ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියත්වයට පත් Harry Potter පොත් මාලාවෙන් Harry Potter රූපවාහිනී කතාමාලාව නිපදවීමට යන බව වාර්තා වේ.
ඒ අනුව හැරී පෝටර්, හර්මයිනී ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා ශිල්පීන් තෝරාගෙන ඇති බව සඳහන්ය.
මෙසේ තෝරා ගත් ශිල්පීන් ලෙස හැරී පෝටර්ගේ චරිතය වෙනුවෙන් Dominic McLaughlin ද, හර්මයිනී ග්‍රේන්ජර්ගේ චරිතයට Arabella Stanton මෙන්ම රොන් වීස්ලිගේ චරිතයට Alastair Stout ද රංගනයෙන් දායක වීමට නියමිතය.
මෙම තෝරගැනීමට අඳාළ තිර පරීක්ෂණ සඳහා ළමා නළු නිළියන් 32,000 වැඩි පිරිසක් සහභාගී වී තිබේ.
එසේම අල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට John Lithgow, මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට Janet McTeer, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ්ට Nick Frost ද තෝරා ගෙන ඇත.
එහෙත් වොල්ඩර්මෝට් චරිතය සඳහා කතාමාලාවට රංගනයෙන් දායක වීමට සුදුසු නළුවෙකු මේ වන තෙක් තෝරාගෙන නැති බව වාර්තා වේ.
එසේම J.K. රොව්ලින්ග් ලියූ මෙම පොත් මාලාවේ මුල් පොත් 7ට අනුකූල වන අයුරින්, එක් පොතකට එක් කතාසමයක් ලෙස සැලසුම් කර ඇත.
ඒ අනුව එය වසර 10ක් පුරා දිවයන අයුරින් සැලසුම් වී තිබෙන අතර Mark Mylod කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා වේ.
පෙර චිත්‍රපට පරිදීම Waer Bros.Studios මඟින් මෙය ද නිශ්පාදනය කරනු ලබන බව සඳහන්ය.
මෙම ව්‍යාපෘතියේ විධායක නිෂ්පාදිකාව J.K. Rowling වන අතර 2027 වසරේ දී මෙහි පළමු කතා සමය නිකුත්වීමට නියමිතව තිබේ.