විශේෂාංග
තෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම
Published
1 year agoon
By
editor
උපමා ආප්තෝපදේෂ ජනවහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උගතයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජනගත කරවීමටය.
වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වාගෙන ගියද, සිසුදරුවන් පෙනී සිටින තරඟකාරී විභාග සමත්වීමේ ප්‍රමුඛතාවයට වැඩි අවධානයක් යොමුවීමේදී, සිය භාෂා සහ සාහිත්‍ය අවශ්‍යතාවන් යටවෙන තත්ත්වයන් ඉස්මතුවීම කණගාටුවට කරුනෙකි. මෙම තත්ත්වය සියළු නිර්මාණශීලී සංස්කෘතික කලා කටයුතු වල පිරිහීමකට මුලපුරයි. වර්තමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන තාක්ෂණික ක්‍රියාදාමයන්ට සමගාමීව ක්‍රීඩා සහ කලාකටයුතු ක්ෂේත්‍රවල බිහිවීමට ඇති රැකියා අවස්ථාවන් අවතක්සේරු කලයුතු නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම වෙනමම ලිපියකින් සාකච්ඡා කලයුතුවෙි.
“වත්ත බද්දටදී ඇස්සට” දත නියවීම යන ආප්තෝපදේශයෙන් ගම්‍යවන අර්ථය නම්, කෙනෙකු සතු ඉහළ ආර්ථික වටිනාකමක් ඇති දිගු කාලයක් අඛණ්ඩ ආදායම් උපයා දීමට සමත් දේපලක් හුදෙක් කෙටිකාලීන ලාභපේක්ෂාවෙන් වෙනත් අයෙකුට බදුදී ඉන් ලැබෙන අවම ආර්ථික වාසියෙන් සෑහීමකට පත්වීමයි. මෙහිදී ඇස්ස යන වචනයේ නියම තේරුම කුමක්ද යන්න නව පරපුරේ පාඨකයින්ට ප්‍රශ්ණයක් විය හැක. ඒය නම් ඵලයක් ගසකට බද්ධ කරන කොටසයි. ඉංග්‍රීසියෙන් Crown යනුවෙන් හඳුන්වනු ලබන ගෙඩිය වැඩෙනතෙක් විශේෂ කාර්යයක් කොට ඵලයක් බවට පත්වූපසු වටිනාකමක් නැති කොටසක් බවට පත්වෙයි. තම දෙමාපියන් දහඩිය මහන්සියෙන් වවාගත් පොල්වතු, සහ වෙනත් වගාවන් දෙවෙනි තෙවැනි පරම්පරාවල දරුවන් ඒවා වැඩිදියුණු කරනවා වෙනුවට ගිවිසගත් බඳු මුදලකට වෙනෙකෙනෙකුට පවරා යම් ආදායමක් උපයාගනී. බඳුහිමියා බදු කාලසීමාවේදී අස්වැන්න නෙලාගෙන එයින් වෙළඳපලේ උපරිම මිල ලබාගෙන අතිරික්ත ලාබයක් හිමිකර ගත්තද වගාවේ වැඩිදියුණුවට කිසිම ආයෝජනයක් නොකරයි. වාරයෙන්, වාරයට ඵලදාව නෙලාගෙන සියළුම ආර්ථික වටිනාකමින් යුතු දේ වගාබිමෙන් ඉවත්කරගෙන ඇස්ස පමණක් ඉතිරි කර යයි. වතු හිමියාට සිය භූමියේ ඉතිරිව ඇති ඇස්ස ගණනය කිරීමෙන් තමන්ට අහිමි වූ ආදායමේ තරම කොපමණද යැයි යන හෝඩුවාවෙන් සෝසුසුම් ලෑම දත නියවීමෙන් අර්ථ ගන්වයි.
අපට සැමට සහ රටට මෙම ආප්තෝපදේශය අදාලවනුයේ කෙසේද?
ලිපියට යොදාගෙන ඇති මාතෘකාවේ පණිවිඩයේ දිශානතිය කුමක්ද යැයි පාඨක ඔබට වටහාගැනීම අපහසුනොවේ. ජාත්‍යන්තර ණය මාෆියාවේ උපායමාර්ග වලට හසුවී සිටින අපගේ දේශපාලනඥයින් සිදුකරනුයේ ඉහත ඡේදයෙන් විස්තර කර ඇති සංසිද්ධියමවෙයි. සමහර ආර්ථික වටිනාකම් සහිත සම්පත් බඳුදීමට අමතර සම්පූර්ණයෙන් විදේශිකයින්ට විකුණා දැමීමට ණය උඟුලට හිරකර මානබලයි. අවාසනාවකට ජනතාවගේ නීත්‍යාණූකූල ජනවරමක් නොලද පරහිත ලැදි පාලක පිරිසකින් මෙම කටයුත්ත පහසුවෙන්ම කරගත හැකි බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කරයි.
මානව ප්‍රවර්ධනයේ ආයෝජන එක්රැස්කරවීමට උපයාගතයුතු බඳු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරවලට නොයවා බඳු රහිත අක්වෙරළ සුරපුර වලට යැවීමට පාරකපන නව ලිබරල්වාදී දර්ශනය ශ්‍රී ලංකාව පමණක් නොව තවත් දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල් කිහිපයක්ම මෙම ණය උඟුලට හසුකර ඇත. Schock Doctrine කම්පණ කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය, නිරවි යුධ සමයේ බලගැන්වුණු ඒකධ්‍රැවීය ජගත් සංවිධාන ඔස්සේ ණය උඟුලට මැදිවෙන රටවල් වලට නියම කරයි. තමන්ටම ආවේණික ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නව අදහස් වලින් බංකොලොත් පාලක සමූහයක් සහිත රටවල් වලට මෙම වැරදි මාත්‍රාව වැඩිවැඩියෙන් නියම කරයි. ණය උඟුලෙන් ගොඩවිය හැකි විකල්ප වැඩපිළිවෙලක් සොයාගනු වෙනුවට පාලකයින් තවතවත් ණය මත ආර්ථිකය සංවර්ධනය කිරීමට උත්සහ කරයි. අවාසනාවක තරම වෙදාම ලෙඩේ බව තේරුම් නොගෙන ඔහුගේ ප්‍රතිකර්මයෙන් සුවවීමට උත්සහ කරන පාලකයින් නොදැනුවත්වම තම රටේ සහ ජනතාවගේ අනාගතය නොරටුන්ට උකස් කර සිටීමයි. කම්පන කේන්ද්‍රීය ආර්ථික න්‍යායයේ උපාය මාර්ග දෙකක් පැහැදිලිව හඳුනාගත හැක. ඉන් පළමුවැන්න අර්බුදයට මුහුණදෙන රටවල් මොන තරම් ආර්ථික අවපාතයන්ට ගොඳුරු වූවද, ගෙවිය යුතු ණය කපා නොහැරීමට ණය හිමියන් පොළඹවනු ලැබීමයි.
දෙවැනුව සිය අනුග්‍රහාශීලීන් උපයා ගෙන ඇති බඳුනොගෙවෙන ධනය ආයෝජනය කිරීමට හැකි අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අර්බුදවලට ගොදුරු රටවල බංකොලොක් දේශපාලනයින්ට සිය අනුගාමී උපදේශකයින් ලවා ක්‍රියාත්මක කරවීමට පොළොඹවයි. ඊළඟ ණය වාරිකය පෙන්වා මෙම නඩය නැවත ණය උඟුලේම හිරකර තැබීම ඔවුන්ගේ අභිප්‍රායයි. මෙය වෙනත් ආකාරයකට දැක්වූවහොත් ශක්තිමත් ආර්ථික වටිනාකම් සහිත රාජ්‍ය ආයතන දුර්වල කරමින් ඒවා පෞද්ගලීකරණය කිරීමට අනුබල දීමයි. එසේ පෞද්ගලීකරණයට භාජනය වන සේවාවන් ශක්තිමක් ලාබදායී ව්‍යාපාරයන් මෙන්ම වෙළඳ ඒකාධිකාරීන් ගොඩනඟාගැනීමට ඉඩකඩ සලස්වාදෙයි. කළු සල්ලි Shadow Finance විශුද්ධිකරණය කරගැනීමට පහසු ක්‍රමවේදයන් ඉබේම නිර්මානයවේ.
ත්‍රිකුණාමලයේ හිස් තෙල් ටැංකි වත්ත සහ රට වැසියන් කලින් කලට මුහුණදෙන ඉන්ධන අර්බුද
විශාල ධාරිතාවකින් යුත් තෙල් ටැංකි පද්ධතියක් (100 ට ආසන්න) බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ වරාය ආසන්නව ඉදිකර ඇත්තේ 1930 දීය. සිය අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම පරිපාලනය කරගෙන යන ලද්දේ ශක්තිමත් රාජකීය නාවික හමුදාවක් සහිත නැව් සමූහයක් නඩත්තු කරගෙනයාමෙන්ය. බ්‍රිතාන්‍යයද දූපතක් වීමත් ඔවුන් නිතරම තම යටත් විජිත අතරට දූපත් ඒකතු කරගැනීමට ඇල්මක් දැක්වූහ. ඔවුන්ට ආවේණික රාජ්‍ය තන්ත්‍රය හඳුන්වනු ලැබුවේ Gun Boat Diplomacy යනුවෙනි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය ඉදිකර ඇත්තේ ආසියා ශාන්තිකර කලාපයේ සිය ඒකාධිකාරිය නාවික කටයුතු මගින් පාලනය කිරීමට අවශ්‍ය ඉන්ධන ගබඩාකිරීමටය. ඒහෙත් ඉන් වසර 20 කාලපරාසයක් තුලදී හිරු නොබසින අධිරාජ්‍යයේ කඩා වැටීම සිදුවීය. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනද ත්‍රිකුණාමල වරාය, ගුවන් තොටුපල වල සිය ග්‍රහණයේ තබාගැනීමට බ්‍රිතාන්‍යයන් දැඩි උත්සහයක් ගත්හ. ඒවකට සිටි ජනහිතකාමී දේශපාලන නායකයින් බටහිර කඳවුරේ බලපෑම් නොසලකා බහුජාතික සමාගම් සතුව තිබූ ව්‍යාපාර ජනසතුකලේ පොදුජනතාවගේ යහපත උදෙසාය.
දිවයිනේ ඉන්ධන අවශ්‍යතාවන් සුරක්ෂා කරගැනීමට වර්තමානයේ අපගේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් දූරදර්ශීව කටයුතු කර නොමැති බව කණගාටුවෙන් සටහන් කලයුතුව ඇත. බටහිර බහුජාතික සමාගම් සතුව තිබූ ඛණිජ තෙල් බෙදාහැරීමේ ඒකාධිකාරිය බිදදමා එම කාර්ය සඳහා බිහිකරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අවරගනයේ දේශපාලකයින් අත්කරදී ඇති ඉරණම ගැන අප කම්පා විය යුතුවේ.
දැනට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත්ව ඇත්තේ ඉන්දීය IOC සමාගම සහ චීනයේ SINOPEC සමාගමයි. ඉන්දියාවවත් චීනයවත් ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැත. ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒම රටවල් දෙකම විශිෂ්ඨ ඝණයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන් මැදපෙරදිග රටවල් සහ රුසියාව සමඟ පවත්වාගෙන යයි. ප්‍රගතිශීලී රටවල් හා ශ්‍රී ලංකාව පවත්ගෙන ගිය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හේතුවෙන් බටහිර රටවල් සහ ඉන්ධන සමාගම් වල බලපෑම් වලට හසු නොවීමට ඉරාණ රජයේ දායකත්වය මත සපුගස්කන්දේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකරන ලදි. ඒවා වැඩි දියුණු කර, වෙළදපලේ බොරතෙල් මිල අඩුවනවිට ආනයනය කොට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් වත් අළුත්වැඩියා කොට ගබඩා කොට නඩත්තු කරවීමට තරම්වත් දුරදක්නා දැනනුවණක් තිබුණු රාජ්‍ය පාලකයින් නොසිටීම ජාතියේ අවාසනාවකි. ඛණිජ තෙල් ආනයනය කරවීමට කැදවන ටෙන්ඩර් මගඩි පාලනය කර සිය මඩිය තරකර ගැනීමේ කෙටි කාලීන වාසිය තකා ජාතියේ අනාගතය නොරටුන් අතට බාරදීමට පොරකන දේශපාලකයින් ගැන ශ්‍රී ලාංකේයන් සියළු දෙනාම විමසිලිමත් විය යුතුය.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ණයබර සැහැල්ලු කර විදේශ ආයෝජකයින්ට පිරිනැමීම
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසට ශ්‍රී ලාංකාව පැවැති කාලයේ රාජ්‍ය පාලනය සතුවුයේ සිය අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරු කරවීමට තීන්දු තීරණ ගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සතුවය. රාජ්‍ය තාන්ත්‍රිකයින් කටයුතු කරනුයේ සිය අරමුණු අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමේ දිගුකාලීන වැඩපිළීවෙලක් මත පිහිටාය. නිදහසින් පසු දිවයිනේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන් කටයුතු කර ඇත්තේ අතලොස්සක් වූ දේශපාලකයින් කිහිප දෙනෙකි.
විශේෂයින් 1978 ව්‍යවස්ථා සංශෝධනයින් පසු ඒතෙක් රාජ්‍ය තන්ත්‍රය උසස් මට්ටමකින් පවත්වාගෙන යන ලද සිවිල් පරිපාලනය අවරගනයේ දේශපාලනයින්ගේ අතකොළුක් බවට පත්වීය. ඉන් අනතුරුව දේශයේ කඩාවැටීම උත්සන්න විය. වත්මන් දේශපාලකයින් විදේශ උපදේශකයින් ගේ උපදෙස් අනුව නටනවා හැර රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග සොයා නිර්මාණශීලී වැඩ පිලිවෙලක් රටට හඳුන්වාදීමට සම්පූරුණයෙන්ම අසමත්ය. ඔවුන් සියළුදෙනාම ජාත්‍යන්තර ණය මාෆියාවේ සුරතළුන් වීමට කළුකෝට් වලින් සහ කිරිකොකුන් මෙන් ජාතික ඇඳුමෙන් සැරසී පොරකති.
රාජ්‍ය ආයතන නිසිපරිදි කලමනාකරණය නොකර දේශපාලන හෙංචයියලා යටතේ අවභාවිතාව රට දැනට මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ මර්මස්ථානයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය මේ අතරින් ඉදිරියෙන්ම සිටී. දැනට ශ්‍රී ලාංකේයන් ගේ ජීවන වියදම අසාමාන්‍ය ලෙසට ඉහළ යාමට හේතුව මෙම ආයතන සිදූවූ දූෂණ සහ වංචාවන් සහ දුර්වල කලමණාකරණයයි. මෙම තත්ත්වයට හේතුව ප්‍රධාන ලෙසම දායකවී ඇත්තේ රාජ්‍ය පාලකයින් සිය බලය අයුතු ලෙසට භාවිත කරමින් බැංකුවලට මෙම ආයතන වලට ණය මුදල් සපයා දීමට බල කර සිටීමයි. මේ සඳහා බැංකුවලට භාණ්ඩාගාර ඇපකර සුරැකුම් ලෙසට සපයමින් කෙටිකාලීන අවශ්‍යතාවයන් සපුරාගැනීම දිගු කාලීනව ආයතන බංකොලොත් කරවීමට කටයුතු කර ඇත. ඉතාමත් පටු දැක්මක් සහිත අවරගනයේ දේශපාලකයින් සිය කෙටිකාලීන ලාභ අපේක්ෂාවන් උදෙසා ජාතියේ අනාගතය විනාශ කර ඇති ආකාරයන් තවදුරටත් පහත ඡේදයන්හි සාකච්ඡා කෙරේ.
රාජ්‍ය බැංකු දුර්වල කර කඩා වැට්ටවීමේ නව උපාය මාර්ගය
දරාගත නොහැකි මට්ටම් වලට රාජ්‍ය ණය ප්‍රසාරණය කිරීම හේතුකොටගෙන වර්තමාන මුල්‍ය ක්‍රමවේදය දැඬි අවදානමකට ලක්ව ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්වයක් නොවන අතර දියුණු ශක්තිමත් ආර්ථික මට්ටම් ඇති බොහෝ රටවල් වලද මෙම අවදානම වැඩිවෙමින් පවතී. මූල්‍ය අර්බුදයන් තාවකාලිකව සමණය කරගැනීමේ මුදල් අච්චු ගැසීමේ Quantitative Easing උපාය මාර්ගය වෙනත් ආකාරයේ අර්බුද රැසක් අත්කර දී ඇත. ඒ අනුව දැඬි උද්ධමණකාරී තත්වය නිසා පාරිබෝගික භාණ්ඩ සිය සේවා වල මිල ගණන් සීඝ්‍රයෙන් වැඩිවන අතර, වෙළදපලේ පොලී අනුපාතයන් ඉහල මට්ටමක පවතී. අසාමාන්‍ය ලෙසට ඉහළ මට්ටම් වල ඇති ණය ප්‍රමාණයන්ට අවශ්‍ය කරන පොලී ගෙවීමට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ගතයුතුවේ. ආර්ථිකයේ ප්‍රසාරණයන් කිසිසේත් වැඩිකර ගැනීමට අපොහොසත් රජයන් ණය බර අඩුකරවීමේ විකල්ප වැඩ පිලිවෙළ වෙත යොමුවෙන තත්ත්වයන් දැක ගත හැක. මහජන තැන්පතු වලින් ශක්තිමත් වී ඇති රාජ්‍ය බැංකු මතට වැඩි බරක් පැටවීමේ උත්සහයක හෝඩුවාවක් දැන් කරලියට පැමිණ ඇත. රාජ්‍ය බැංකුවල පැවැත්ම සහ ආර්ථික කටයුතු වලට සක්‍රිය ලෙසට දායකවීම ලතින් ඇමෙරිකානු රටවල සහ ආසියාතික රටවල පැවැතුනද බටහිර ධනවාදී කදවුරේ මුල්‍ය පද්ධතිය මෙහෙයවන්නේ පෞද්ගලික බැංකු මාර්ගයෙනි. එකී රටවලද ආර්ථික අවපාතයන් පාලනය කරනු වස් දැන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් Quantitative Tightening අනුගමනය කිරීමට පෙළඹී තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම නිරතුරු රාජ්‍ය ණය අර්බුද සහ ජාත්‍යන්කර ණය මාෆියාවේ ගොදුරක්ව ඇති ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනාවේ Banco Nacion යනු රටේ ආර්ථික මර්මස්ථානයක් වන රාජ්‍ය බැංකුව පෞද්ගලීකරණයට කිරීමට වත්මන් ජනාධිපති ජාවියර් මිලී ගේ උත්සහය බැංකු සේවකයින්ගේ La Bancarios යන ශක්තිමත් වෘත්තීය සමිතියේ විරෝධතාවය මත වලක්වාගෙන ඇත. La Bancarios වෘත්තීය සමිතිය මහා වැඩවර්ජනයක් සහ සිය බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ අත්සන් දශලක්ෂයක් ලබාගෙන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීන්දුව පරාජය කලහ. උග්‍ර දක්ෂිනාංශික මතධාරියෙකු වන ජනාධිපති ජාවියර් මිලී ගේ දේශපාලන පැවැත්මට මෙකී විරෝධය දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
ඛණිජතෙල් සංස්ථාව ගොදුරු වූ ඉරණමට රාජ්‍ය බැංකු පත් කරවීම
රටේ ආර්ථික කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ ප්‍රම්‍රඛතාව මත පිහිටා රාජ්‍ය බැංකු ඛණිජ තෙල් සංස්ථාවට විශේෂ ණය පහසුකම් රජයේ ඇපකරණයන් මත කාලයක් තිස්සේ සපයා ඇත. කෙටිකාලීන ලාභ අපේක්ෂාවේන් පාරිභෝගිකයින් ගසා කමින් දූෂිත කලමනාකරණයන් මත ණය බරින් පිරි තෙල් සංස්ථාව දැන් රජයට පවත්වාගෙන යා නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලැබී ඇත.
මෙම ආයතනය සිය ආධිපත්‍යට ගැනීමට කැසකවන ජගත් භූ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ නැඟී ඒන රටවල් දෙකක් ලාබදායී ඛණිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ මැදිහත්ව ඇත. මෙම රටවල් දෙකම සිය බලශක්ති අවශ්‍යතාවන් සපුරාගැනීමට දිගු කාලීන වැඩපිලිවෙලවල් ක්‍රමවත්ව දියත් කර ඇත. ඒවැනි අවශ්‍යතාවන් ගැන කිසියම් සංඝත වැඩපිලිවෙලක් නොමැති ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ඒම රටවල උපායමාර්ග ශක්තිමත් කිරීමට මගබලා සිටිත්.
මෑතකදී ස්වීයත්වය ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ඛණිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ණය බරින් සැහැල්ලු ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමට සුදානම් කරමින් සිටී. ජනමාධ්‍ය වාර්තාවන් සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශණ අනුව බැංකු වලට ඛණිජ තෙල් සංස්ථාව ගෙවීමට නියමිත පොලී ප්‍රමාණයන් අත්සිටවීමට නියෝග ලැබී ඇතැයි වාර්තා කර සිටී. මහජන තැන්පත් වලින් පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවලට හිමිවිය යුතු විශාල ණය ප්‍රමාණයක පොලිය අහිමි වීම ඒකී ආයතන ලාභදායීව පවත්වාගෙන යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත. මෙම ප්‍රයත්නයේ යටි අරමුණ ශක්තිමත් රාජ්‍ය බැංකු දුර්වල කර රටේ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය මාෆියාවෙන්ම සපයා ගැනීමට පෙළඹවීමකට මුලපිරීමක් විය හැක. ඉහත විස්තර කල කරුණු සළකා බැලීමේදී දැන් සිදුවෙමින් පවතින්නේ දරාගත මට්ටමකට ව්‍යාප්තවී ඇති ස්වෛරීය ණය මහජනතාවගේ ඉතුරුම් වලින් හිලව් කර දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යොමුකරවීම සඳහා විය හැක.
ආප්තෝපදේශයකින් ඇරඹි ලිපිය තවත් ජනවහරේ ඒන උපමා කතාවකින් අවසන් කරමි. “කැවුම් ගෙඩියට පොරකෑ බලළුන් දෙදෙනාට සිදුවූ ඉරණමම” දැන් ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අත්විදිමින් සිටී. වෙනසකට ඇත්තේ ලාංකේය දේශපාලකයින් සිය බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලාංකේය කැවුම් ගෙඩිය වඳුරන් දෙදෙනෙකු වෙත ගෙනයාමට පොර කෑමය.
ජයශ්‍රී ප්‍රියලාල්

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.
තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.
ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.
නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.
මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.
සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.
ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.
සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.
2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.
2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.
සමාජ මාධ්‍යයන්හි අරමුණු
සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.
සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.
S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.
තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.
L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.
YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.
I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.
Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.
එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.
M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.
සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.
කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.
සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.
නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.
අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.
එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.
මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.
බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.
දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.
මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.
එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.
මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)
නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන් ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය. (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.
මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන් මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.
මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.
මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය. සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.
රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග
නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය
Published
1 week agoon
June 23, 2025By
editor
කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා. හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා නෑ ලූ. ව්‍යාපෘතිය අසාර්ථකයි.
දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.
හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.
අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.
පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා. හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!
මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.
මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු 8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි) ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු) ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.
ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි. නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා. ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.
ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා. අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.
ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.
ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.
රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!
රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.
විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.
‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි. ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!
රජිත් කීර්ති තෙන්නකෝන්


රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)
Trending
-
පුවත්6 days ago
මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි
-
පුවත්5 days ago
මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග
-
පුවත්1 week ago
පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට
-
පුවත්1 week ago
‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ
-
පුවත්3 days ago
ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා