කලා

හැග්‍රිඩ් දිවිරඟ මඬලින් බැස යයි

Published

on

ලොවපුරා අතිජනප්‍රිය හැරී පොටර් සිනමා මාලාවේ රුබියස් හැග්‍රිඩ් ගේ චරිතයට පණපෙවූ රංගන ශිල්පී රොබී කෝල්ට්‍රන් මෙලොවින් සමුගෙන තිබේ.

දෙදරු පියෙකු වන ඔහු, මිය වන විට 72 වියේ පසුවිය.

හැග්රිඩ් ගේ චරිතයට අමතරව ඔහු රහස් පරීක්ෂක ටෙලිනාට්‍ය මාලාවක් වන ක්‍රැකර් හා ගෝල්ඩන්අයි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේද, ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් චිත්‍රපටයේද පෙනී සිටියේය.

නිවේදනයක් නිකුත් කරමින් කෝල්ට්‍රන් මහතා ගේ නියෝජිත – බෙලින්ඩා රයිට් පවසා තිබුණේ කෝල්ට්‍රන් මහතා ස්කොට්ලන්තයේ ෆාල්කර්ක් ප්‍රදේශයේ රෝහලකදී අවසන් හුස්ම හෙලූ බවයි.

Trending

Exit mobile version