විශේෂාංග
ඝාතකයන්ට ගැහැනු ආදරේ ඇයි?
Published
2 months agoon
By
editor
ඉකුත් සතිය වඩාත් වැදගත් වූයේ ඝාතන දාම රැල්ලක් මෙන් පාතාලය විසින් පුද්ගල ජීවිත කිහිපයක්ම බිල්ලට ගැනීමයි. මේ අතරින් වඩා වැදගත්ම සිදුවීම ලෙසින් සමාජය විසින් කතා බහ කරනු ලැබුවේ ගණේමුල්ල සංජීවගේ ඝාතනයයි. දින කිහිපයකට පෙර මිද්දෙණියෙදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඝාතන සිදුවීම ද, මෙයින් යම්තාක් දුරට යටපත් විය.
කොටහේනේදී සිදුවූ පුද්ගල ඝාතනය ද යම් තරමකට කතාබහ වෙමින් පවතින්නේ අල්ලාගත් පුද්ගලයන් දෙදෙනාම පසුගිය කාලයේදී මෙන් ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය වීම නිසා ය. මේ සියල්ල සමඟින් ජන මතය ගොඩනැඟී ඇත්තේ සාක්ෂි විශාල ප්‍රමාණයක් අතුරුදන් කෙරෙන ඝාතනයන් ලෙසිනි. මෙවන් පසුබිමක යම් තරමකින් හෝ තොරතුරු අනාවරණය කර හත හැකි වන්නේ ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුගෙන් පමණි. ඒ කරුණු කෙසේ වුවද අලුත්කඩේ උසාවියේදී සිදුවූ වෙඩි තැබීම බහුතරයක් දෙනා අතර කතාබහට ලක්වූයේ එය චිත්‍රපටයක සිදුවන සිදුවීම් මාලාවක් මෙන් විකාශය වීම නිසා ය. නීතිඥයකු ලෙස උසාවිය තුළට පැමිණීම, අපරාධ සංග්‍රහය තුළ පිටු කපා දමමින් රිවෝල්වරය සඟවාගෙන යාම, නීතිඥ හැඳුනුම්පත් සකස් කර තිබීම ආදිය බටහිර චිත්‍රපටයක මෙන් සූදානමකි. එම කරුණු ද සමඟින් බොහෝ දෙනකු නතර වූයේ ඝාතකයා අසළ ය.
ඕනෑම ඝාතනයක් සිදු වූ විට ඝාතනයට ලක්වූ තැනැත්තා පිළිබඳ බහුතරයක් දෙනා අවධානය යොමු කරනවා පමණක් නොව ඔහුගේ පෙර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද කරුණු කාරණා සොයා බැලීමට උනන්දුවක් දක්වයි. මේ අතරම ඔහුව වීරත්වයට පත්වීම ද සිදුවෙයි. එහෙත් අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමත් සමඟ සිදුවූයේ අනෙකකි. එනම් ඝාතකයාගේ හැසිරීම මෙන්ම ඔහුගේ තාරුණ්‍යය පිළිබඳව ද බොහෝ දෙනා මාතෘකා කරගෙන තිබීම ය. ඒ අතරින් දැකගත හැකිවූ විශේෂිතම කරුණ වූයේ කාන්තා පාර්ශ්වය ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් කිරීම ය. මෙවන් වූ කාරණා අප රට තුළ පමණක් නොව විදේශීය රට තුළද සිදුවන බව පෙනෙන්නට තිබේ. එපමණක් නොව පසුකාලීනව මෙම ඝාතකයන් සමඟ කාන්තාවන් විවාහ වූ බව ද සඳහන් කරන්නේ අධිකරණ වෛද්‍ය මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන කැතරින් රැම්ස්ලන්ඩ් ය. ඇය මෙවැනි ආකාරයේ සිදුවීම් පිළිබඳව කරුණු අනාවරණය කිරීමට සමත් විය. මෙවැනි ඝාතකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන කාන්තාවන් සැලකිය යුතු ආකාරයේ කැපකිරීම් කිරීමට පවා සූදානම් ය. තම සන්තක සියලු දේ ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට පවා එවැන්නන් පැකිළීමක් නොදක්වයි. එමෙන්ම මේ සියලු දෙනා සිරගෙදර සිටින තම පෙම්වතා හමුවීමට යාම වෙනුවෙන් රැකියාව සහ ඔවුන්ගේ පවුල් ජීවිත පවා අතහැර දැමීමට සූදානමින් සිටින බව රැම්ස්ලන්ඩ් පෙන්වාදෙයි. අලුත්කඩේ උසාවියේ වෙඩික්කරු සම්බන්ධයෙන් ඇතිවූ ආකර්ෂණය තුළද සිදුවූයේ එවැන්නකි.
කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පක්ෂය තුළද මෙවැනිම ආකාරයේ ප්‍රියතාවක් ඇතිවිය හැකි අතර එය බොහෝ විට සිදුවන්නේ වීරත්වය ආරෝපණයක් ද සමඟිනි. සැඟව ඝාතනයක් සිදුකරනවාට වඩා දෙනෝදාහක් ගැවසෙන උසාවි භූමියට පැමිණ චිකාගෝ පන්නයේ වෙඩිතැබීමක් සිදුකිරීමම ඔවුනට මහා දෙයකි. මෙම සිදුවීමෙන් පසු සිදුවූ කොටහේනේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කරුණු හුවා දැක්වුවද, එම ඝාතනයට අදාළව ඝාතකයන්ගේ ප්‍රියමනාප බව පිළිබඳව කිසිවකුත් අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගත් බවක් නොපෙනිණි. එය ප්රියමනාපභාවයේ මෙන්ම වීරත්වය පිළිබිඹු කිරීමේ මදභාවය සම්බන්ධයෙන් වූ ගැටලුවක් විය හැකිය.
මනෝ චිකිත්සකයන් සඳහන් කර සිටින්නේ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් කෙරෙහි කාන්තාවන් ආකර්ෂණය වීම සඳහා කරුණු කිහිපයක් බලපානු ලබන බවයි. ඝාතකයන් සම්බන්ධයෙන් කාන්තා ආකර්ෂණය ජනප්‍රිය සංස්කෘතිය තුළදී හඳුන්වනු ලබන්නේ “බොනී සහ ක්ලයිඩ් සින්ඩ්‍රෝමය” ලෙසිනි. එයම Hybris tophilia ලෙසින් හඳුන්වන අතර එය විවිධ ආකාරයේ අපරාධ සඳහා එළඹ සිටි පුද්ගලයන් කෙරෙහි යොමුව ඇති අවස්ථාවන් ද දැකිය හැකිය.
කෙසේවුවද ඝාතකයන් සමඟ සම්බන්ධතා පවත්වන කාන්තාවන් පිළිබඳව කැතරින් රැම්ස්ලන්ඩ් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මෙවැනි පුද්ගලයන් කෙරෙහි ආකර්ෂණය වන කාන්තාවන් වයස අවුරුදු තිස් ගණන්වල හෝ හතළිස් ගණන්වල පසුවන්නන් බවයි. එවැනි පිරිස් සමඟ සමීප ආශ්‍රයන් පවත්වාගෙන යන කාන්තාවන් තමා ඔවුන්ගෙන් තමන් වෙත දැඩි ආරක්ෂාවක් ගෙන එනු ඇතැයි යන හැඟීමෙන් නිරන්තරයෙන් පසුවන බවත්, ඔවුනට විරුද්ධව කවර ආකාරයේ සාක්ෂි පැවතිය ද එම කාන්තාවන් තමාට ආකර්ෂණය වූ පුද්ගලයන් සාධාරණීකරණය කරගන්නා බවත්, ඇය පෙන්වාදෙයි.
කැතරින් රැම්ස්ලන්ඩ් තම අවධාරණය කිරීම් සඳහා ඝාතකයන් සමඟ විවාහ වූ කාන්තාවන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. ඇය පවසන ආකාරයට අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කාන්තාවන් තිදෙනකු දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 10 වතාවක් වරදකරුවකු වූ ට්‍රක් රථ රියැදුරකු වන බොලින් සමඟ කාන්තාවක් විවාහ වීමට පවා කටයුතු කළාය. මරණ දඬුවම් දෙකක් මත ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කළද ඔහුට පෙම් කරන ලද කාන්තාව කියා සිටියේ ඔහුගේ තනිකම සහ හුදකලාව තමාට තදින් දැනුණු බවයි. ඇය කිසිදු විටක බොලින් නම් ට්‍රක් රථ රියැදුරා මිනීමරුවකු නොවන බව විශ්වාස කරමින් කටයුතු කළාය.
මේ අනුව බොහෝ දෙනකු ගණේමුල්ල සංජීවගේ ඝාතකයා සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කර ඇත්තේ තමා නොදැනුවත්වම හෝ යටි සිතින් මතුව ආ Hybris tophilia තත්ත්වය මත බව අපට සිතන්නට සිදුවේ. එනම් අපරාධ කරන්නවුන් සම්බන්ධයෙන් ඇතිවන මෙම ලිංගික උනන්දුව සහ ආකර්ෂණය යම් අවස්ථාවක විවිධ ආකාරයේ අපරාධ ක්‍රියාකාරකම් සඳහා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සම්බන්ධව වුවද ඇතිවිය හැකිය. මෙය තවදුරටත් සාක්ෂාත් කරගත හැකිවන්නේ සංජීවගේ ඝාතකයා හමුවනතුරු සමාජ මාධ්‍ය තුළ නොතිබූ ප්‍රකාශයන් ඔහු හමුවීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලයට එකතුවීමෙනි. මේ මොහොත වනවිටත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා ජනප්‍රිය මට්ටමේ පුද්ගලයකු වී හමාර ය. ගණේමුල්ල සංජීව දශකයකටත් එහා කාලයක සිට කළ අපරාධවලින් ඔහුව හඳුනාගත් නමටත් වඩා ජනප්‍රියත්වයක් විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් ලබාගන්නට ඔහුව ඉලක්කකරගත් වෙඩික්කරු සමත් විය. ඒ අන් කිසිවක් නිසා නොව, පිටස්තර සමාජය තුළ පැවති Hybris tophilia තත්ත්වය හේතුවෙනි. ඝාතකයා ප්‍රේමවන්තයා වන්නේ එහෙයිනි.

රජිත බස්නායක
You may like

ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්රමයකි. නූතන ප්රජාතන්ත්රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්රජාතන්ත්රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.
නූතන ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.
ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.
පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.
පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.
නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.
පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.
එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.
රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
ඡන්දය සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.
ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්රජාතන්ත්රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්රජාතන්ත්රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.
මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.
පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.
මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.
මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු
මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.
මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.
මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.
ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.
ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.
සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.
ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.
පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.
පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.
අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.
නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.
2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.
නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.
පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.
පරිපාලන හා නියාමන සේවා
මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.
මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.
- මහ නගර සභා අඥා පනත (1947)
- නගර සභා අඥා පනත (1939)
- ප්‍රාදේශීය සභා පනත (1987)
මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.
පුංචි ආණ්ඩුවක බලය
ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.
සමන්ති වීරසේකර
– දිවයින –

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ.
ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය.
ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.
ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්රවෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.
මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි.
RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.
ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.
නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.
ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.
පුවත්
මීඩියා IDඑක පහුගිය අවුරුද්දේ හමුදාවට හා පොලිසියටත් දීලා!
Published
4 days agoon
May 3, 2025By
editor
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.
පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.
එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.
ඇමැති කිව්වේ දේ…
“මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීරණ ඔබට දැනුම්දීමටත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මත ප්‍රශ්නයක් එනවා නම් හරි, ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා උත්තර දෙන්න. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන් ම දැන් අපි මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ මාධ්‍ය හැඳුනුම්පත සහිත අය එක්ක තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර, ඔවුන් කියා සිටියේ මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට අයදුම් කළ විට එම තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා නිෂ්කාශනයක් ලබා ගන්නා බවත් එය ප්‍රමාද වීමෙන් හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි අවස්ථා ද වන බවත් ය.
එලෙස මාධ්‍යවේදීන් අදහස් දක්වන අතරතුරේ නැවතත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය මර්දනයක් හෝ එවැනි දෙයක් සිදුනොවන බවත් සියලුදෙනා ම එම හැඳුනුම්පත ලබා ගත යුතු බවත් ය.
“කිසිම ආකාරයක මර්දනයක් සිද්ධ වෙන්නේ නෑ. ඔබ කවුරුත් අයිඩෙන්ටි පාවිච්චි කරන අය. කවුරුත් ඩ්‍රයිවින් ලයිසන් පාවිච්චි කරන අය. කවුරුත් පාස්පෝට් පත් කරන අය. ඒ වගේ ම රජයෙන් ඉල්ලුම් කරන ඔබ සියලුදෙනාටම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. කරුණාකරලා ඒක ගන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා,” ඔහු පැවසීය.
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම හැඳුනුම්පත මත පදනම් ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ රජය කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ සඳහා අනුගත වන ලෙසත් ය.
“අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම අපි කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම
ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.
ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.
ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.
එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.
ඊට පිළිතුරු ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.
‘මේ ක්‍රමවේදය වැරදියි’
බීබීසී සිංහල විසින් සිදුකරනු ලැබූ විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.
“ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.
“ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”
ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.
“දැන් මේ ප්රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.
එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.
“සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”
තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”
‘ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි’
මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.
“කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.
එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.
“අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”
ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.
“ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.
| BBC සිංහල සේවය

පළමු ඡන්ද ප්‍රතිඵලය – තංගල්ල නගරසභාව මාලිමාවට

ජනපති, අගමැති, විපක්ෂනායක හා පක්ෂනායකයින් අද ඡන්දය ප්‍රකාශ කල අයුරු
