අධ්‍යක්ෂවරයෙක් හා ජනප්‍රිය නළුවකු වන බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කළ රවී රොද්‍රිගු නිෂ්පාදනය කළ “සැප්තැම්බර්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා බත්තර මුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී එළි දක්වනු ලැබීය.
මේ බුද්ධිකගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඔහු මෙහි අධක්ෂකවරයා ලෙස කටයුතු කරමින් රංගනයෙන්ද දායකවීම විශේෂිතය.
2006දී දේදුනු වැස්ස බුද්ධික අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි.
නදීෂා හේමමාලි මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන අතර, ප්‍රවීන නළු සනත් ගුණතිලක, සචිනි අයේන්ද්‍රා, අශාන් ඩයස් හා මිලින්ද මඩුගල්ලේ ඇතුළු නළු නිළි පිරිසක් මෙයට දායක වී ඇත.
සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ යන දෙදෙනා විසින් “සැප්තැම්බර්” හි තිර පිටපත රචනා කර තිබේ.
මේ චිත්‍රපටයේ රූගත කිරීම් මසක් පමණ කෙටිකාලයකින් අවසන් කිරීමට සම්බන්ධීකරණ කළමනාකාරිනිය ලෙස බුද්ධිනී ජයවර්ධන ගේ සහයද අධ්‍යක්ෂ බුද්ධික ජයරත්න පූර්ව ප්‍රචාරක පටය මුදාහැරීමේ උත්සවයේදී අගය කළේය.
“ආදරය හින්දාම මරණය තෝරගන්න පිරිමි ඉන්නවා… ආදරය හින්දම බිහිසුනුම දේවල්වලටත් සැහැල්ලුවෙන් මුහුන දෙන පිරිමි ඉන්නවා.. මේ දෙකම වෙන්නෙ හුඟක් වෙලාවට පිරිමියෙක්ට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැතිවෙනකොට..දරු සෙනෙහස ළඟ තාත්තා කෙනෙක්ගෙ ආදරය මොනතරම් පරිත්‍යාගශීලිද කියලා කියන්න“ මේ නිර්මාණයෙන් දැකගත හැකි බව බුද්ධික ජයරත්නගේ අදහසයි.
ඡායාරූප – 𝐒𝐚𝐧𝐝𝐚𝐦𝐚𝐥𝐢 𝐖𝐢𝐦𝐚𝐥𝐚𝐬𝐞𝐧 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲