විශේෂාංග

‘නාටු නාටු’ ඉතිහාසයට එක්වෙයි 

Published

on

තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන ‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමින් ඉතිහාසගතව තිබේ.

මෙම අතිශය ජනප්‍රිය ගීතය ලේඩිගාගා, රිහානා වැනි ප්‍රබලයන් පරදවමින් 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගැනීම විශේෂිතය.

එහි සිත්ඇදගන්නා තාලය සහ නර්තන නිර්මාණය ලොව පුරා රසිකයන් වසඟයට පත් කොට තිබිණි.

සම්මානය භාරගනිමින් (මෙම ගීතයේ) රචක එම්.එම්. කීරවානි පැවසුවේ ගීතය “හැම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය” බවය.

ඇමෙරිකානු සංගීත ශීල්පීන් යුගලයක් වන The Carpenters (විසින් ගායනා කළ) ගීතවලට සවන් දෙමින් තමා හැදී වැඩුණු බව පැවසූ ඔහු, සිය කතාවේ ඉතිරිය ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් වන Top Of The World ගීතයේ තාලයට ගායනා කළේ ය.

RRR ( චිත්‍රපටය) “මාව ලෝකයේ ඉහළට ම ගෙන ගියා” යැයි ඔහු පැවසූ විට ප්‍රේක්ෂකාගාරය වේගයෙන් සිනාසෙමින් අත්පොලසන් දුන් හ.

‘නාටු නාටු’ ජනවාරියේ දී ඉතිහාසගත වූයේ එය ‘ගෝල්ඩන් ගොල්බ්’ හොඳම ගීතයට හිමි සම්මානය පළමුවරට ඉන්දියාවට දිනා දෙමින් ය.

එම මාසයේ දී ම, ‘ක්‍රිටික්ස් චොයිස්’ සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද එය දිනාගත්තේ ය.

තෙළිඟු බසින් “නටන්න, නටන්න” ලෙස පරිවර්තනය වන (මෙම) ජවසම්පන්න රිද්මය, පසුගිය වසරේ එක්සත් ජනපදයේ දී චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම උද්වේගයක් ඇති කළේ ය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක, එස්.එස්.රාජමෞලි ‘වැනිටි ෆෙයාර්’ වෙත පවසා ඇත්තේ ඔහු ‘නාටු නාටු’ නිර්මාණය කළේ, නර්තනය මගින් බ්‍රිතාන්‍ය නිලධාරියෙක් දණගස්වනා නිදහස් සටන්කාමීන් දෙදෙනෙකුගේ “සටන් දර්ශනයක්” ලෙස බවයි.

Rise (පිබිදීම), Roar(ඝර්ජනාව), Revolt(කැරැල්ල) (යන වචන වල) කෙටි යෙදුම වන RRR, යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික ෆැන්ටසියකි.

විශ්මයජනක වීර ක්‍රියාදාම චිත්‍රපට ඉන්දියාවේ වැඩිම මිලක් ඇති චිත්‍රපටවලින් එකකි. (මෙම) ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන් 150ක් හා කාර්‍යමණ්ඩලයේ 200ක් සමගින් දින 15ක් පුරා රූගතකරන ලදි.

මෙම ගීතයේ, තෙළිඟු කතා කරන ප්‍රාන්ත වල නිතරම යොදාගන්නා ජන ගී සහ ග්‍රාමීය පසුබිම් කිහිපයක රිද්මයන් ඇතුළත් ය.

මූලාශ්‍රය – බීබීසී සිංහල

Trending

Exit mobile version