ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත නිළියක වන Gena Rowlands , දශක හතකට ආසන්න කාලයක් සිය තිර දිවිය අවසන් කරමින්, අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 94 වන වියේ පසු වූවාය.
ඇගේ පළමු සැමියා වන අධ්‍යක්ෂ ජෝන් කැසවෙට්ස් සමඟ මුල්කාලීන ස්වාධීන සිනමාවේ ඇය කළ රඟපෑම් නිසා ජනප්‍රියත්වයට පත් රෝලන්ඩ්ස්, පසුකාලීනව 1998 දී සැන්ඩ්‍රා බ්ලොක් සමඟ කළ “Hope Floats” සහ 2004 දී තිරගත වූ “ද නෝට්බුක්” නිසා කා අතරත් කතාබහට ලක්වූවාය.
1974 හි “A Woman Under the Influence සහ 1980 “Gloria” සඳහා ඇකඩමි සම්මාන දෙකක් සඳහා නම් වූ ඇය 2015 දී ගෞරව ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.