Connect with us

කලා

DAVID LYNCH’ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම අද තරංගනී යේදී

Published

on


අමෙරිකාවේ අතිවිශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකයෙක්, දෘශ්‍ය කලාකරුවෙක්, සංගීතඥයෙක් සහ නළුවෙක් වන DAVID LYNCH වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රත්‍යාවලෝක සිනමා දැක්මක් සිදුකිරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව අද (30) දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී DAVID LYNCH’ ගේ චිත්‍රපට ත්‍රිත්වයක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඊට සමගාමීව හෙට (31) දින සිනමා අධ්‍යාපන වැඩමුළුවක් ද පැවැත්වීමට සැළසුම් කර ඇත.

DAVID LYNCH නමැති නිර්මාණකරුවා “දූරදර්ශී” චරිතයක් ලෙස කලා ලෝකය තුළ ප්‍රකට අතර බොහෝ විට ඔහුගේ නිර්මාණ අධියථාර්ථවාදී සහ පර්යේෂණාත්මක ගුණාංගවලින් කැපී පෙනෙන අතර දශක පහකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ඇකඩමි සම්මාන ඇතුළු බොහෝ සම්මානයන් හිමිකරගැනීමට ඔහු සමත් විය.

එම අති විශිෂ්ඨ කලාකරුවාගේ දැවැන්ත නිර්මාණ ත්‍රිත්වයක් මෙලෙස ජාතික චිත්‍රපට සංස්ථාව විසින් හෙට දින ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඒ අනුව අද  (30) පෙරවරු 10.00ට Lost Highway (1997) චිත්‍රපටය, ප.ව 1.00ට Inland Empire (2006) චිත්‍රපටය සහ ප.ව 5.00ට Mulholland Drive (2001) යන චිත්‍රපට ත්‍රිත්වය එලෙස ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඊට සමගාමීව සිදුකෙරෙන සිනමා අධ්‍යාපන වැඩමුළුව හෙට දින පෙ.ව 9.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කලා

ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!

Published

on

By

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා (Shefali Jariwala) පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුනේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ඇගේ මරණයට හේතු වී ඇති බවය.

ඇගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සවස මුම්බායි හිදී සිදු කළ අතර පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් රැසක් ඒ සඳහා එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා අතර විය.

කෙසේ වෙතත් ෂෙෆාලිගේ හදිසි මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදී ප්‍රධාන තොරතුරු කිහිපයක් මේ වනවිට මතුව ඇතිබව විදෙස් මාධ්‍ය විසින් මේ වනවිට අනාවරණය කරන නවතම තොරතුරු අතර වේ.

මූලාශ්‍රවලට අනුව, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, සාක්ෂි සහ මූලික අධිකරණ වෛද්‍ය තොරතුරු මත පදනම්ව පොලිසිය වැදගත් තොරතුරු රැස් කරගෙන ඇති බව සදහන්ය.

අනාවරණිත තොරතුරු අනුව මෙම සුරූපි රංගන ශිල්පිනිය පසුගිය වසර  7 – 8 පමණ කාලයක් පුරාවට වයසට යෑම පමාකරන ඖෂධ (Anti – Aging Medicine)  භාවිතා කර තිබේ. ජුනි 27 වන දින (ඇය මියගිය දින ) නිවසේ පූජාවක් පැවති අතර, ඒ නිසා ෂෙෆාලි උපවාසයේ යෙදී සිටි ඇති අතර එසේ තිබියදීත්, ඇය එදින දහවල් වයසට යාම වැළැක්වීමේ ඖෂධ ලබාගෙන ඇති බව සඳහන්ය. 

මෙම ඖෂධ වසර ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු විසින් ඇයට උපදෙස් දෙන ලද අතර එතැන් සිට ඇය සෑම මසකම මෙම ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ දක්වා සිදුකල පොලිස් විමර්ශනයේදී, මෙම ඖෂධ නිසා ඇයට හෘදයාබාධය ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

පරීක්ෂණයේ කොටසක් ලෙස අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිවසින් විවිධ ද්‍රව්‍ය එක්කාසු කරගෙන ඇති අතර වයසට යෑම වළක්වන පෙති, විටමින් අතිරේක සහ ආමාශයික පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් ඇගේ නිවසින් මෙලෙස සොයාගත් බව මාධ්‍ය වාර්තා අතර වේ.

ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම පරීක්ෂණ කටයුතු වලදී මේ වන විට,  පවුලේ සාමාජිකයන්, ගෘහ සේවිකාවන් සහ බෙල්වියු රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුගේ ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

කලා

සුවිශේෂී ශ්‍රී ලාංකීය වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වේ

Published

on

By

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබේ.

ඒ ශ්‍රී ලාංකීය භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු ලෙස පිළිගැනීමක් සනිටුහන් කරමිනි.

නව ඇතුළත් කිරීම් අතරට “asweddumize”  යන වචනය ඇතුළත් වේ. එය සිංහල භාෂාවේ නිරන්තරයෙන් භාවිත වන වචනයක් වන අතර කෘෂිකර්මාන්තයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රයන්හි භාවිත වේ. ප්‍රථම වරට 1857 දී ලේඛනගත කරන ලද එය නැවත ඇගයීමට ලක් කරන ලද අතර අවසානයේ දේශීය විද්වතුන් විසින් දශක ගණනාවක බලපෑම් කිරීමෙන් පසුව සිංහල එකතු කර තිබේ. 

 “කොත්තු රොටි” (kottu roti)  , යන වචනයද මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් කර තිබේ. එය අර්ථ ගන්වා ඇත්තේ කැඩුණු රොටි, මස්, එළවළු සහ කුළුබඩුවලින් සාදන ලද වීදි ආහාර කෑමක් වන අතර එය වඩාත් ජනප්‍රිය වන්නේ ආහාරය සැකසීමේදී එන රිද්මයානුකූල හඬ නිසාය. ලෙසය.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය විසින් සිංහල සම්භවයක් ඇති “මැල්ලුං” (mallung) යන වචනයද මේ සඳහා ඇතුළත් කර තිබේ. එය පොල් සහ කුළුබඩු සමඟ මිශ්‍ර කර සැහැල්ලුවෙන් පිසින ලද ආහාරයක් ලෙස් අර්ථගන්වා ඇත.

“කිරිබත්” (kiribath) යන වචනයද මෙම ශබ්ධකෝෂයට ඇතුළත් කර ඇති අතර එය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායිකව අනුභව කරන පොල් කිරි සහ සහල් යොදා සකසන ආහාරයක් ලෙස අර්ථ නිරූපණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැමරුම් අගයමින්, ශබ්දකෝෂයේ සඳහා “අවුරුදු” (Avurudu) යන වචනයද ඇතුළත් කර තිබේ. අප්‍රේල් මාසයේ සමරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, සාම්ප්‍රදායික ආහාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රීඩාවලින් සමන්විතය යන පැහැදිලි කිරීම ඒ වෙනුවෙන් සඳහන්ය.

පොල් කිරි, හකුරු සහ කුළුබඩුවලින් සාදන ලද මුස්ලිම් උත්සව අතුරුපසක් වන “වටලප්පම්” watalappam යන වචනයද,

පෘතුගීසි ආභාෂය සහිත සංගීත ප්‍රභේදයක් වන “බයිලා” (baila) සහ ක්‍රිකට් තරඟවලදී බොහෝ විට ඇසෙන සංගීත ශෛලියක් වන “පපරේ” (papare) යන වචනයද  ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය වෙත ඇතුලත් කර තිබේ.

“වලව්ව” (Walawwa) යන වචනයද මීට ඇතුළත් වන අතර එහිදී ශ්‍රී ලංකාවේ වතුයායක ප්‍රධාන නිවස, මන්දිරය යන අදහස ඉන් සඳහන්වේ.

“ඔසරිය” (Osari) යන්නද මීට අන්තර්ගත කර ඇති අතර සිංහල කාන්තාවන් පැළදින සාම්ප්‍රදායික සාරි වර්ගයක් යන්න ඉන් විස්තර කරයි.

Continue Reading

කලා

ෂැංහායි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ‘රිවස්ටන්’ වෙත සම්මාන 2ක්

Published

on

By

ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ ලාංකීය සිංහල චිත්‍රපටය, චීනයේ 27වන ෂැංහායි ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදෙස් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ.

ආසියානු නව හැකියාවන් : හොඳම තිර රචනයට (Asian New Talent Best Screenplay) හිමි සම්මානය, මෙහි අධ්‍යක්ෂක ලලිත් රත්නායක හා නිලන්ත පෙරේරා හටද,  ආසියානු නව හැකියාවන් : හොඳම කැමරාකරණයට (Asian New Talent Best Cinematography) හිමි සම්මානය මෙහි කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රොශාන් හට ද හිමිවිය.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, නිමන්ති පෝරගේ ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් රඟපෑ රිවස්ටන් සිනමාපටය ළඟදීම මෙරට තිරගත වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved