Connect with us

විශේෂාංග

අලුත් කාම රැල්ලක් ඇවිත්

Published

on

ලිංගිකත්වය සඳහා ඇති නැඹුරුව සහ ලිංගික ආශ්වාදය සඳහා කැමැත්ත හුදෙක් මානව වර්ගයා තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එය ඉතා සාමාන්‍ය ස්වභාවක් වන අතර එහි අරුමයක් නොමැති බව ඉඳුරාම කිව හැකිය. එහෙත් ශිෂ්ඨ සම්පන්න ලෝකයේ ලිංගික ආශ්වාදය පිළිබඳ පිළිගත් නීති සහ රීති සමූහයක් වේ. එම නිතීරීති මානව වර්ගයා විසින් ආරක්ෂා කළයුත්තේ සිය වර්ගයාගේ සාමාජීය පැවැත්ම තහවුරු කර ගැනීමේ අභිලාෂයෙනි.

එහෙත් කලින් කලට එකිනෙකට වෙනස් ස්වරූපයෙන් සාමජය ආක්‍රමණය කරන කාම රැලි මානව වර්ගයාගේ සාමාජීය පැවැත්ම අභියෝගයට ලක්කරයි. අප අනාවරණය කිරීමට සැරසෙන්නේ එවන් වූ කාම රුල්ලක් පිළිබඳ තොරතුරකි. මෙය රහසේම ශ්‍රී ලාංකික සමාජය කෙරෙහි දැඩි බලපෑම්ක් එල්ල කරමින් සිටින කාම ව්‍යාපාරයකි.

සජීවී ලිංගික දර්ශනය රුගත් කැම් ෂෝ (Cam Show) පිළිබඳ මේ වනවිටත් බොහෝ දෙනකු අසා ඇතුවාට සැක නැත. සජීව කැමරාවක් ඔස්සේ සම්බන්ධ වෙමින් බලා සිටින පුද්ගලයාට ආශ්වාදයක් සැපයීම මේ හරහා සිදුවේ. ලොවපුරා අසැබි වෙබ් අඩවි මෙය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යන අතර නිල් චිත්‍රපට කර්මාන්ත ආශ්‍රිත නිරූපණය ශිල්පීන්, ශිල්පිනියන් හෝ ලිංගින ශ්‍රමිකයෝ මේ හරහා ආදයම් උපයා ගනිති.

මේ වනවිට ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවිවල නිල වශයෙන් ලියාපදිංචි වී Cam Show සිදුකරන ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක්ද සිටිති. ශ්‍රී ලාංකික සමාජය තුළ මෙවන් මාතෘකා ප්‍රසිද්ධියේ කතා නොකිරීමත්, ලිංගික ශ්‍රමය සම්බන්ධ විධිමත් සමීක්ෂණයන් සිදු නොවීමත් හේතුවෙන් බහුතරයක් දෙනා මෙම තොරතුරු නොදනිති. යූටියුබ් ආදී සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා මුදල් උපයන ආකරයට සමාන අයුරකින් ප්‍රසිද්ධ වෙබ් අඩවි හරහා මෙම ලිංගික නිරූපණයන්ට මුදල් ගෙවීම සිදුකරයි.
ඊට අමතරව මුහුණු පොතේ සජීවී විකාශනයන්ට (Facebook Live Stream) මුදල් ගලා එන ආකාරයටද මෙහිදී ඉපයීම් කිරීමට හැකියාවක් තිබේ. මුහුණු පොතේ සජීවී විකාශනවලදී තරු ලබාගන්නා ආකාරයට, නරඹන්නන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ඔවුනට ආශ්වාදය සපයමින් මාර්ගගත ක්‍රමයට මුදල් ඉපයීම මෙම වෙබ් අඩවි තුළදීද සිදුවේ.

මේ වනවිට මුළු මහත් ලෝකයම නියමයෙන් නැතත්, අනියමින් මෙම ලිංගික ශ්‍රම වෙළඳපළ අනුමත කර ඇති බවක් පෙනී යයි. එම නිසාම ඇතැම් වෙබ් අඩවි ස්වකීය ආචාර ධර්ම පද්ධතිය ආරක්ෂා කර ගැනීමට උත්සුක වේ. වයස පිළිබඳ සැලකිලිමත් වීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ආදී කරුණු පිළිබඳ එහිදී ඔවුන්ගේ අවධානය යොමු වේ. එහෙත් ඇතැම් වෙබ් අඩවිවල ඒ කිසිවක් නොසලකා සාපරාධී ලෙස මෙම කටයුතු සිදුවනු දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉඳුරාම භයානක බව අප මුලදී සඳහන් කළේ බැවිනි. ශ්‍රී ලංකාවේ කැම් ෂෝ (Cam Show) අති බහුතරයක් සිදුවන්නේ ටෙලිග්‍රූම් (Telegram) සමාජ මාධ්‍ය වේදිකාව භාවිතයෙනි. ටෙලිග්‍රූම් හරහා සජීවීව ලිංගික දර්ශනය විකාශය කරන කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වන බව අප කළ නිරීක්ෂණ අනුව පැහැදිලිව පෙනී ගියේය.

ශ්‍රී ලංකාව තුළ ටෙලිග්‍රූම් මේ වනවිට වෙනම කාම ලෝකයක් නිර්මාණය කර ඇතැයි කීම වඩාත් උචිතය. කැම් ෂෝ පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙනම චැනල සහ ග_ප් රාශියක් මේ වනවිටත් ඒ තුළ නිර්මාණය වී හමාරය. Cam Show සිදුකරන තරුණියන් සිය පැකේජ මෙම ගෲප් තුළ බෙදාහැර කර තිබේ. බහුතරක් දෙනා මුහුණ නොපෙන්වා සිය සංදර්ශන සිදුකරනමුත් සිය මුහුණද පෙන්වා ප්‍රසිද්ධියේ සජීවී ලිංගික සංදර්ශන පත්වන පිරිස්ද මේ අතර සිටිති.

මෙම පැකේජ දෙස බැලූවිට පෙනී යන්නේ සජීවී දර්ශන කාලය සහ ප්‍රදර්ශනය කරන ලිංගික අවයව සහ ලිංගික ක්‍රියාකාරකම් අනුව මිල ගණන් වෙනස් වන බවකි. සාමාන්‍යයක් ලෙස රුපියල් 500යේ සිට රුපියල් 5000ක් දක්වා පැකේජ ටෙලිග්‍රූම් වේදිකාව තුළ වේ. ඊසී කෑෂ්, දුකථන පෙරගෙවුම් කාඩ්පත් මුලදී මෙම ගනුදෙනු සඳහා භාවිත වී ඇති මුත්, මේ වනවිට ප්‍රසිද්ධ බැංකු ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදුවේ.

කෙසේ වෙතත් මුදල් ගනුදෙනුවලදී ඇතැම් පිරිසක් වංචනිකයන්ට හසුව ඇති බවද මෙම සමූහ නිරීක්ෂණයේ පෙනී යයි. එහෙත් එවැන්නන් හට වංචාවන්ට එරෙහි මෙහිදී ගතහැකි ක්‍රියා මාර්ගයක් නැත. කෙසේ වෙතත් සමස්තයක් ලෙස සැලකීමේදී Telegram Cam Show ව්‍යාපාර තුළ දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ගනුදෙනු සිදුවේ.

දැනට ශ්‍රී ලංකාව තුළ පවතින නීතියට අනුව අසැබි දසුනක් නිර්මාණය හෝ ඒවාට පෙනී සිටීම වරදකි. ඒ අනුව ක්‍රමිකව ගොඩනැගෙන මෙම කර්මාන්තය නීත්‍යානුකූල නොවන බව අවධානය කළ යුතුය. ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සදාචාරය විෂයෙහිද මෙය අහිතකර තත්ත්වයකි.

සදාචාරවාදී කෝණයෙන් බැහැරව බැලීමේ පවා Telegram Cam Show අහිතකර බලපෑමක් බව ඇතිකරන බව පැහැදිලි කිවයුතුය. මෙම ලිංගික ශ්‍රමය අලෙවියේ කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් නොවේ. අප කළ සොයාබැලීම්වලට අනුව මුහුණු වසාගෙන මෙලෙස නිරුවත විකුණන ඇතැම් තරුණියන් ඉතා හොඳ සමාජ පසුබිමක් සහිත පවුල්වල දරුවන්ය. ඔවුහු පහසුවෙන් මුදල් සෙවීම අරමුණු කරගෙන මෙම ලිංගික වෙළඳාමට පෙළඹී සිටිති.

ඇතැම්හු උසස් අධ්‍යාපනය හදාරමින් සිටිති. තවත් අය විවාහකය. සිය කාමර තුළ මුළුගැන්වී ඔවුන් පවත්වන ලිංගික සංදර්ශන පිළිබඳ මාපියන්, ස්වාමිපුරුෂයන්, පෙම්වතුන් පවා නොදනිති. ලේසි මුදල් සෙවීමේ අභිප්‍රාය ඔවුන්ගේ ජීවිත ඛේදවාචකයක් කරා රුගෙන යමින් සිටී.

දරිද්‍රතාවය හේතුවෙන් මෙම කැම් ෂෝ ලෝකය අවතීර්ණ වූ අයද වන බව මෙහිලා සඳහන් කළ යුතුය. විවිධ ආර්ථික දුෂ්කරතාව හේතුවෙන් ඔවුහු මීට පෙළඹී සිටිති. ඇතැම් අවස්ථාවලදී විදේශයන්හී රුඳී සිටින අතරේ මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇති කාන්තාවන් පිළිබඳවද තොරතුරු හෙළිවේ. ඊට අමතර මත්ද්‍රව්‍ය ආදී දුරාචාරයන්ට ඇති නැඹුරුවද, ප්‍රදර්ශන කාමය වැනි මානසික තත්ත්වයක්ද මෙම ලිංගික සංදර්ශන ව්‍යාපාර ගොඩනැගීම පසුපස තිබේ.

මේ අතර මෙම දර්ශන පටිගතකොට විකුණන තැරුව්කරුවන් පිරිසක්ද ටෙලිග්‍රූම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ නිර්මාණය වී ඇත. සිංහල බසින් සිදුවන සංවාද රුගත් මෙම අසැබි දසුන් අලෙවිය ඔවුන් විසින් සිදුකරගෙන යන්නේ ජාවාරමක් පරිද්දෙනි. තවද සෘජුව ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සඳහා ටෙලිග්‍රූම් මෙරට තුළ ප්‍රචාරක සහ සංනිවේදන මාධ්‍යයක් ලෙස භාවිත වෙමින් ඇති බව නිරීක්ෂණ වේ.

කෙසේ වෙතත් ටෙලිග්‍රූම් කාම ලෝකය තුළ Cam Show යනු එක් අංගයක් පමණි. ඊට අමතරව ලිංගිකත්වය සම්බන්ධ විවිධ මානසික ව්‍යාධි සහිත වූවන්ට මෙය සුරපුරක් වී තිබේ. අතීතයේ අප්‍රකටව පැවැති බිරින්දෑවරුන් හුවමාරු කරගැනීම ආදී සමාජ සම්මතයට විරෝධී ක්‍රියාකාරකම් මෙහි එළිපිට සිදුවේ. භාවිත කළ කාන්තා යට ඇඳුම් පවා ඇතැම් ටෙලිග්‍රූම් සමූහ තුළ අලෙවි වන බව නිරීක්ෂණ විය.

බිරිඳට පෙම්වතියට රහසේ ඔවුන්ගේ ඡායාරූප වීඩියෝ ගෙන මෙම ටෙලිග්‍රූම් මාධ්‍ය භාවිතයෙන් ඒවා හුවමාරු කරගන්නා පිරිසක්ද මෙහි සිටිති. තවත් මෙහි දැක ගතහැකි භයානක තත්ත්වයක් නම් දරුවන් භාවිතයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ පට සහ ස්ත්‍රී දූෂණ සිදුකරන වීඩියෝ පට පවා Telegram තුළ අලෙවි වීමයි.

සමස්තයක් ලෙස ගත් කළ නිර්මාණය වෙමින් පවතින මෙම ප්‍රවණතාවන් ඉතා විනාශකාරී බව අවසානයේ සඳහන් කළ යුතුය. බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ පිළිබඳ යොමුවීම අතිශය වැදගත් වේ. මෙවන් දෑට සදාචාර සීමා මායිම් මත පිහිටා පහර ගැසීම අප අරමුණ නොවේ. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමද අපගේ රාජකාරියක් නොවේ.

සමාජීය යහපැවැත්ම සඳහා අපි මෙම තොරතුරු අනාවරණය කළෙමු. නීතිය ක්‍රියාත්මක කිරීම උපදේශනය හෝ නියාමනය වගකිවයුත්තන්ට භාරය. අපි අවධානයෙන් සිටිමු.

(දේශය)

විශේෂාංග

වැලන්ටයින් කථා වස්තුව

Published

on

By

අද (14) “ආදරවන්තයින්ගේ දිනය”යි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.

ආදරවන්තයින්ගේ දිනය  හෙවත් වැලන්ටයින් දිනය  ලෙස කියලා අපි මේ වෙනකොට සමරන්නේ සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වුණු උත්සවයක්. ඒත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමකි.

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.

වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.

විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.

ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග ප්‍රේමයෙන් බැඳුන බව සඳහන්ය.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද?

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ. 

වැලන්ටයින් සුබපැතුම්පත 1909

Continue Reading

විශේෂාංග

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණයයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

“හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”

Continue Reading

පුවත්

ලසන්ත නඩුවේ සැකකරුවන් නිදහස් කිරිමට එරෙහිව උද්ඝෝෂණයක්

Published

on

By

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වේ.

යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පසුගියදා (ජනවාරි 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබුණි.

නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවය.  

නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය  ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved