විශේෂාංග
‘අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.’
Published
1 year agoon
By
editor
ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ (Central Asian Flyway) ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කුරුලු පරාදීසයකි. කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත. මන්නාරම ශ්‍රී ලංකාවට කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයකි.
ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධති දක්නට ලැබෙන, ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයකි. එබැවින් මන්නාරමේ නව සුළං බලාගාර ව්‍යාපෘතිය කුරුල්ලන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙස ලඝු කළ නොහැක.
නමුත් එම වටිනාකම් නොසලකා, සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමා සහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වේ.
‘මන්නාරමේ කුරුල්ලෝ මිලියනයක් විතර නතර වෙනවා’

මේ ගැටලුව දැන් කරලියට පැමිණ තිබෙන්නේ අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය අනුමැතිය ලබා දීම සඳහා සකස් කළ පරිසර ඇගයීම් වාර්තාව (EIA – Environmental Impact Assessment) මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රසිද්ධ කර මාර්තු 06 වැනිදා තෙක් මහජන අදහස් සඳහා විවෘත කර ඇති බැවිනි. නමුත් නැගෙන චෝදනා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙන්ම පරිසර ඇගයීම් වාර්තාව සකස් කල විශේෂඥ කමිටුව ප්‍රතික්ෂේප කරති.
”ලංකාවට එන කුරුල්ලන්ගෙන් මිලියනයක් විතර ඔක්තෝම්බර් සිට මාර්තු අතර කාලයේ මන්නාරමේ නතර වෙනවා. නමුත් සංක්‍රමණික කුරුල්ලෝ නැති කාලයක අධ්‍යනයක් කරලා ඒකෙන් සංක්‍රමණික කුරුල්ලන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා මේ වාර්තාවෙන් කියනවා. ඒක බරපතල තාක්ෂණික වැරද්දක්. දෙවැනි කාරණය මේ වාර්තාව හදපු අය උදේ 6 ඉඳන් හවස 6 වෙනකං දවල්ට කැලේ ඇවිදලා තමයි තොරතුරු රැස්කලා කියන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා අපි විද්‍යාත්මකව පෙන්නලා දීපු කාරණයක් තමයි සංචාරක කුරුල්ලෝ දහස් ගාණක් පියාඹන්නේ රෑට. සමහර විට එක රංචුවේ කුරුල්ලෝ ලක්ෂ දෙකහමාර, ලක්ෂ හතර ඉන්නවා. ඉතිං දවල්ට කැලේ ගිහිං රෑට අහසේ පියාඹන කුරුල්ලෝ ගැන කියන්නේ කොහොමද? යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න BBC සිංහල සේවයට පැවසුවේය.

”අනික් විහිළුව මේකේ කියනවා කුරුල්ලන්ට යන්න කොරිඩෝවක් ඇඳලා තියෙනවා. ඒකෙ දිගේ යන්න නම් හැරෙන තැන්වල බෝඩ් ගහලා තියෙන්න ඕනා. අදානිගේ මැප් එකයි EIA වාර්තාවයි සමපාත කළහම පේනවා කොරිඩෝව මැද්දේත් සුළං මෝල් තියෙනවා. අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්නත් පුරුදු කරන්න වෙනවා. මේක ඇඳලා තියෙන්නේ මෙතන කොහොම හරි සුළං මෝල් ව්‍යාපෘතියට අවසර දෙන්න කියලා පේනවා.” යනුවෙන් මහාචාර්ය සම්පත් සෙනවිරත්න වැඩිදුරත් කියා සිටියේය.
කුරුලු පාරාදීසයක් බවට පත්ව ඇති මන්නාරම දූපත සහ ඒ අවට කලාපයේ පරිසර විද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට ගෙන ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානයක් ලෙස ද, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් ලෙස ද, වන්කලෙයි අභය භූමිය අන්තර්ජාතික වශයෙන් වැදගත් රැම්සා තෙත් බිමක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත.
එහෙත් ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමටත් වෙඩිතලතිව් රක්ෂිත තත්ත්වයෙන් නිදහස් කිරීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති පසුබිමක සුළං බලාගාර ව්‍යාපෘතිය කරලියට පැමිණ තිබේ.

අදානිගේ මේ ව්‍යාපෘතිය කුමක් ද?
යෝජිත මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය (අදියර II) යටතේ මෙගා වොට් 250ක ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර අලුතින් සුළං ටර්බයින් 52ක් ස්ථාපිත කෙරේ. පරිසර ඇගයීම් වාර්තාවේ දැක්වෙන පරිදි දැනට ක්‍රියාත්මක තම්බපවනි සුළං බලාගාරයට සමාන්තරව, මන්නාරම දූපතේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නව සුළං ටර්බයින් ස්ථානගත කෙරේ.
වාර්ෂිකව ගිගාවොට් පැය 1048ක විදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කෙරේ. එමගින් වාර්ෂිකව හරිතාගාර වායු මෙට්‍රික් ටොන් මිලියන 0.8කින් අඩු කෙරෙන අතර වාර්ෂිකව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 18ක ඉතිරියක් වන බවට ගණන් බලා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2014 අප්‍රේල් 17 වැනි දින අංක 1852/2 දරණ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ‘බලශක්ති සංවර්ධන ප්‍රදේශය තුළ’ හෙක්ටයාර 202ක භූමි ප්‍රදේශයක් තුළ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

රජයේ නියාමන ආයතනයක් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොම ද?
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. ඔවුන් මේ සඳහා කර ඇති මැදිහත්වීම නීති විරෝධී බව ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.
”මෙතන වැරදි තුනක් වෙනවා. හරිනම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව (EIA) එක කරලා ඒක අනුවයි හරි තැනක් තෝර ගන්න ඕනා. නමුත් මෙතන විකල්ප ස්ථාන හඳුනා ගැනීමකින් තොරව මන්නාරම මුලින් තෝරාගෙන බොරුවට EIA එකක් කරන්නේ. පරිසර පනතේ හැටියට ඒ විකල්ප ස්ථාන හඳුනා ගැනීම මෙතන දී සිද්ධ වෙලා නෑ. දෙවැනි කාරණය ව්‍යාපෘති පාලනය කරන රජයේ නියාමන ආයතනයක් වෙච්ච ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙතන දී අදානි වෙනුවෙන් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොමද කියන එක. තුන්වෙනි කාරණය එහෙම ව්‍යාපෘති යෝජකයා විදියට අරගෙන තුන්වැනි පාර්ශවයකට දෙනවා නම් ඒ ක්‍රමවේදය මොකක්ද කියන එක. එහෙනම් අයදුම්පත් කැඳවලා සුදුසුම කෙනා තෝරගෙන කළ යුතුයි. දැන් අදානිව කලින්ම තෝරාගෙන එයාට දෙන්න මේක කරනවා නම් ඒක බලවත් විෂමාචාරයක්.” යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය.
‘නීතිය මම දන්නේ නැහැ ඉන්ටර්ප්‍රිට් කරන විදිය’
නියාමන ආයතනයක් ලෙස කටයුතු කරන රජයේ ආයතනයක් ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කිරීමේ නීතිමය පසුබිම කුමක්දැයි අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාලගෙන් ද විමසීමක් කළෙමු.
නමුත් ඔහු එහි නීතිමය තත්ත්වය පැහැදිලි කරනු වෙනුවට ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ වැදගත්කම විස්තර කළේය.
”නීතිය මම දන්නේ නැහැ ඉන්ටර්ප්‍රිට් කරන විදිය. අපි ඇප්ලිකේෂන් එකක් දැම්මම අපි තමයි ව්‍යාපෘති යෝජකයා. එකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඒ ව්‍යාපෘතිය අපේ අධිකාරියෙන් කරනවා කියලා. අපි කරන්නේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන සියලු අනුමතින් අරන් දෙන එක. එහෙම කරන්නේ ආයෝජකයෙක් ඇවිත් මේවා ඩිවලොප් කරන්න ගියොත් අවුරුදු දෙක තුනක් යනවා. එතකොට ආයෝජකයෙක් ඉන්නේ නැහැ. ‘රෙඩි ටූ ඉන්වෙස්ට්’ කියන පදනම යටතේ තමයි අපි මේක කරන්නේ. එකේදී අපෙන් යම් මුදලක් වියදම් වුණා නම් ඒක අයකර ගන්නවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය.” යන්න ඔහුගේ පිළිතුර විය.

‘සුළං බලාගාරවල කුරුල්ලෝ වදිනවම තමයි’
මේ ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව පිලියෙල කර තිබෙන්නේ රමණි ඇල්ලේපොලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමියුවක් විසිනි. කුරුල්ලන් හා සතුන්ට වන බලපෑම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙවක වීරකෝන්, ශාක වලට වන බලපෑම ආචාර්ය හිමේෂ් ජයසිංහ, ජලජ පරිසරයට වන බලපෑම ඩී.ඒ.ජේ රන්වල යන සලකා බලා තිබේ. විශේෂඥයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකක් මේ සඳහා දායක වූ බව දැනගන්නට තිබේ.
පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානි රමණි ඇල්ලේපොල BBC සිංහල සේවය කළ විමසීමක දී මෙසේ පැවසුවාය.
”අපි අදානිට ඕනා සැලැස්ම අනුමත කළා කියන්න බෑ. අපි පරිසර තත්වයන් බලලා සමහර ටර්බයින් ඉවත් කළා. ඒ වගේම ඇතැම් ටර්බයින් ස්ථාපිත කළ තැන වෙනස් කළා.”
මේ අතර මහාචාර්ය දේවක වීරකෝන් පවසන්නේ 2017 සැප්තැම්බර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ සංක්‍රමණ සමය ඇතුලත් වන පරිදි කුරුල්ලන් ගැන අධ්‍යනය සිදු කළ බවයි. නමුත් රාත්‍රී කාලයේ කුරුල්ලන් අධ්‍යනය නොකළ බව ඔහු තහවුරු කළේය.
”රෑට කුරුල්ලෝ කළුවරේ දකින්න තියෙන සමභාවිතාව අඩුයි කළුවරේ හින්දා. අනික අපි ටෙස්ට් රන් වගයක් කළාම අපිට ලොකු මුමන්ට් එකක් පෙනුනේ නැහැ. අපි එකතු කරපු දත්ත සහ පේස් වන් එකේ දත්තයි අනුව මොඩල් එකක් රන් කරලා තමයි මේ වාර්තාව සකස් කළේ. සුළං බලාගාරවල කුරුල්ලෝ වදිනවම තමයි. අපිට බින්දුවට ගේන්න බෑ. කුරුල්ලෝ වදින එක අඩු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ” යනුවෙන් මහාචාර්ය දේවක වීරකෝන් සඳහන් කළේය.

‘මන්නාරමේ ජල ගැටළුවක් වගේම ගංවතුර අවදානම වැඩිවෙයි’
තම්බපවනි නමින් දැනටමත් මන්නාරමේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයක් ක්‍රියාත්මක වේ. එය ඉදි කිරීමේ දී ද මෙවැනිව පරිසර බලපෑම් තක්සේරුව් වාර්තාවක් සකස් කරන ලදී. නමුත් එම බලාගාරය නිසා සිදුවන කුරුලු මරණ සංඛ්‍යාව ඇස්තමේන්තු කළ අගයට වඩා වැඩිය. එම බලාගාරයේ ටර්බයින් ස්ථාපිත කර තිබෙන්නේ වෙරළ ආසන්නයේ එක් සීමාවක ය. නමුත් අදානි සමාගමේ ව්‍යාපෘතිය නිසා මන්නාරම දූපතේ විශාල වපසරියක ටර්බයින් ක්‍රියාත්මක වන බැවින් ඉන් සිදුවිය හැකි හානිය වැඩි බව පරිසරවේදීහු පවසති.
යෝජිත සුළං බලාගාරයේ එක් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය මීටර් 27ක විස්කම්භයක් සහිත ප්‍රදේශයකි. එමෙන්ම සෑම ටර්බයිනයක් වෙතම මීටර් 17ක් පළල ප්‍රවේශ මාර්ගයක් සාදනු ලැබේ. එලෙස මාර්ග ඉදි කිරීමේ දී ස්වභාවික ජලවහන රටාවට බාධා සිදු වීම නිසා මන්නාරමේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පෙන්වා දෙයි.
”අපි ගියපාර සුළං බලාගාර හදනකොට හඳුනාගෙන තිබුණේ නෑ මන්නාරමේ ගංවතුර ඇතිවෙයි කියලා. නමුත් පාරවල් දැම්මට පස්සේ ගංවතුර ආවා. දැන් මේ EIA එකේ හඳුනාගෙන තියෙනවා ස්ථාන හතඅටක්ම ගංවතුර ගලන ස්ථාන විදියට. මන්නාරමේ ගොඩක් තැන්වල වියළි ස්ථාන තියෙන්නේ. වතුර තියෙන තැන් තමයි මිනිස්සු බීමට ගන්නේ. අපි අනවශ්‍ය විදියට ඒ පරිසරය වෙනස් කළොත් මන්නාරමේ ජීවත්වෙන 70,000කට විතර වතුර නැති වෙනවා. ඊට අමතරව සුළං පෙතිවල සෙවනැළි බලපෑම තදින් දැනෙන්න පුළුවන්.” යනුවෙන් ඔහු කියා සිටියේය.
පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මගින් හඳුනාගෙන ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ඔවුන් සකස් කළ වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියට ගොස් එය ඕනෑම කෙනෙකුට සිංහල , ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් කියවීමට මෙන්ම බාගත කර ගැනීමට හැකියාව ඇත. එමෙන්ම ඒ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ නම් මාර්තු 06 වැනිදාට පෙර [email protected] විද්‍යුත් තැපෑලට යොමු කළ හැකිය.

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.
මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .
1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.
නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.
දයාබර පත්තර මල්ලි වෙත
අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා.
ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්.
මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.
ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්.
ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.
අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා.
කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු.
හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.
ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු .
එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති.
නුවන් ජූඩ් ලියනගේ .
ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .








“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…
ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.
අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”
මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.
ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.
78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.
ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.
5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.
ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.
1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.
1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.
ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.
ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.
මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන
ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.
නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.
ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.
“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.
‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’
බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.
1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම
බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.
ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.
සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.
පයිලට් ප්‍රේම්නාත්
ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.
එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.
මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය
පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.
‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.
මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන
ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.
- 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
- 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
- 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
- රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
- ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014
ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.
ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.
ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.
“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.
“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”
“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.
“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”
“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.
මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.
මූලාශ්‍රය – BBC

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්
