පසුව පෞද්ගලික හේතුවක් මත යැයි කියමින් 2015 වසරේ ජූලි මස රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර 2016 වසරේ අගෝස්තු මස වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැළියේදී එම වේදිකාවට ගොඩවෙමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකලේය.‍

නමුත් 2017 වසරේදී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සෝමරත්න දිසානායක මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ පාලන සමය මෙන්ම වත්මන් ආණ්ඩුවේද වෙනසක් නැති බවත් බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ සෑදිය නොහැකි බවත්ය.

”ඇත්තටම මේ වෙනකොට මං දේශපාලනිකව අතරමං වෙච්ච කෙනෙක්. මට දැනට දේශපාලන පක්ෂයක් නෑ. ඔව් 1994 ඉඳන් මං දේශපාලන වේදිකාවල පෙනී හිටියා. ඒ ගැන මං කණගාටු වෙන්නේ නෑ. යුද්ධය නිමා කරන්න එක පාරක් අපි පෙනී හිටියා. පස්සේ රට හදන්න ඕන නිසා පෙනී හිටියා. නමුත් බලය එක තැනක දීර්ඝ කාලයක් රැඳෙනකොට එතන දුෂණය වෙනවා. බල ලෝභය හා තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න ඕන වැඩක් කරන්න පෙළඹෙනවා.”

එසේ පැවසූ සෝමරත්න දිසානායක මහතා එවක යහපාලන රජය යටතේ 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩබලන සභාපතිවරයා ලෙසටද පත්කරන ලදී.

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දීමෙන් අනතුරුව 2018 වසරේ දෙසැම්බර් මාසයේදී සෝමරත්න දිසානායක මහතා කතානායකවරයා හමුවටද කැඳවනු ලැබීය.

ඒ වන විට පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් අත්හිටුවා තිබූ අතර ඒ සම්බන්ධයෙන් දිසානායක මහතාගෙන් කතානායකවරයා විමසා සිටියදී ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව පවසා තිබුණි.

පසුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී කොට්ටාව බටහිර 496 D ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 10 වැනි මාවතට යාව ඇති A ශ්‍රේණියේ කුඹුරු බිමක් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ලේඛනගත අතිශය වැදගත් රැම්සා තෙත් බිමක් සිය දේශපාලන බලය සහ ඉහළ සම්බන්ධතාවල රැකවරණය ලබමින් අනීතිකව ගොඩකරමින් සිටින සෝමරත්න දිසානායක ඇතුළු පිරිසකට වහාම එම අපරාධය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාවේ නිලධාරීන් නියෝග කර තිබුණි.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved