ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය (International Day of Persons with Disabilities) අද (දෙසැම්බර් 03) දින යෙදී තිබේ.
1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද ජාත්‍යන්තර සැමරීමක් වන මෙම දිනය සැමරීමේ අරමුණ වන්නේ ආබාධිත ගැටළු පිළිබඳ අවබෝධයක් සමස්ත ලෝක වාසීන්ට ලබාදීම සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අභිමානය, අයිතිවාසිකම් සහ යහපැවැත්ම සඳහා සහයෝගය බලමුලු ගැන්වීමයි.
දේශපාලන, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික යන සෑම අංශයකම, ආබාධ සහිත පුද්ගලයින් ඒකාබද්ධ කිරීමෙන් ලබා ගත හැකි ජයග්‍රහණ පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට ද මෙම දිනය සැමරීමේ තවත් එක් උත්සාහයකි.