කලා

හඳගමගේ “රානි” රිචඩ් ද සොයිසා ඝාතනය අවදි කිරීම (වීඩියෝ)

Published

on

එකම පුතුගේ ඝාතකයන්ට දඬුවම් පමුණුවන්නට සටන් වැදුනු මවකගේ කතාව රැගත් “රානි” පූර්ව ප්‍රචාරක පටය අද සිට සමාජ මාධ්‍යට එක් කර තිබේ. 

මාධ්‍යවේදි රිචඩ් ද සොයිසාගේ ඝාතනයෙන් ඔහුගේ මව වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ ප්‍රබල හඹා යාම වූයේ ඝාතකයන් සොයා ඔවුන්ට දඬුවම් පමුණුවීමයි.. ඇගේ කතාව 

“රානි” නමින් එළඹෙන 2025 EAP මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කිරීමට සූදානම්ය. 

 ස්වර්ණා මල්ලවාරච්චි මෙහි මනෝරානි සරවනමුත්තු ගේ චරිතය රඟපාන අතර සනත් ගුණතිලක බිමල් ජයකොඩි අශාන් ඩයස් රෙහාන් අමරතුංග රිතිකා කොඩිතුවක්කු ප්‍රියන්ත ලලිත් සම්පත් ජයවීර ගිහාන් ප්‍රනාන්දු සෞම්‍ය ලියනගේ අනුසුයා සුබසිංහ අනුරාධ මල්ලවාරච්චි නලින් ලුසේනා ඇතුළු පිරිස රංගනයෙන් දායක වන ” රානි” lyca production lanka කුළුඳුල් නිෂ්පාදනයයි.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ  අසෝක හඳගම විසින් මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කර ඇත.

Trending

Exit mobile version