Connect with us

විශේෂාංග

මාධ්‍ය මර්ධනයට එරෙහි | ‘කළු ජනවාරිය’

Published

on

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල කළ මර්දනයට එරෙහිවත්, විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන්කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින්, මාද්‍ය ආයතනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩු ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධය පළ කිරීම සඳහාත්,

එහිදී විශේෂයෙන් එම වසර කිහිපය තුළදී ‘ජනවාරි මාසය’ තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී සුබ්‍රමනියම් සූගීර්දරාජන් ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය ‛කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුක පෙළේ මාධ්‍ය සංවිධානය තීරණය කරන ලදද්දේ 2012 ජනවාරියේ දී ය.

එබැවින් මාධ්‍ය මර්ධනයට විරුද්ධවත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ඝාතනයට, ප්‍රහාරයන්වලට ලක්කිරීමට සහ අතුරුදහන් කිරීම් වලට මෙන්ම විවිධ දුෂ්ඨ බලපෑම් වලටත්, මාධ්‍ය ආයතනවලට ප්‍රහාරයන් එල්ල කිරීම් වලටත් එරෙහිව ජනවාරිය “කළු ජනවාරිය” ලෙස නම් කරන ලදි.

එයට ‘කළු ජනවාරිය’ යැයි නම් කිරීමට බලපෑ විශේෂ සිදුවීම් කිහිපයක් පහත දක්වන්නේ ඒක් පසෙකින් ලංකාවේ ආණ්ඩු තිබෙනවා යැයි කියන මාධ්‍ය නිදහසත්, නීතියේ ආධිපත්‍යයත් විශේෂයෙන් දණ්ඩමුක්තිය පවත්වාගෙන යාමට සහය වීමත්, කළු ජනවාරියේදී ප්‍රශ්ණ කිරීමට ලක් කරනු පිණිසත් සහ මේ සිදුවීම්වල වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් ලබා දීමට බළධාරීන්ට බල කරනු පිණිසත් ය.

යුක්තිය යනු, අපරාධකරුවන්ට නීතිය ඉදිරියේ දඩුවම පමණක් නොව ගෞරවය, යථා තත්වයට පත් කිරීම, සත්‍යය සහතික කිරීම සහ සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීමයි.

මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්….

සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02
ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24
ආනන්ද නවරත්න(ලේඛක) – 1989 ජනවාරි 25
ලක්ෂ්මන් පෙරේරා(නාට්‍ය නිශ්පාදක) – 1990 ජනවාරි 27
සුබ්‍රමනියම් සූගීර්දරාජන්(මාධ්‍යවේදී) – 2006 ජනවාරි 24

ලසන්ත වික්‍රමතුංග(කර්තෘ/මාධ්‍යවේදී) 2009 ජනවාරි 08

ප්‍රගීත් එක්නැළිගොඩ(මාධ්‍යවේදී) – අතුරුදහන් කර ඇත – 2011 ජනවාරි 24

උපාලි ගමගේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකි, ‛වෙඩි හඬ’ සඟරාවේ සංස්කාරක – 1990 ජනවාරි
සත්‍යපාල වන්නිගම(ලේඛක) – පැහැරගත් දිනය 1987 නොවැම්බර් 18 – ඝාතනය වූ දිනය 1988 ජනවාරි අග

⬛යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය. – 2008 ජනවාරි 06
⬛ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ‘නිදහස’ නම් වෙබ් අඩවිය වාරණය කිරීම – 2010 ජනවාරි 28

මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම

⬛ සිරස රූපවාහිණී ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – 2009 ජනවාරි 06

⬛ ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම – 2011 ජනවාරි 31

  • සම්පත් සමරකෝන්

විශේෂාංග

වැලන්ටයින් කථා වස්තුව

Published

on

By

අද (14) “ආදරවන්තයින්ගේ දිනය”යි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.

ආදරවන්තයින්ගේ දිනය  හෙවත් වැලන්ටයින් දිනය  ලෙස කියලා අපි මේ වෙනකොට සමරන්නේ සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වුණු උත්සවයක්. ඒත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමකි.

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.

වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.

විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.

ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග ප්‍රේමයෙන් බැඳුන බව සඳහන්ය.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද?

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ. 

වැලන්ටයින් සුබපැතුම්පත 1909

Continue Reading

විශේෂාංග

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණයයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

“හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”

Continue Reading

පුවත්

ලසන්ත නඩුවේ සැකකරුවන් නිදහස් කිරිමට එරෙහිව උද්ඝෝෂණයක්

Published

on

By

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වේ.

යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පසුගියදා (ජනවාරි 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබුණි.

නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවය.  

නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය  ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved