කලා

ජනප්‍රිය ළමා ගායක ඇරොන් කාටර් මියයයි

Published

on

පොප් හා රැප් ගායක – ඇරොන් කාටර් මියගොස් ඇතැයි වාර්තා වේ.

බැක්ස්ට්‍රීට් බොයිස් සංගීත කණ්ඩායමේ නික් කාටර් ගේ බාල සහෝදරයා වන ඇරොන්, මිය යන විට 34 වියේ පසුවිය.

විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ ඔහු, කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ බාත්ටබ් එක තුළ මියගොස් ඇති බවයි.

කෙසේවෙතත්, ඔහුගේ මරණයට තවමත් හේතු සොයාගෙන නැත.

අතිසාර්ථක ළමා පොප් තරුවක් ලෙස සිය කලා දිවිය ඇරඹූ ඇරොන්, පසුකාලීනව රැප් සංගීතයට යොමුවිය.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම වැනි කරුණු හේතුවෙන් පෞද්ගලික ජීවිතයේ ගැටළු ඇති කරගත් ඇරොන්, 2013දී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට පෙත්සමක්ද ගොනු කර තිබුණි.

Trending

Exit mobile version