කලා

ජනප්‍රිය සූරියකාන්ත සිත්තමට තක්කාලි සුප් ප්‍රහාරයක්!

Published

on

ලොව විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වෑන් ගෝ ගේ ජනප්‍රිය නිර්මාණයක් වන ‘සන්ෆලවර්ස්’ සිත්තමට තක්කාලි සුප් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වසර 1888දී සිදුකර ඇති මෙම නිර්මාණය ලන්ඩනයේ ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය කර තිබුණු අතර, ඊයේ (14) පෙරවරුවේදී පැමිණි දේශගුණික ක්‍රියාධරයන් දෙදෙනෙකු විසින් එම චිත්‍රය වෙත ටින් වල තිබුණු තක්කාලි සුප් හලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම සිද්ධියත් සමග කලාගාරයේ එම කාමරයෙන් අනෙකුත් අමුත්තන් ඉවත් කිරීමටත් වහාම පොලිසිය කැඳවීමටත් බලධාරීන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ හේතුවෙන් චිත්‍රයේ රාමුවට සුළු හානියක් සිදුව තිබුණද, වීදුරුවකින් ආරක්ෂා කර තිබූ චිත්‍රයට හානියක් සිදුව නැතැයි විදෙස් වාර්තා පවසයි.

මේ වන විට එම චිත්‍රය පවිත්‍ර කළ යළිත් කලාගාරයේ ප්‍රදර්ශනය කර ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version