Connect with us

කලා

3D ගජමෑන් රිදී තිරයේ; චමික, චානක හා ජෝන්ගේ හීනය සැබෑ වෙයි! (ඡායා)

Published

on

මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන ‘ගජමෑන්’ පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබේ.

හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති ඇත.

මෝෂන් කැප්චර් (Motion Capture) තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම මේ චිත්‍රපටයේ විශේෂත්වයයි.

මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී තිබේ.

ගජමෑන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසිනි.

මෙහි නිෂ්පාදක චාමික ජිනදාස සමග ශ්‍රී ලංකා මිරර් කළ කතා බහකදී ඔහු හෙළි කළේ මෙය සිය පාසල් සමයේ සිහිනයක් සැබෑවීමක් බවයි.

80 දශකයේ උපන් පාසල් මිතුරන් තිදෙනෙකු වූ තමා හා මෙහි අධ්‍යක්ෂ චානක පෙරේරා හා ජෝන් ෆොන්සේකා විසින් කාටුන් චිත්‍රපටයක් නිෂ්පාදනයට මැවූ සිහිනය සැබෑ වීමක් බවයි.

කෙසේවුවද, 2011 දී වැඩ ආරම්භ කළ ගජමෑන් 3D කරන්නට එම චරිතයේ නිර්මාපක කැමිලස් පෙරේරා මහතා දුන් හයිය ගැනද චාමික මෙනෙහි කරමින් ඔහුට දීර්ඝායුෂ ද පැතුවේය.

එසේම මොවුන්ට කැමිලස් මහතා හමුවූයේ සිය කාටූන 3D සිනමා සිත්තමක් කිරීමට රට රටවල ද ගොස් අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකයින් සොයමින් සිට එය වර්ථව සිටි සමයකදී යැයිද චාමික කියා සිටියේය.

කලා

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

Published

on

By

තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් විය.

එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයටයි.

මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වන ස්ථානය හිමිකරගෙන තිබේ

Continue Reading

කලා

ෂෙහාන්ගේ  “The Seven Moons of Maali Almeida”  වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මානයක්

Published

on

By

ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “The Seven Moons of Maali Almeida” නවකතාව ආසියානු සාහිත්‍ය සඳහා 8 වන Émile Guimet ත්‍යාගය දිනා ගෙන තිබේ.

2025 ජුනි 4 වන දින පැරිසියේ පිහිටි කෞතුකාගාරයේ ජීන්-ෆ්‍රැන්කොයිස් ජැරිජ් ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී මෙය නිවේදනය කර තිබුණි.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ “The Seven Moons of Maali Almeida” ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ, Xavier Gros විසිනි.

“Les sept lunes de Maali Almeida” (The Seven Moons of Maali Almeida) කෘතිය Émile Guimet ත්‍යාගය දිනා ගෙන ඇත්තේ, එය ප්‍රංශයේ ප්‍රකාශයට පත් කර මාස 18ක් ගත වීමෙන් පසුවය.

2022 වසරේදී මෙම නවකතාව සඳහා ෂෙහාන් කරුණාතිලක විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවට පිරිනැමෙන “ද බුකර් ” සම්මානයද දිනා ගන්නා ලදී.

Continue Reading

කලා

ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්

Published

on

By

ටොම් කෲස් ‘Mission: Impossible – The Final Reckoning හි ඊතන් හන්ට් ලෙස ඔහුගේ චරිතය නැවත පන පොවන අතර ඒ  ලෝක වාර්තාවක් ද සමඟය.බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳ දැමීමෙන් පසුව ඔහු මෙලෙස ගිනස් ලෝක වාර්තාව දිනා ඇත. ගිනස් ලෝක වාර්තා පොතට අනුව, කෲස්  “තනි පුද්ගලයෙකු විසින් වැඩිපුරම දැවෙන පැරෂුට් පැනීම්” සිදු කර ඇති අතර, ඔහුගේ පැනීම් ගණන 16 වතාවක් ලෙස සටහන් වේ. 

නව චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දකුණු අප්‍රිකාවේ මෙම ක්‍රියාන්විතය සිදු කරන ලද අතර, එය මේ වන විට ප්‍රේක්ෂකයින් මවිතයට පත් කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලොව පුරා සිනමා ශාලාවල ඩොලර් මිලියන 389ක දැවැන්ත ආදායමක් ද ලබාගෙන ඇති බවය . 

රසිකයින්ගේ ප්‍රියතම ‘Mission: Impossible’ චිත්‍රපට මාලාව 1996 දී ටොම් කෲස් ප්‍රථම වරට රහස් නියෝජිත ඊතන් හන්ට් ලෙස රඟපෑමට එක්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved