Connect with us

විශේෂාංග

නිල නිවාස – වාහන, වාහන බලපත් අහෝසි කරනු

Published

on

ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ‘ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක.  වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4) දක්වා වගන්ති කුණු කූඩයට දැමිය හැකිය. චන්ද්‍රිකාට, මෛත්‍රී, රනිල් ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට ද එයම කළ හැකිය.

‘නිල නිවාස’ යනු රටේම නිල නිවාස ය.
ඇමති නිල නිවාස වසා දමා පුස්කන්නට හැර ඇත. ඒ නිසා, මේ රටේ දිසාපති, ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානී පමණක් නොව රටේ සියළු රාජ්‍ය නිලධාරීන්ට හා වෙනත් අයට දනිල නිවාස අවැසි නැත.    ඕනම නම්‍, “මහින්ද විජේරාම තියරියට” අනුව, ‘නිල නිවාස’ රජයේ තක්සේරුවට ලක් කරලා, ඔවුන්ටත් ‘තක්සේරුව අනුව’ වැටුපෙන් කැපීම ඇරඹිය හැකිය.

මහින්ද රාජපක්ෂගේ නිවසේ අල්ලපු වැටේ තියෙන ‘නීතිපති නිල නිවසට වගේම මහ බැංකු අධිපති, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ අනෙකුත් නිලධාරීන්ටත් ඒකම කරන්න පුළුවන්.

මම දකුණ, මධ්‍යම සහ ඌව පළාත් ආණ්ඩුකාර නිල නිවාසවල රාත්‍රීය ගත කර ඇත්තෙමි. මහින්ද රාජපක්ෂ ගේ නිල නිවාසය තක්සේරු කළ විදිහට බැලුවොත්, ඒ හැම නිල නිවාසයක්ම රු. අවම වශයෙන් ලක්ෂ දෙකක වත් මාසික කුලියකට යටත් කළ යුතුයි. (ආණ්ඩුකාරවර මාසේ පඩිය රු. 85,000 බව සලකන්න)

පොළොන්නරුව සහ මාතර දිසාපති මැදුරු දෙක අවම වශයෙන් වර්ග අඩි 7,500ට වඩා වැඩිය. කෑගල්ල, මාතලේ ද දැවැන්ත දිසාපති මැදුරු ඇත.  අලුත් තක්සේරුවක් කරන්නේ නම්, දිසාපති වැටුපට වඩා නිවාස කුලියක් ගෙවිය යුතු වන්නේමය. (අනුරාධපුර දිසාපතිට නම් ප්‍රශ්නයක් නැත. වාරිමාර්ග නිල නිවාසයක් පාවිච්චි කරන නිසා එච්චර තක්සේරුවක් නොලැබෙනු ඇත.)

හිටපු ජනපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, දිසාපති, අගවිනිසුරු, ලේකම්වරු, මහ බැංකු අධිපති, නීතිපති, විගණකාධිපති ආදී වශයෙන් වන නිලධාරීන් තම තම මුල්‍ය හැකියාව මත කොළඹ කැමති තැනකින් ගෙයක්, කාමරයක් කුලියට ගෙන වේළාව නොවරදවා සේවයට වාර්තා කර, ටයි දමාගෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ පාරවල් අතුගාන්නට නොවරදවාම පැමිණිය යුතුය. වෛද්‍යවරු, කාර්ය භාර නිලධාරීන්ගේ නිල නිවාස ද, එලෙසම තක්සේරු කර ඒ මුදල වැටුපෙන් කපාගත යුතුය. වර්ජන තර්ජනවලට බිය නොවිය යුතුය.

මිත්‍රවරුනි, සමහර විහිළු තියෙනවා, ඒවා කියලා තේරෙන්නේ නැත. එක පාරක් දෙපාරක් කරලාම බලලා, ප්‍රත්‍යාවබෝධය ලැබිය යුතුය!

ආණ්ඩුව හතර අතේ දිවුරා කියන්නේ ‘නිල වාහන හෝ මන්ත්‍රී වාහන බලපත්‍ර ලබා නොදෙන’ බව ය.

රටේ ජනාධිපතිට, අගමැති ට වත් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොලැබෙන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට එතැනින් පහලට කිසිවෙකුට වාහන බලපත්‍ර ලබාදීමේ අවශ්‍යතාවයක් හෝ යුක්තියක් නැත. වෛද්‍ය, ඉංජිනේරු සියළු දෙනාට ද, ගණකාධිකාරී, ඇතුළු අවශේෂ ජනයාට ද එය අදාලය.  කතානායකට නැති ‘තීරුබදු රහිත වාහනයක්’ විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරුන්ට එවැන්නක් ලබාදීමේ කිසිදු සදාචාරයක් රාජ්‍යයට පැවතිය නොහැක්කේය.

මම වැඩිපුරම කැමති කොළඹ රාජකීය, සිරිමාවෝ, විශාකා, තර්ස්ටන්, ආනන්ද පාසල්වල විදුහල්පතිවරුන්ගේ නිල නිවාසවල තක්සේරු වාර්තා දකින්නට ය.  ඉඩමේ වටිනාකමත් සමඟ ගාන හැදුවත් ‘සුබෝධිනී කමිටුවේ වැටුප් වාර්තාවෙන් ඉතිරි 2/3 අය වැයෙන් ලැබේ නම් පමණක්, ඔවුන්ගේ වැටුපට වඩා නිල නිවාස කුලිය ඉහළ නොයනු ඇත.

කොළඹට වැඩමවා වදාලන විට සැතපෙන්නට, රැස්වීම් පවත්වන්නට විවේක ගන්නට සකසා ඇති ‘මහානායක හිමිවරුන්ගේ නිල නිවාසයේ  නිවාස කුළිය තීරණය කිරීම ද රජයේ තක්සේරුකරුටම පැවරිය යුතුය.

සමහර විහිළු කතා කියනා විට, වම් කනින් අසා අනෙක් කණින් පිට කළ යුතුය.

දැන් මන්ත්‍රීවරුන් බහුතරය පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහනයේ යැයි කියනු ඇසේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නට කරන්නට බැරි වන්නට හේතුවක් නැත. විශේෂයෙන්ම චීනයෙන් නව බස් රථ ලැබෙන නිසා එය කිසි ලෙසකින් හෝ අසීරු හෝ අපහසු වැඩක් නොවේ.

සමහර විහිළු තියෙනවා, ඒවා වේදිකාවල කියන කොට හිනා යන්නේ නැත. එක පාරක් දෙපාරක් කරලා බලලාම හිනා විය යුතුය.

ඊයේ ජනාධිපතිතුමන් කියන්නේ තමන්ට විශ්‍රාම වැටුප එපා යැයි ලියලා දෙන්නට සුදානම් බවකි.  මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප අහෝසි කරනවා යැයි කියා ඇත. 2024 දී රජය විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 386 ක් වෙන් කළේය. රටේ ජනාධිපතිවරයාට නොදෙන විශ්‍රාම වැටුප, ජනතාවට මොකටද?  — ආණ්ඩුව ඊලඟ පලාත් සභා මැතිවරණ ව්‍යාපාරයේ දී වත් කල්පනා කර බලනු ඇත.

කරනවා නම් තවත් නියම වැඩක් තියෙනවා! මන්ත්‍රීවරුන් 159 කගේ වැටුප දැන් යන්නේ බොරැල්ලේ බැංකු ගිණුමකටය. රටේම රාජ්‍ය සේවකයින්ගේ වැටුප මහා භාණ්ඩාගාර ගිණුමටම නැවත හරවා, මාදිවල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයට ලබා දි ඇති ආකාරයටම, සෑම නිවසකට ගෑස් ටැංකියක්, ගෑස් ලිපක්, ශීතකරණයක්, ඇඳ-පුටු- මේස  ……………………………….

සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
(මහගම සේකර)

සුබ උදෑසනක් වේවා! මේ, දුරුත්තේ සීතල තමයි.  ඉක්මනට නැගිටලා වැඩට යමු.  

කාර්යාලයේ පුටුව මේසය තියෙනවා නම් දවසම හිනාවෙලා සතුටෙන් ඉන්න.  සුබ දවසක් වේවා!!

– රජිත් කීර්ති තෙන්නකෝන් – 

විශේෂාංග

වැලන්ටයින් කථා වස්තුව

Published

on

By

අද (14) “ආදරවන්තයින්ගේ දිනය”යි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.

ආදරවන්තයින්ගේ දිනය  හෙවත් වැලන්ටයින් දිනය  ලෙස කියලා අපි මේ වෙනකොට සමරන්නේ සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වුණු උත්සවයක්. ඒත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමකි.

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.

වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.

විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.

ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග ප්‍රේමයෙන් බැඳුන බව සඳහන්ය.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද?

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ. 

වැලන්ටයින් සුබපැතුම්පත 1909

Continue Reading

විශේෂාංග

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණයයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

“හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”

Continue Reading

පුවත්

ලසන්ත නඩුවේ සැකකරුවන් නිදහස් කිරිමට එරෙහිව උද්ඝෝෂණයක්

Published

on

By

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වේ.

යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පසුගියදා (ජනවාරි 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබුණි.

නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවය.  

නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය  ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved