Connect with us

විශේෂාංග

දෙවැනි මනාපය ගණින්නේ කොහොමද?

Published

on

1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය.   2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත.  

රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම යෝජනා දෙනු ඇත. එවිට කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් ඡන්දයක් ලබා ගැනීම පහසු නැත. එවිට සරළව වැඩිම ඡන්ද ලබන පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත් වන්නේ නැත.

ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තේරීමට, දෙවන හා තුන්වන මනාප ගණන් කිරීම හෙවත් ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ ‘දෙවන වටය‘ අනුගමනය කළ යුතු වන්නේය. මෙය නැවත ඡන්ද විමසීමක් (Re Poll) නොව, අදාළ ඡන්ද පත්‍රිකාවේ ම දැක්වෙන දෙවන හා තෙවන මනාප ගණන් කිරීමකි.

සරළ අංක ගණිතයට අනුව, අපේක්ෂකයින් දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟ කරන ජනාධිපතිවරණයක දී මෙම තත්වය ඇති විය හැකිය. විශේෂයෙන්ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි ප්‍රබල අපේක්ෂකයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු තරඟ කරන අවස්ථාවක ‘දෙවන වටය‘ ට ඇති සම්භාවිතාව ඉහළ යන්නේය.

දෙවන මනපාය ගණන් කිරීම පිළිබඳ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළකට පෙර තැබූ සටහනක්, ඔහුගේ එකඟතාව මත මෙසේ උපුටා දක්වමි.

කිසිඳු අපේක්ෂකයකු (ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්) 50%ක් හා එකක් ලබා නැත්නම් දෙවන වටයට යායුතුය.  මේ පිළිබඳව උදාහරණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද, උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.  A= 40, B = 35, C= 15, D= 6, E= 4   මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

දැන් ‘දෙවන වටයේ දී‘ තරඟය පවතින්නේ A සහ B අතර ය.

පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.  අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. (මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.) C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද, යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද, පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද, ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25 ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

පළමු වටයේ එක හා දෙක ස්ථාන ලැබූ අපේක්ෂකයින් දෙදෙනාට,   දෙවන මනාපය ලෙස එකතු වන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් කොට ගනු ලබන්නේය.

එසේ බෙදීමෙන්, A සඳහා අමතර ඡන්ද 03ක් ද,  B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කරමු.  එවිට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද, ( A= 40+3 = 43) ද, B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත. දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට වඩා එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
* මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
* Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
* A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත. (මහින්ද දේශප්‍රිය)

ඉහතින් දැක්වූ ගණන ක්‍රමවේදය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය නම් ඉහත ඉංග්‍රීසි අකුරු වෙනුවට රනිල්, අනුර, සජිත්, ධම්මික වැනි නම් යොදා මෙම ගණනය කිරීමේ ක්‍රමය නිවැරදිව ග්‍රහණය කර ගැනීම ද, අති විය හැකි අවස්ථාවන් අවබෝධ කර ගැනීම ද වැදගත් වේ. එවිට, 2024 දී ‘දෙවන වටයේ‘ ඡන්දය ගණන් කිරීමට ඇති විභවය ඕනෑම අයෙකුට වැටහෙනු ඇත්තේය.

සරළවම, ජනාධිපතිවරණයේ දී පළමු වටයේ දී වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සහ තව එක් ඡන්දයක් ලබා ගැනීමට කිසිවෙකු අසමත් වන විට,  දෙවන වටයේ දී තරඟය අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිම ඡන්ද ලැබූ දෙනෙනා අතර තරඟයක් බවට පත් වන්නේ ය.

ඔවුන් දෙදෙනා අතර ජයග්‍රාහකයා තීරණය වන්නේ, තෙවන, සිව්වන ආදී සෙසු අපේක්ෂකයින්ට ඡන්ද ප්‍රකාශ කළ ඡන්දදායකයින්ගේ දෙවන (හෝ තුන්වන) මනාපය වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට සලකුණු කර ඇති විට එහි එකතුවට සැලකිල්ලට ගනිමිනි.

එක් ඡන්දදායකයෙකුට එක් කතිරයක් නොව, මනාප දෙකක් හෝ තුනක් තෝරා ගැනීමට ජනාධිපතිවරණයක දී ඉඩ ප්‍රස්ථාව ලැබේ. අවසානයේ දී එය ජයග්‍රාහකයා හෝ පරාජිතයා තීරණය කිරීමට හේතු වනු ඇත.

රනිල් ට පළමු මනාපය දෙන අය ගේ, දෙවන මනාපය කවුද?
සජිත්ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?
අනුර ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?
ධම්මික ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?

මේ චන්දයේ තීරණාත්මකම මනාපය එය විය හැකිය.

රජිත් කීර්ති තෙන්නකෝන්

විශේෂාංග

තෙල් ටැංකි වත්ත බද්ධටදී ඇස්සට දත නියවීම

Published

on

By

උපමා ආප්තෝපදේෂ ජනවහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උගතයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජනගත කරවීමටය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වාගෙන ගියද, සිසුදරුවන් පෙනී සිටින තරඟකාරී විභාග සමත්වීමේ ප්‍රමුඛතාවයට වැඩි අවධානයක් යොමුවීමේදී, සිය භාෂා සහ සාහිත්‍ය අවශ්‍යතාවන් යටවෙන තත්ත්වයන් ඉස්මතුවීම  කණගාටුවට කරුනෙකි. මෙම තත්ත්වය සියළු නිර්මාණශීලී සංස්කෘතික කලා කටයුතු වල පිරිහීමකට මුලපුරයි. වර්තමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන තාක්ෂණික ක්‍රියාදාමයන්ට සමගාමීව ක්‍රීඩා සහ කලාකටයුතු ක්ෂේත්‍රවල බිහිවීමට ඇති රැකියා අවස්ථාවන් අවතක්සේරු කලයුතු නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම වෙනමම ලිපියකින් සාකච්ඡා කලයුතුවෙි.

“වත්ත බද්දටදී ඇස්සට” දත නියවීම යන ආප්තෝපදේශයෙන් ගම්‍යවන අර්ථය නම්, කෙනෙකු සතු ඉහළ ආර්ථික වටිනාකමක් ඇති දිගු කාලයක් අඛණ්ඩ ආදායම් උපයා දීමට සමත් දේපලක් හුදෙක් කෙටිකාලීන ලාභපේක්ෂාවෙන් වෙනත් අයෙකුට බදුදී ඉන් ලැබෙන අවම ආර්ථික වාසියෙන් සෑහීමකට පත්වීමයි. මෙහිදී ඇස්ස යන වචනයේ නියම තේරුම කුමක්ද යන්න නව පරපුරේ පාඨකයින්ට ප්‍රශ්ණයක් විය හැක. ඒය නම් ඵලයක් ගසකට බද්ධ කරන කොටසයි. ඉංග්‍රීසියෙන් Crown යනුවෙන් හඳුන්වනු ලබන ගෙඩිය වැඩෙනතෙක් විශේෂ කාර්යයක් කොට ඵලයක් බවට පත්වූපසු වටිනාකමක් නැති කොටසක් බවට පත්වෙයි. තම දෙමාපියන් දහඩිය මහන්සියෙන් වවාගත් පොල්වතු, සහ වෙනත් වගාවන් දෙවෙනි තෙවැනි පරම්පරාවල දරුවන් ඒවා වැඩිදියුණු කරනවා වෙනුවට ගිවිසගත් බඳු මුදලකට වෙනෙකෙනෙකුට පවරා යම් ආදායමක් උපයාගනී. බඳුහිමියා බදු කාලසීමාවේදී අස්වැන්න නෙලාගෙන එයින් වෙළඳපලේ උපරිම මිල ලබාගෙන අතිරික්ත ලාබයක් හිමිකර ගත්තද වගාවේ වැඩිදියුණුවට කිසිම ආයෝජනයක් නොකරයි. වාරයෙන්, වාරයට ඵලදාව නෙලාගෙන සියළුම ආර්ථික වටිනාකමින් යුතු දේ වගාබිමෙන් ඉවත්කරගෙන ඇස්ස පමණක් ඉතිරි කර යයි. වතු හිමියාට සිය භූමියේ  ඉතිරිව ඇති ඇස්ස ගණනය කිරීමෙන් තමන්ට අහිමි වූ ආදායමේ තරම කොපමණද යැයි යන හෝඩුවාවෙන් සෝසුසුම් ලෑම දත නියවීමෙන් අර්ථ ගන්වයි.  

අපට සැමට සහ රටට මෙම ආප්තෝපදේශය අදාලවනුයේ කෙසේද?

ලිපියට යොදාගෙන ඇති මාතෘකාවේ පණිවිඩයේ දිශානතිය කුමක්ද යැයි පාඨක ඔබට වටහාගැනීම අපහසුනොවේ. ජාත්‍යන්තර ණය මා‌ෆියාවේ උපායමාර්ග වලට හසුවී සිටින අපගේ දේශපාලනඥයින් සිදුකරනුයේ ඉහත ඡේදයෙන් විස්තර කර ඇති සංසිද්ධියමවෙයි. සමහර ආර්ථික වටිනාකම් සහිත සම්පත් බඳුදීමට අමතර සම්පූර්ණයෙන් විදේශිකයින්ට විකුණා දැමීමට ණය උඟුලට හිරකර මානබලයි. අවාසනාවකට ජනතාවගේ නීත්‍යාණූකූල ජනවරමක් නොලද පරහිත ලැදි පාලක පිරිසකින් මෙම කටයුත්ත පහසුවෙන්ම කරගත හැකි බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කරයි.

මානව ප්‍රවර්ධනයේ ආයෝජන එක්රැස්කරවීමට උපයාගතයුතු බඳු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරවලට නොයවා බඳු රහිත අක්වෙරළ සුරපුර වලට යැවීමට පාරකපන නව ලිබරල්වාදී දර්ශනය ශ්‍රී ලංකාව පමණක් නොව තවත් දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල් කිහිපයක්ම මෙම ණය උඟුලට හසුකර ඇත. Schock Doctrine කම්පණ කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය, නිරවි යුධ සමයේ බලගැන්වුණු ඒකධ්‍රැවීය ජගත් සංවිධාන ඔස්සේ ණය උඟුලට මැදිවෙන රටවල් වලට නියම කරයි. තමන්ටම ආවේණික ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නව අදහස් වලින් බංකොලොත් පාලක සමූහයක් සහිත රටවල් වලට මෙම වැරදි මාත්‍රාව වැඩිවැඩියෙන් නියම කරයි. ණය උඟුලෙන් ගොඩවිය හැකි විකල්ප වැඩපිළිවෙලක් සොයාගනු වෙනුවට පාලකයින් තවතවත් ණය මත ආර්ථිකය සංවර්ධනය කිරීමට උත්සහ කරයි.  අවාසනාවක තරම වෙදාම ලෙඩේ බව තේරුම් නොගෙන ඔහුගේ ප්‍රතිකර්මයෙන් සුවවීමට උත්සහ කරන පාලකයින් නොදැනුවත්වම තම රටේ සහ ජනතාවගේ අනාගතය නොරටුන්ට උකස් කර සිටීමයි. කම්පන කේන්ද්‍රීය ආර්ථික න්‍යායයේ උපාය මාර්ග දෙකක් පැහැදිලිව හඳුනාගත හැක. ඉන් පළමුවැන්න අර්බුදයට මුහුණදෙන රටවල් මොන තරම් ආර්ථික අවපාතයන්ට ගොඳුරු වූවද, ගෙවිය යුතු ණය කපා නොහැරීමට ණය හිමියන් පොළඹවනු ලැබීමයි.

දෙවැනුව සිය අනුග්‍රහාශීලීන් උපයා ගෙන ඇති බඳුනොගෙවෙන ධනය ආයෝජනය කිරීමට හැකි අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අර්බුදවලට ගොදුරු රටවල බංකොලොක් දේශපාලනයින්ට සිය අනුගාමී උපදේශකයින් ලවා ක්‍රියාත්මක කරවීමට පොළොඹවයි. ඊළඟ ණය වාරිකය පෙන්වා මෙම නඩය නැවත ණය උඟුලේම හිරකර තැබීම ඔවුන්ගේ අභිප්‍රායයි. මෙය වෙනත් ආකාරයකට දැක්වූවහොත් ශක්තිමත් ආර්ථික වටිනාකම් සහිත රාජ්‍ය ආයතන දුර්වල කරමින් ඒවා පෞද්ගලීකරණය කිරීමට අනුබල දීමයි. එසේ පෞද්ගලීකරණයට භාජනය වන සේවාවන් ශක්තිමක් ලාබදායී ව්‍යාපාරයන් ‌මෙන්ම වෙළඳ ඒකාධිකාරීන් ගොඩනඟාගැනීමට ඉඩකඩ සලස්වාදෙයි. කළු සල්ලි Shadow Finance විශුද්ධිකරණය කරගැනීමට පහසු ක්‍රමවේදයන් ඉබේම නිර්මානයවේ.

ත්‍රිකුණාමලයේ හිස් තෙල් ටැංකි වත්ත සහ රට වැසියන් කලින් කලට මුහුණදෙන ඉන්ධන අර්බුද 

විශාල ධාරිතාවකින් යුත් තෙල් ටැංකි පද්ධතියක් (100 ට ආසන්න) බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ වරාය ආසන්නව ඉදිකර ඇත්තේ 1930 දීය. සිය අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම පරිපාලනය කරගෙන යන ලද්දේ ශක්තිමත් රාජකීය නාවික හමුදාවක් සහිත නැව් සමූහයක් නඩත්තු කරගෙනයාමෙන්ය. බ්‍රිතාන්‍යයද දූපතක් වීමත් ඔවුන් නිතරම තම යටත් විජිත අතරට දූපත් ඒකතු කරගැනීමට ඇල්මක් දැක්වූහ. ඔවුන්ට ආවේණික රාජ්‍ය තන්ත්‍රය හඳුන්වනු ලැබුවේ Gun Boat Diplomacy යනුවෙනි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය ඉදිකර ඇත්තේ ආසියා ශාන්තිකර කලාපයේ සිය ඒකාධිකාරිය නාවික කටයුතු මගින් පාලනය කිරීමට අවශ්‍ය ඉන්ධන ගබඩාකිරීමටය. ඒහෙත් ඉන් වසර 20 කාලපරාසයක් තුලදී හිරු නොබසින අධිරාජ්‍යයේ කඩා වැටීම සිදුවීය. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුනද ත්‍රිකුණාමල වරාය, ගුවන් තොටුපල වල සිය ග්‍රහණයේ තබාගැනීමට බ්‍රිතාන්‍යයන් දැඩි උත්සහයක් ගත්හ. ඒවකට සිටි ජනහිතකාමී දේශපාලන නායකයින් බටහිර කඳවුරේ බලපෑම් නොසලකා බහුජාතික සමාගම් සතුව තිබූ ව්‍යාපාර ජනසතුකලේ පොදුජනතාවගේ යහපත උදෙසාය.

දිවයිනේ ඉන්ධන අවශ්‍යතාවන් සුරක්ෂා කරගැනීමට වර්තමානයේ අපගේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් දූරදර්ශීව කටයුතු කර නොමැති බව කණගාටුවෙන් සටහන් කලයුතුව ඇත. බටහිර බහුජාතික සමාගම් සතුව තිබූ ඛණිජ තෙල් බෙදාහැරීමේ ඒකාධිකාරිය බිදදමා එම කාර්ය සඳහා බිහිකරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අවරගනයේ දේශපාලකයින් අත්කරදී ඇති ඉරණම ගැන අප කම්පා විය යුතුවේ.

දැනට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත්ව ඇත්තේ ඉන්දීය IOC සමාගම සහ චීනයේ SINOPEC සමාගමයි. ඉන්දියාවවත් චීනයවත් ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැත. ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒම රටවල් දෙකම විශිෂ්ඨ ඝණයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන් මැදපෙරදිග රටවල් සහ රුසියාව සමඟ පවත්වාගෙන යයි. ප්‍රගතිශීලී රටවල් හා ශ්‍රී ලංකාව පවත්ගෙන ගිය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හේතුවෙන් බටහිර රටවල් සහ ඉන්ධන සමාගම් වල බලපෑම් වලට හසු නොවීමට ඉරාණ රජයේ දායකත්වය මත සපුගස්කන්දේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකරන ලදි. ඒවා වැඩි දියුණු කර, වෙළදපලේ බොරතෙල් මිල අඩුවනවිට ආනයනය කොට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් වත් අළුත්වැඩියා කොට ගබඩා කොට නඩත්තු කරවීමට තරම්වත් දුරදක්නා දැනනුවණක් තිබුණු රාජ්‍ය පාලකයින් නොසිටීම ජාතියේ අවාසනාවකි. ඛණිජ තෙල් ආනයනය කරවීමට කැදවන ටෙන්ඩර් මගඩි පාලනය කර සිය මඩිය තරකර ගැනීමේ කෙටි කාලීන වාසිය තකා ජාතියේ අනාගතය නොරටුන් අතට බාරදීමට පොරකන දේශපාලකයින් ගැන ශ්‍රී ලාංකේයන් සියළු දෙනාම විමසිලිමත් විය යුතුය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ණයබර සැහැල්ලු කර විදේශ ආයෝජකයින්ට පිරිනැමීම 

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසට ශ්‍රී ලාංකාව පැවැති කාලයේ රාජ්‍ය පාලනය සතුවුයේ සිය අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරු කරවීමට තීන්දු තීරණ ගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සතුවය. රාජ්‍ය තාන්ත්‍රිකයින්  කටයුතු කරනුයේ සිය අරමුණු අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමේ දිගුකාලීන වැඩපිළීවෙලක් මත පිහිටාය. නිදහසින් පසු දිවයිනේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන් කටයුතු කර ඇත්තේ අතලොස්සක් වූ දේශපාලකයින් කිහිප දෙනෙකි.

විශේෂයින් 1978 ව්‍යවස්ථා සංශෝධනයින් පසු ඒතෙක් රාජ්‍ය තන්ත්‍රය උසස් මට්ටමකින් පවත්වාගෙන යන ලද සිවිල් පරිපාලනය අවරගනයේ දේශපාලනයින්ගේ අතකොළුක් බවට පත්වීය. ඉන් අනතුරුව දේශයේ කඩාවැටීම උත්සන්න විය. වත්මන් දේශපාලකයින් විදේශ උපදේශකයින් ගේ උපදෙස් අනුව නටනවා හැර රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග සොයා නිර්මාණශීලී වැඩ පිලිවෙලක් රටට හඳුන්වාදීමට සම්පූරුණයෙන්ම අසමත්ය. ඔවුන් සියළුදෙනාම ජාත්‍යන්තර ණය මාෆියාවේ සුරතළුන් වීමට කළුකෝට් වලින් සහ කිරිකොකුන් මෙන් ජාතික ඇඳුමෙන් සැරසී පොරකති.

රාජ්‍ය ආයතන නිසිපරිදි කලමනාකරණය නොකර දේශපාලන හෙංචයියලා යටතේ අවභාවිතාව රට දැනට මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ මර්මස්ථානයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය මේ අතරින් ඉදිරියෙන්ම සිටී. දැනට ශ්‍රී ලාංකේයන් ගේ ජීවන වියදම අසාමාන්‍ය ලෙසට ඉහළ යාමට හේතුව මෙම ආයතන සිදූවූ දූෂණ සහ වංචාවන් සහ දුර්වල කලමණාකරණයයි. මෙම තත්ත්වයට හේතුව ප්‍රධාන ලෙසම දායකවී ඇත්තේ රාජ්‍ය පාලකයින් සිය බලය අයුතු ලෙසට භාවිත කරමින් බැංකුවලට මෙම ආයතන වලට ණය මුදල් සපයා දීමට බල කර සිටීමයි. මේ සඳහා බැංකුවලට භාණ්ඩාගාර ඇපකර සුරැකුම් ලෙසට සපයමින් කෙටිකාලීන අවශ්‍යතාවයන් සපුරාගැනීම දිගු කාලීනව ආයතන බංකොලොත් කරවීමට කටයුතු කර ඇත. ඉතාමත් පටු දැක්මක් සහිත අවරගනයේ දේශපාලකයින් සිය කෙටිකාලීන ලාභ අපේක්ෂාවන් උදෙසා ජාතියේ අනාගතය විනාශ කර ඇති ආකාරයන් තවදුරටත් පහත ඡේදයන්හි සාකච්ඡා කෙරේ.

රාජ්‍ය බැංකු දුර්වල කර කඩා වැට්ටවීමේ නව උපාය මාර්ගය

දරාගත නොහැකි මට්ටම් වලට රාජ්‍ය ණය ප්‍රසාරණය කිරීම හේතුකොටගෙන වර්තමාන මුල්‍ය ක්‍රමවේදය දැඬි අවදානමකට ලක්ව ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්වයක් නොවන අතර දියුණු ශක්තිමත් ආර්ථික මට්ටම් ඇති බොහෝ රටවල් වලද මෙම අවදානම වැඩිවෙමින් පවතී. මූල්‍ය අර්බුදයන් තාවකාලිකව සමණය කරගැනීමේ මුදල් අච්චු ගැසීමේ Quantitative Easing උපාය මාර්ගය වෙනත් ආකාරයේ අර්බුද රැසක් අත්කර දී ඇත. ඒ අනුව දැඬි උද්ධමණකාරී තත්වය නිසා පාරිබෝගික භාණ්ඩ සිය සේවා වල මිල ගණන් සීඝ්‍රයෙන් වැඩිවන අතර, වෙළදපලේ පොලී අනුපාතයන් ඉහල මට්ටමක පවතී. අසාමාන්‍ය ලෙසට ඉහළ  මට්ටම් වල ඇති ණය ප්‍රමාණයන්ට අවශ්‍ය කරන පොලී ගෙවීමට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ගතයුතුවේ. ආර්ථිකයේ ප්‍රසාරණයන් කිසිසේත් වැඩිකර ගැනීමට අපොහොසත් රජයන් ණය බර අඩුකරවීමේ විකල්ප වැඩ පිලිවෙළ වෙත යොමුවෙන තත්ත්වයන් දැක ගත හැක. මහජන තැන්පතු වලින් ශක්තිමත් වී ඇති රාජ්‍ය බැංකු මතට වැඩි බරක් පැටවීමේ උත්සහයක හෝඩුවාවක් දැන් කරලියට පැමිණ ඇත. රාජ්‍ය බැංකුවල පැවැත්ම සහ ආර්ථික කටයුතු වලට සක්‍රිය ලෙසට දායකවීම ලතින් ඇමෙරිකානු රටවල සහ ආසියාතික රටවල පැවැතුනද බටහිර ධනවාදී කදවුරේ මුල්‍ය පද්ධතිය මෙහෙයවන්නේ පෞද්ගලික බැංකු මාර්ගයෙනි. එකී රටවලද ආර්ථික අවපාතයන් පාලනය කරනු වස් දැන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් Quantitative Tightening අනුගමනය කිරීමට පෙළඹී තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම නිරතුරු රාජ්‍ය ණය අර්බුද සහ ජාත්‍යන්කර ණය මාෆියාවේ ගොදුරක්ව ඇති ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනාවේ Banco Nacion යනු රටේ ආර්ථික මර්මස්ථානයක් වන රාජ්‍ය බැංකුව පෞද්ගලීකරණයට කිරීමට වත්මන් ජනාධිපති ජාවියර් මිලී ගේ උත්සහය බැංකු සේවකයින්ගේ La Bancarios යන ශක්තිමත් වෘත්තීය සමිතියේ විරෝධතාවය මත වලක්වාගෙන ඇත. La Bancarios වෘත්තීය සමිතිය මහා වැඩවර්ජනයක් සහ සිය බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ අත්සන් දශලක්ෂයක් ලබාගෙන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීන්දුව පරාජය කලහ. උග්‍ර දක්ෂිනාංශික මතධාරියෙකු වන  ජනාධිපති ජාවියර් මිලී ගේ දේශපාලන පැවැත්මට මෙකී විරෝධය දැඩි බලපෑමක් එල්ල කර තිබේ.  

ඛණිජතෙල් සංස්ථාව ගොදුරු වූ ඉරණමට රාජ්‍ය බැංකු පත් කරවීම

රටේ ආර්ථික කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ ප්‍රම්‍රඛතාව මත පිහිටා රාජ්‍ය බැංකු ඛණිජ තෙල් සංස්ථාවට විශේෂ ණය පහසුකම් රජයේ ඇපකරණයන් මත කාලයක් තිස්සේ සපයා ඇත. කෙටිකාලීන ලාභ අපේක්ෂාවේන් පාරිභෝගිකයින් ගසා කමින් දූෂිත කලමනාකරණයන් මත ණය බරින් පිරි තෙල් සංස්ථාව දැන් රජයට පවත්වාගෙන යා නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලැබී ඇත.

මෙම ආයතනය සිය ආධිපත්‍යට ගැනීමට කැසකවන ජගත් භූ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ නැඟී ඒන රටවල් දෙකක් ලාබදායී ඛණිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ මැදිහත්ව ඇත. මෙම රටවල් දෙකම සිය බලශක්ති අවශ්‍යතාවන් සපුරාගැනීමට දිගු කාලීන වැඩපිලිවෙලවල් ක්‍රමවත්ව දියත් කර ඇත. ඒවැනි අවශ්‍යතාවන් ගැන කිසියම් සංඝත වැඩපිලිවෙලක් නොමැති ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ඒම රටවල උපායමාර්ග ශක්තිමත් කිරීමට මගබලා සිටිත්.

මෑතකදී ස්වීයත්වය ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ඛණිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ණය බරින් සැහැල්ලු ව්‍යාපාරය  පෞද්ගලීකරණය කිරීමට සුදානම් කරමින් සිටී. ජනමාධ්‍ය වාර්තාවන් සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශණ අනුව බැංකු වලට ඛණිජ තෙල් සංස්ථාව ගෙවීමට නියමිත පොලී ප්‍රමාණයන් අත්සිටවීමට නියෝග ලැබී ඇතැයි වාර්තා කර සිටී. මහජන තැන්පත් වලින් පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවලට හිමිවිය යුතු විශාල ණය ප්‍රමාණයක පොලිය අහිමි වීම ඒකී ආයතන ලාභදායීව පවත්වාගෙන යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත. මෙම ප්‍රයත්නයේ යටි අරමුණ ශක්තිමත් රාජ්‍ය බැංකු දුර්වල කර රටේ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය මාෆියාවෙන්ම සපයා ගැනීමට පෙළඹවීමකට මුලපිරීමක් විය හැක. ඉහත විස්තර කල කරුණු සළකා බැලීමේදී දැන් සිදුවෙමින් පවතින්නේ දරාගත මට්ටමකට ව්‍යාප්තවී ඇති ස්වෛරීය ණය මහජනතාවගේ ඉතුරුම් වලින් හිලව් කර දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යොමුකරවීම සඳහා විය හැක.

ආප්තෝපදේශයකින් ඇරඹි ලිපිය තවත් ජනවහරේ ඒන උපමා කතාවකින් අවසන් කරමි. “කැවුම් ගෙඩියට පොරකෑ බලළුන් දෙදෙනාට සිදුවූ ඉරණමම” දැන් ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අත්විදිමින් සිටී. වෙනසකට ඇත්තේ ලාංකේය දේශපාලකයින් සිය බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලාංකේය කැවුම් ගෙඩිය වඳුරන් දෙදෙනෙකු වෙත ගෙනයාමට පොර කෑමය.

ජයශ්‍රී ප්‍රියලාල්

Continue Reading

විශේෂාංග

කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය තවමත් අවදානම් !

Published

on

By

මේ සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කළ යුතුම ප්‍රවෘත්තිය වූයේ විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන වාරිකය අනුමත කිරීමයි. 

ඩොලර් මිලියන 336ක තුන්වන වාරික මුදල ලබාදීමත් සමගින් ආර්ථිකය නැවත යථා  තත්වයට පත්කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරමින් මෙරට මූල්‍ය පාලනයක් සහ මුල්‍ය විනයක් ඇති කිරීමේ වැඩ සටහන තව දුරටත් ශක්තිමත් කිරීමට රජයට හැකියාව ලැබෙනවා ඇත. අනුමත කර ඇති මුලු ණය මුදල ඩොලර් බිලියන තුනකි.

ජා.මු.අ. නියෝජ්‍ය පාලන අධ්‍යක්ෂ Kenji Okamara සඳහන් කර ඇත්තේ පසු විපරම් අනුව ශ්‍රී ලංකාව අනුමත කර ඇති ඩොලර් බිලියන 3ක මුදලින් තුන්වන වාරිකය ශ්‍රි ලංකාවට ලබාදෙන බවයි. 

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඵලදායිතාවය ඉහළ අගයක තිබුණත් ආර්ථිකය තවමත් පවතින්නේ චංචල සහ පසුගාමී තත්ත්වයක බවයි.

තිරසාර ණය කළමනාකරණයන් සඳහා යන ගමනේ ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය තවමත් පවතින්නේ පිහිතලයක අග බවයි. 

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ වහා කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. 

IMF වාර්තාවේ පහත   සඳහන් සටහන් රජයටත් විපක්ෂයටත් ඉතාමත් වැදගත් වන බවය අපගේ හැගීමයි. නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ 

IMF එක පැත්තෙන් කියලා තිබුණේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත්, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් තියන බවත්, ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සම්පුර්ණ කරලා තියනවා කියලයි.

ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බවත්,  ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවත්, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මුල්‍ය විනය වැඩිදියුණු කිරීම,ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීම, මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර තවදුරටත් ගත යුතු බව IMF එක පැත්තෙන් අවධාරණය කරලා තිබුණා.

දළ දේශීය නිෂ්පාදිතය 2023 දෙවන භාගයේදී 3%කින් ප්‍රසාරණය වී ඇති අතර, 2024 මැයි උද්ධමනය 0.9%ක් වූ බවත්, 2024 අප්‍රේල් අවසන් වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සඳහන් කරන්නේ විධායකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හදිසියේ ඇති කරගන්නා ලද එකඟතාවයන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි. 

තුන්වන වාරිකය ලැබුණද ඊට පෙර ණය හිමියන් නියෝජනය කරන පැරිස් සමාජය ( Paris Club) ඉන්දියාව සහ චීනය අතර ඇති කරගත යුතු ණය ප්‍රතිව්‍යුහගත   කිරීමේ එකඟතාවය දිනෙන් දින කල් යන බවත්ය. 

විදේශීය ස්වෛරී අරමුදල් හිමියන් (Sovereign Bond Holders )අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඔවුන් විසින් නව කොන්දේසි පැනවීම සහ ණය කපා හැරීම (Hair cut )7.5% දක්වා අඩු කිරීමට යෝජනා කිරීම නිසා එම සාකච්ඡා ද අතර මග නතර වී ඇත. 

2027 දක්වා ණය වාරික ගෙවීම ප්‍රමාද කළ හැකි වුවත් මේ වන විට එනම් 2022 තිබූ රාජ්‍ය  ණය ප්‍රමාණය නැවතත් ඉහල ගොස් තියනවා. අලුතින් ගන්නා ලද ණය සහ උපචිත පොලිය සමග පසුගිය සතිය වන විට ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මෙය අනතුරුදායක තත්ත්වයක්.  (Alarming situation)

ශ්‍රි ලංකවේ ගෙවීමට ඇති ණය ඩොලර් බිලියන 100 ඉක්මවයි. !! 

සමහර සාර්ව ආර්ථික බැරෝමීටරවල ආන්තික වැඩිදියුණු කිරීම් මධ්‍යයේ සහ සියලුම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවද 

ශ්‍රී ලංකාවේ ණය කන්දරාව ඇමෙරිකානු ඩොලර් බිලියන 100.18 දක්වා ඉහළ ගොස් ඇති අතර තෝරාගත් ණය සඳහා නොගෙවූ මූලික හා පොළිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ඉක්මවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නය ඩොලර් බිලියන 12 කට වඩා නොගෙවා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 500ක ISB ණය මුදලක් මේ මස අගදී ගෙවීමට නියමිත අතර ශ්‍රී ලංකාව දැන් ආසියානු සංවර්ධන බැංකුවට (ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක්) සහ ලෝක බැංකුවට (ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක්) ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5ක් ණය වී ඇත. 

මූල්‍ය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ පළමු කාර්තුවේ රාජ්‍ය ණය දත්ත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා යටතේ නිකුත් කර ඇති අතර, දේශීය ණය දෙසැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 52.64 සිට ඇමරිකානු ඩොලර් බිලියන 57.28 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරයි – එය ආසන්න වශයෙන් 9% ක වැඩිවීමකි.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ බාහිර ණය සඳහා සේවා සැපයීම අත්හිටුවීමෙන් පසු, නොගෙවූ ණය සේවාව ඩොලර් බිලියන 4.45 දක්වා ගොඩගැසී ඇති අතර, නොගෙවූ පොලී පසුගිය වසර අවසන් වන විට ඩොලර් බිලියන 2.08 දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වලින් පිලිබිඹු වේ.

2023 දෙසැම්බර් අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 96.17 කි. ඒ, මූල්‍ය හා මූල්‍ය නොසැලකිලිමත්කම සහ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන් විසින් තල්ලු කරන ලද පෙර නොවූ විරූ ආර්ථික බිඳවැටීමෙන් වසරකට පසුවය.

ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව නැවත නැවතත් සාර්ව ආර්ථික ප්‍රථමාධාර සපයා ඇති අතර විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළ විවිධ තීරණාත්මක ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබා දී ඇත. බහුපාර්ශ්වික ණයවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් දරන බව දත්ත පෙන්වා දෙයි. රට පසුබෑමකට ලක්ව සිටියදී ලිට්‍රෝ ගෑස් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 70 ක ණයක් සමඟ ඉවුම් පිහුම් ගෑස් නැව්ගත කිරීම සඳහා මූල්‍යාධාර ලබා දුන්නේ ලෝක බැංකුවයි, දෙසැම්බර් මාසයේ ‘අස්වැසුම’ මුදල් ආධාරය ඇතුළුව අයවැය ආධාර වශයෙන් ඩොලර් මිලියන 500 ක් ලබා දුන්නේ ය.

ලෝක බැංකුව විසින් පොලී අනුපාත අවදානම් අවම කිරීම සඳහා (ඇ.ඩො. මිලියන 38 ක පමණ අනාගත පොලී ගෙවීම් සඳහා විභව ශුද්ධ වර්තමාන අගය ඉතුරුම්) සහ මූල්‍ය අවදානම් සහ ද්‍රවශීලිතා කළමනාකරණය සඳහා මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය පුහුණු කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 672.3ක් වන අතර මේ සතියේ එම ප්‍රමාණය තවත් ඩොලර් මිලියන 331 කින් ඉහල යනු ඇත.

රට ණය වී ඇති ණය කන්දරාව පිළිබද ජනතාව දැනුවත්වීම ඉතා වැදගත්වන අතර මේ සා විශාල ණය කන්ද ගෙවා අවසන් කරන දවසක් පිළිබදව අපට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

සතියේ ආර්ථික විමසුම
සේන සූරියප්පෙරුම

Continue Reading

විශේෂාංග

Blockout: ජනප්‍රිය පුද්ගලයින් පරිශීලකයින් විසින් අවහිර කිරීමේ සමාජ මාධ්‍ය ප්‍රවණතාව

Published

on

By

ජනප්‍රිය පුද්ගලයින් අවහිර කරන (Block) ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මැයි මස මුල් සති අන්තයේ අවධානය ලබා ගත්තේ ය.

ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කිරීමට සහ අවහිර කළ යුතු අයගේ ලැයිස්තු පළ කිරීමේදී #blockout සහ #blockout2024 යන හැෂ් ටැග් යොදනු ලබයි.

ලොව පුරා සිදුවන මනුෂ්‍ය ව්‍යසන සහ යුද්ධ, විශේෂයෙන් ඊශ්‍රායල-ගාසා යුද්ධය සම්බන්ධයෙන් හඬ නැගීමට අපොහොසත් වීමේ හේතුව මත මෙම ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක වී තිබේ.

එම හැෂ් ටැග් දැනටමත් කලක සිට භාවිත කර ඇතත්, ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ, ආකර්ෂණීය ඇඳුම්වලින් සැරසුණු ජනප්‍රිය පුද්ගලයින් සහභාගි වන ඇමෙරිකාවේ අරමුදල් රැස්කිරීමේ උත්සවයක් වන Met Gala උත්සවයෙන් පසුව ය.

ඔවුන්ගේ සමාජ මාධ්‍ය අනුගාමිකයින් සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබිය හැකි ඉපැයීම් අවහිර කිරීමෙන් ඔවුන්ගේ ආදායම් අවහිර කිරීම අරමුණ විය.

අවහිර කිරීම ආරම්භ වූයේ කෙසේ ද?

The Met Gala නමැති අරමුදල් රැස් කිරීමේ උත්සවය, නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙනුවෙන් මැයි 6 වන දා පැවැත්විණි.

එය වසරේ වඩාත් ම අවධානය යොමු වූ රතු පලස් විලාසිතා ඉසව්වලින් එකක් වන අතර, ඊට ලෝකයේ ධනවත්, ප්‍රසිද්ධ විශාල පිරිසක් සහභාගී වන නමුත්, මෙවර එය ගාසා යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහ කළ විරෝධතාකරුවන්ගේ අවධානයට ලක් විය.

මීට පෙර පැවති Met Gala උත්සව හරහා දේශපාලන පණිවිඩ ඉදිරිපත් වී තිබේ. එනම් 2021 වසරේදී ඇමෙරිකානු කොන්ග්‍රස් මන්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සිය පිටකොන්දෙහි “ධනවතුන්ට බදු ගසනු” යනුවෙන් සඳහන් පණිවුඩයක් සමග සහභාගී වූ අතර, තවත් ජනප්‍රිය පුද්ගලයින් #MeToo ව්‍යාපාරයට හෝ යුක්රේනයට සහය දැක්වීම සඳහා විශේෂිත ඇඳුම්වලින් සැරසී ඊට සහභාගි වී තිබේ.

ඔකාසියෝ-කෝර්ටෙස් “Tax the Rich” යනුවෙන් සඳහන් ඇඳුමෙන් සැරසී

මැයි 8 වන දා, @BlockOut2024 නම් TikTok භාවිත කරන්නෙකු, “ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කරන්න. එවිට ඔවුන්ට ඔබෙන් දැන්වීම් හරහා ආදායමක් ඉපයීමට නොහැකිය” යනුවෙන් වෙනත් පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා වීඩියෝවක් පළ කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එය මිලියන 2.4 වාරයක් නරඹා තිබිණි.

පසු දිනයේ, ladyfromtheoutside නමින් හැඳින්වෙන තවත් TikTok භාවිත කරන්නෙකු, නිරූපිකාවක වන හැලේ කලීල්ගේ වීඩියෝවක් උපුටා දැක්වූ අතර, එහි ඇය ප්‍රංශ විප්ලවයට පෙර අවසන් ප්‍රංශ රැජිණ වූ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මාරි ඇන්ටොයිනෙට් මෙන් “ඔවුන්ට කේක් කන්න දෙන්න” යනුවෙන් කියනු දැකිය හැකි ය.

මාරි-ඇන්ටොයිනෙට් ගිලටීනයට හසු කිරීමෙන් ඝාතනය කරනු ලැබුවේ, සාමාන්‍ය ජනයාගේ දුක් වේදනාවලින් බැහැර වූ රාජකීය පවුලක් සමග පැවති සම්බන්ධය නිසා ය.

ඇයගේ ඇඳුම ගැන සඳහන් කිරීම පමණක් අරමුණු කළ නිරූපිකාවගේ අදහස් ඒ හා සමානව ම අසංවේදී බවට විවේචනයට ලක් විය.

මුල් වීඩියෝව උපුටා දක්වමින් ladyfromtheoutside පැවසුවේ: “ජනතාවට දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා, මම ඩිජිටල් ගිලටීනය කියලා හඳුන්වන්න කැමති දේ ක්‍රියාවට නංවන්න.”

“උග්‍ර අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා තම සම්පත් භාවිතා නොකරන සියලු ම ප්‍රසිද්ධ පුද්ගලයින්, සමාජීය බලපෑම් කරන්නන් සහ ධනවතුන් අවහිර කිරීමට කාලයයි,” ඇය දින හතරක් තුළ ලයික් 580,000ක් ලැබුණු පෝස්ට් එකක සඳහන් කර තිබිණි.

එම පෝස්ටුව සඳහා පළ කර තිබූ බොහෝ අදහස් මගින් ප්‍රසිද්ධ පුද්ගලයින් විවේචනය කර තිබුණේ, ඔවුන් ඔවුන්ගේ අදහස් ගැන කතා කළහොත් ගිවිසුම් අහිමි වේ යැයි බියෙන් පසු වන බවට ය.

එය ව්‍යාප්ත වූයේ කෙසේ ද?

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වැඩි වැඩියෙන් ඒ පිළිබඳව ලිවීමට හෝ වීඩියෝ සැකසීමට පටන් ගත්හ.

එකී සති අන්තයේදී “blockout” යන වචනය සහිත පළ කිරීම් පිළිබඳ ෆේස්බුක් අන්තර්ක්‍රියා (interactions) 10 ගුණයකින් පමණ වැඩි විය.

“blockout” යන වචනය ගූගල් තුළ සෙවීම හත් ගුණයකින් ඉහළ ගියේ ය.

ඇතැම් පුද්ගලයින් අවහිර කළ යුතු ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක් හුවමාරු කිරීම ආරම්භ කළහ.

පුද්ගලයන් විසින් සාදන ලද ලැයිස්තුවල වෙනස්කම් පැවතිණි. එහෙත්, කිම් කාර්ඩේෂියන්, ටේපර් ස්විෆ්ට්, බියොන්සේ, ජස්ටින් බීබර්, සෙන්ඩේයා, කාන්යේ වෙස්ට්, මිලී සයිරස් සහ සෙලීනා ගෝමස් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ඇතැම් ලැයිස්තුවල ඇතුළත් කර තිබේ.

කිම් කාර්ඩේෂියන් මේ වසරේ Met Gala උත්සවයේදී

ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට, ඔවුන් ෆලෝ කරන ගිණුම් පමණක් නොව ඇතැම් විට ඔවුන් ෆලෝ නොකරන ගිණුම් ද, “for you”, “suggested” හෝ “explore” යනුවෙන් හඳුන්වන තීරු තුළ පෙන්වයි.

ගිණුම් අවහිර කිරීමෙන්, එවැනි තීරුවල ඔවුන් ව නොපෙන්වන බවට තහවුරු වේ.

විරෝධතාවයෙන් සිදුවූ බලපෑම කුමක් ද?

is කොපමණ පිරිසක් විසින් ගිණුමක් අවහිර කරනු ලැබ ඇත්දැයි බැලීමට හැකියාවක් නොමැති හෙයින් සංඛ්‍යාත්මකව බලපෑම මැනිය නොහැකි ය.

එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය යෙදුම්, භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගිණුමක් අවහිර කරන විට එය අන්ෆලෝ කරන ලෙස ය.

සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ වෙබ් අඩවියක් වන Social Blade වෙබ් අඩවියට අනුව, වඩාත් ම විවේචනයට ලක්වූ නිරූපිකාව වන හැලේ කලීල්ට, TikTokහි අනුගාමිකයින් (followers) 100,000 ක් පමණ අහිමි වී ඇති අතර එහි අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 10 සිට මිලියන 9.9 දක්වා පහත වැටී ඇත.

අවහිර කිරීම සඳහා යෝජනා කළ ලැයිස්තුවල ඇතුළත්ව සිටි අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින්, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ සංඛ්‍යාවේ විශාල වෙනසක් දැක නැත.

කෙසේ වෙතත්, විශාල පිරිසක් එම ගිණුම් අවහිර නොකරන බව ඉන් අදහස් නොවේ: අවහිර කරන සමාජ මාධ්‍ය භාවිත කරන්නා දැනටමත් ගිණුම ‘ෆලෝ’ නොකරන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අනුගාමිකයින් සංඛ්‍යාවේ වෙනසක් ඇති නොවේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved