විශේෂාංග
පැරණිම දේශපාලන පක්ෂයක් ඝාතනය කිරීම
Published
4 months agoon
By
editor
ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය රැකගන්නට කටයුතු කළේය. රටම දන්නා කොමියුනිස්ට්වාදීන් 43 ක් ඝාතනය විය. ඔවුන්ට උමවමනා වූවේ ‘කොමියුනිස්ට් පක්ෂය’ ඝාතනය කිරීම ම ය.
ජවිපෙට කොමියුනිස්ට් පක්ෂය සමඟ මාරාන්තික ‘ඇරියස් එකක්’ තිබුණි. ජවිපෙ මුලින්ම රටට හෙළි කළේ 1969 නොවැ. 9 කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරේ ‘තරුණයින් බිලිගන්න සී.අයි.ඒ. කෙමනක්’ ප්‍රවෘත්තියෙනි. ඒ ගින්න කිසිදා නිවුණේ නැත.
කොමියුනිස්ට් පක්ෂයේ ‘ලංකා ජාතික ශිෂ්‍ය සංගමය’ සතු වූ සරසවි ශිෂ්‍ය බලය, ජවිපෙ විසින් 1978 න් පසුව උදුරාගත්තේය. දෙවන කැරැල්ල ආරම්භයේ දී ම, ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් හය (6) දෙනකු ඝාතනය විය. දෙවිනුව බී.ජේ. අබේසේකර ඝාතනය කරනු ලැබූවේ අලවංගුවකින් පහර දී ය. මාතර වසන්ත කුමාර සේනාධීර, පුත්තලම අමිල දුල්ෂාන් ද සමඟ කොමියුනිස්ට් ශිෂ්‍ය ව්‍යාපාරය ඝාතනය විය. දීප්ති ළමාහේවා, දයා පතිරණ, ධර්මසිරි, චමිලි වර්ණකුලසූරිය, නිර්මාල් දේවසිරි, ශිරාල් ලක්තිලක, තිසරණී ගුණසේකර, උපුල් ශාන්ත සන්නස්ගල, ජගත් වැල්ලවත්ත, අනෝමා ජනාදරී වැනි දැවැන්තයින් බිහිකළ ‘ස්වාධීන ශිෂ්‍ය සංගමය’ මෙන්ම කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමය ද කැරැල්ලෙන් අවසන් ගමන් ගියේය! ‘අන්තරය’ බිහිවූවේ මේ ශිෂ්‍ය සංගම් දෙකේ
ඝාතන හිඩස තුල ය.
‘එක්සත් සමාජවාදී පෙරමුණ’ හදන්නට අවශ්‍ය කාර්යාලීය හා මානව සම්පත් ලැබුණේ කොමියුනිස්ට් පක්ෂයෙනි. සෝවියට් දේශයෙන් ලැබුණු මුදල්, බුද්ධිමතුන්, මුද්‍රණාලය සහ ‘ඇත්ත පත්තරය’ එයට හේතුවිය. ජවිපෙ 1987 ඔක්තෝබර් 1 සවස 6.45 ට පමණ ‘ඇත්ත’ පත්තරයට ගිණි තබා කාර්යාලය විනාශ කළේය. සේවකයින් බැඳ දමනු ලැබීය. ආණ්ඩුවේ 1988 මැයි 20 දින ලේක් හවුස් පත්තර සමඟ ‘ඇත්ත’ ද ‘මුද්‍රණය, බෙදාහැරීම හා කියවීම’ තහනම් කළේය.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ක්‍රියාකාරීන් 87 -89 ගැන සෑම විටම පැවසූවේ, ‘ජවිපෙට එල්ල වූ රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රතිචාරයක්’ ලෙසය. නමුත්, කොමියුනිස්ට්, සම සමාජ, මහජන, නසසප, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය ඇතුළු පැරණි වමට ප්‍රහාර එල්ල කළේ රාජ්‍ය ත්‍රස්තවාදය
හේතුවෙන් නොවේ. ඔවුන් ඝාතනය කළේ ‘දේශප්‍රේමී සටන් පාඨයටත්, ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම’ නිසාය.
එදා මෙරට ප්රමුඛ ගුරු සංගමය ‘ලංකා ජාතික ගුරු සම්මේලනයේ’ සභාපති රොජ්ර් රත්නායක ඝාතනය කරන විට දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙකි. 1988 සැප්තෑම්බර් 14 බස්රථයකින් ගමන් කරමින් සිටිය දී, ජොර්ජ් රත්නායකට ජවිපෙ දෙදෙනෙකු විසින් පිහියෙන් අනිනු ලැබීය. වයස 8 අඩු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ රත්නායකයන් මැරූ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය. ඝාතක ළමයා රෝර්ජ් යනු කවුදැයි දැන සිටි ද නැත! ජෝර්ජ් සමඟ ගුරු සංගමය ඝාතනය විය! ගුරු වෘත්තීය සමිති බලය පක්ෂයට අහිමි විය.
එල්.ඩබ්ලිව්. පණ්ඩිත (රත්ගම) – පැය 8 වැඩ දිනය, ස්ත්‍රී පුරුෂ සම වැටුප, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීමට මුලික වූ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම්වරයාය. 1988 ජුනි 26 රාත්‍රී දෙමටගොඩ දී පිහියෙන් ඇන ඔහු ඝාතනය කළේය. ජවිපෙ ට වෘත්තීය සමිති ව්‍යාපාරය ජයගැනීමට තිබූ ලොකුම බාධකය පණ්ඩිත නිසා ජවිපෙ 1986 සංවත්තරයක් දවසේ ඔහුට ශාරීරිකව පහර දුන්නේය. කැරැල්ල සිදුවන විටත් ජවිපෙ හි ‘ජාතික වෘත්තීය සමිති සම්මේලනය’ ට සමාජිකයින් නොවූ අතර වැඩවර්ජන කළේ කල්කටස් තුවක්කුවේ හයියෙනි. පණ්ඩිත සමඟ කොමියුනිස්ට් වෘත්තීය සමිතිය ද ඝාතනය විය!
ප්‍රකට ලේඛකයෙකු ද ගුරුවරයෙකු ද වූ හබරකඩ ජේ.ඊ. ගුණසේකර ලොව විශිෂ්ඨතම රැසියන් කෘතියක් වූ ‘උභය ජීවී’ පරිවර්ථනය ඇතුළු පොත් 13 ලියා ඇත. 1988 ඔක්තෝබර් 2 ඔහු මරා දමන විට වසර 72 කි.
මාතර තරුණ සමිතියේ ලේකම් ගාමිණී රණවීර 1988 අගෝස්තු 30 ඝාතනය කරන විට ඔහුගේ බිරිඳ හය මස් ගැබිණියකි.
මේ සියළු දෙනා ජීවිත කාලයට එදා පාලක එජාපයට විරුද්ධව දේශපාලන කළ ඒ නිසා දේශපාලන පළිගැනීමට ලක් වූ, ජීවිතයේ අනෙක පීඩාවන්ට ලක් වූ වාමාංශික පාලනයක් පැතූ ප්‍රතිපත්තිකරුක මිනිසුන් ය!
1983 ජවිපෙ තහනම මේ ඛෙදවාචකයේ ආරම්භය යි. 1982 මැයි 18 පැවති අතුරු මැතිවරණ කිහිපයක තරඟ කල ජවිපෙ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබීය. මහා මැතිවරණයකින් පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීමේ ඉඩ අවහිර නොවූවේ නම්, කැරැල්ල ඇති නොවන්නට ද තිබුණු බව ද කිව යුතුය. නමුත්, මේ ඝාතන ‘රාජ්‍ය ත්රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැත.
ගාමිණී මැදගෙදර පොලොන්නරුවේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සිටිමින් කොමියුනිස්ට් පක්ෂ දිසා ලේකම් ලෙස කටයුතු කළ නීති ශිෂ්‍යයෙකි. ජවිපෙ ඝාතන රැල්ලෙන් මැරූ තුන්වැනියාය. මාතලෙන් පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයෙකු විසින් මරණ පරීක්ෂණය පවත්වා, පොලොන්නරුවේ මතක වස්ත්‍ර පූජා කොට, දේහය සීදුවේ දී මිහිදන් කරනු ලැබූවේ ජවිපෙ තුණ්ඩු කෑල්ලේ භීෂණයේ පරිමාව ගැන අදහසක් දෙමිනි. විජය කුමාරතුංග මේ මළ ගෙදර සිදු කළ කතාවෙන් දින 4 කට පසු ඝාතනය විය. විජය කුමාරතුංග කොමිෂන් සභාව මේ අවමගුල් කථාව සොයා යන විට එහි විඩියෝ කැසට් එක රූපවාහිනියෙන් ඉවත් කිරීමට තරම් සුක්ෂම වී තිබුණි.
නීතිඥ දේශප්‍රිය බණ්ඩාර වෘත්තියෙන් ඉංජිනේරුවයෙකු ද විය. සරත් මුත්තෙට්ටුගම ගේ දේශපාලන සඟයා වූ දේශප්‍රිය කොළොන්න කොමියුනිස්ට් නායකයාය. බටලන්ද ගැන කතා කරන විට නිතර කියවෙන නීතිඥ විජේදාස ලියනාරච්චි පැහැරගැනීමේ දී පොලිස් පැමිණිල්ල සිදු කළ නීතිඥයා දේශප්‍රිය යි. පුරුද්දක් ලෙස සිය පියාගේ සොහොනට මල් තබන්නට යන දේශප්‍රිය සවස 7.30ට පියාගේ සොහොන අසල දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
(ගෝඨාභය ගේ පුද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාර ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර ගේ පියා ය, දේශප්‍රිය ඝාතනය වෙනත් පක්ෂයක මැරයින් පිරිසක් සිදු කළ බවට ප්‍රබල ජනගත අදහසක් ද ඇත.)
හිටපු විදුහල්පතිවරයෙකු හා සමූපකාර ව්‍යාපාරයේ ගෞරවණීය නායකයෙකු වූ කේ.ඒ.ඩී.සද්ධාතිස්ස අංශභාග රෝගියෙකු ලෙස නිවසේ සිටිය දී 1988 ජනවාරි 5 ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එදිනම ඔහුගේ පුතා වූ කොමියුනිස්ට් තරුණ සංගමයේ දිසා නායක උපුල් සද්ධාතිස්ස තේ දළු එකතු කරන්නට ලොරියක යමින් සිටිය දී එදිනම ජවිපෙ වෙතින් ඝාතනය විය. මාගේ මාමා කෙනෙකු වූ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ කිංස්ලි සර්, මේ පුවත අසා මහ රෑ හැඩු හැටි මට තවම මතකය. සද්ධාතිස්ස ඝාතනය බොහෝ දෙනා දුටුවේ මිලේච්ඡත්වයේ පිළිඹිබුවක් ලෙසිනි.
හෙන්රි පමුණුව 1988 ඔක්තෝබර් 1 දින මහරගම ඔහුගේ නිවෙස ඉදිරිපිට දී ඝාතනය කරන ලද්දේ රාත්‍රී 7.30ට පමණය. සිවිල් සංවිධාන රැසක ප්‍රබල චරිතයක් වූ ඔහු ට වෙඩි තැබීමෙන් පසුව සිරුරේ ස්ථාන 21 කට පිහියෙන් ඇණ තිබුණි. චතුර පමුණුව හා සරණපාල පමුණුව යනු හෙන්රි ගේ දරුවන් ය.
කොමියුනිස්ට් පක්ෂයට වඩා ලොකු පත්තරයක් ‘ඇත්ත’ නමින් පක්ෂයට තිබුණි. අසූව වර්ජකයෙකු වූ මගේ බාප්පා හැමදාම පත්තරේ ගෙදර ගෙනාවේය. අවුරුදු 10 අද දක්වාම අතට අහුවන හැම විටම ‘ඇත්ත’ පෙරළා බලන පුරුද්ද ආවේ හතරේ පහේ පන්තියේ සිටය. ජවිපෙ ‘මහජන අච්චු කන්තෝරුවේ’ සේවයකින්ට පහර දුන්නේය. පත්තර ගිණි තිබ්බේය. බෝම්බ ගැසුවේය. 87 – 89 විනාශ කළ ‘ඇත්තට’ තිබූ මාධ්‍ය බලය නැවත ගොඩනගා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට තබා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයට හැකිවූයේ නැත. (මේ ගැන දේශපාලන සන්නිවේදනය – රජුන් තැනීමේ කලාව පොතේ මම දීර්ඝව ලියා ඇත) කර්තෘ ලොකුබණ්ඩා වනිගසේකර ගේ මහනුවර පවුලේ සාමාජිකයින් ඝාතනය කෙරුණි. ලොකුබණ්ඩා ජීවිත කාලයම අවිවාහයක තම පවුලේ අනාථවූවන් සුරක්ෂා කළේය. කැරැල්ල මරා දැමූ මිනිසුන් පමණක් නොව ජීවත්වන මිනිසුන් ගේ ද ජීවිත පණ පිටින් විනාශ කළේය.
රජයේ නීති විරෝධී ඝාතන කල්ලි හෙළිකරන ‘කළු බලල් ප්‍රවෘත්තිය’ නිසා ලොකුබණ්ඩාට ප්‍රේමදාස පාලනයේ මාධ්‍ය නිදහස ගැන ඓතිහාසික නඩුවක් ද වැටුණේය.
මාතර ගාමිණී තුඩාව, හක්මන කේ.ඒ.උපුල් රංජිත්, කරුණෑගල ජිනදාස, සරත්චන්ද්‍ර අතුරලිය, ඩී.වීරසිංහ, ඩබ්ලිව්. කරුණාරත්න, වෙහෙරහේන කේ.එම්.විමලසේන ඝාතනය වූ පක්ෂ සාමාජිකයින් 43 න් පිරිසකි. විමලසේනට වෙඩි දෙකක් තබා හතර තැනකට පිහියෙන් ඇණ සාදා නිම කළ චිතකයේ අවසන් ගෞරවය දැක්වීම ද තහනම් කරන ලදී. තල්පාවිල කේ.ජී.විමලසෝම 1988 ඔක්. 26 දින ඝාතනය විය.
දිවුලපිටියේ ටී.අමරදාස ඝාතනය වූයේ 1988 මැයි 8 එක්සත් සමාජවාදී පෙරමුණේ රැස්වීමක් අමතමින් සිටිය දී ය. ඇඹිලිපිටියේ එච්.ජී. ජිනදාස තමන්ට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුට පෙරළා වෙඩි තබා ඝාතනය කළේය. අනෙකාට ද වෙඩි තබා තුවාල කළ නමුත් ඔහු පෙරලා තිබූ වෙඩි පහරට ජිනදාස මිය ගියේය. බිය නිසාම කිසිවෙකුත් ජිනදාස ගේ දේහය භාරනොගත් නමුත් පොලීසිය ඔහුට උත්තමාචාර පවත්වා මිහිදන් කළේය. සූරියකන්ද, ඇඹිලිපිටිය සිසු ඝාතන ගැන ඔබ ඇති තරම් කියවා ඇති නමුත්, ‘සූරියකන්ද මිනීවලින් පිරෙන්නට’ ආසන්නතම හේතු ව ජිනදාගේ ඝාතනයට හමුදාවේ පොලීසියේ ප්‍රතිචාරය බව බොහෝ දෙනා අහන්නට අකමැති කතාවයි. ජවිපෙ රෑට රෑට මුහුණ වසාගෙන ගෙවල්වලට පැන ඝාතන සිදු කළ ක්‍රමයටම, හමුදාවේ කෝප්රල් ලා හයිඑස් වෑන් එකෙන් ගොස් යුද්ධ කරන්නට තීරණය වූයේ මේ සිද්ධියත් සමඟිනි.
2024 දක්වාම කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මාතර දී කොමියුනිස්ට් සමාජිකයින් මැරෑ ආකාරයට එය පැවතීම පවා පුදුම සහගතය. මාතර රෝහලේ බාහිර රෝගී අංශයේ ලෙඩුන්ට සේවය කරමින් සිටිය දී පී.ජී. ප්‍රේමලාල් 1988 නොවැ. 29 ඝාතනය කළේය. කඹුරුපිටියේ ගම්පති ටී.ධනපාල කුඹුරේ දී පිහියෙන් ඇණ ඝාතනය කරන විට 75 වන වියේ පසුවිය. මාතර ගම්සභාවේ සභාපති වූ පී.ඒ. ජයවර්ධන වැලිදුව දී 1988 අප්‍රේල් 22 ඝාතනය විය. හක්මන ක.ගි. දහම්සිරි, වේයන්ගොඩ සමරවර්ධන රාජපක්ෂ, ගම්පහ කේ.ඒ.ගුණසිරි, මාතර ලුවිස් ප්‍රතාපසිංහ, ජූලි වර්ජක කැලණිය අතපත්තු ධර්මදාස, දෙවිනුවර කේ.ජී. ධර්මසිරි, වාරිපපොල උප විදුහල්පති කේ.ඒ.ඩී. ජිනදාස, මාතර තැපැල් දෙපාර්තමේන්තුවේ එන්.නන්දසේන, මාතර ජී.මී.කුලතුංග, බූස්ස සුදත් ලාල් ගමගේ, එන්.ජී.ඒබ්රහිම්, ඩබ්ලිව්. පියසේන ඝාතන ද කැරැල්ලේ ප්‍රතිඑලය. මෙවැනි ඝාතන රැල්ලක් හමුවේ වුව ද, මාතර ඩැනී හිත්තැටිය වැනි නායකයින් පණ බේරා ගැනීමට පාපැදියේ ගිණි අවියතබාගෙන දේශපාලනය කළ පරම්පරාවේ මිනිසුන් ලෙස ඉතිහාසයට එක් වන්නේය.
කොමියුනිස් පක්ෂයේ සමාජිකයින් අතර කුරුරුම ඉරණම අත්වූයේ අනුරාධපුර රාජාංගයේ යායා 17 එකම පවුලේ සාමාජිකයින් වූ කොමියුනිස්ට් පක්ෂයේ අනුරාධපුර ප්‍රබලයින් වූ එස්.විජේරත්න, කේ.වීරරත්න හා කේ. තිලකරත්න ට ය. ඔවුන් තිදෙනාගේ දෙපා සහ අත් ලණුවකින් බැඳ කි.මි. 2 ක් දුර බිම ඇදගෙන ගොස් බස්නැවතුමක දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. දේ.ජ.ව්යා. විසින් පක්ෂයෙන් ඉවත්වී බැනර් දමන්නට කළ නියෝගය ඔවුන් පැහැර හැර තිබුණි. මේ ඝාතන ත්‍රිත්වයත් සමඟ අනුරාධපුර හමුදා මෙහෙයුම් කුරිරු හා සහාසික වූ බව හොදින්ම දන්නේ එදා අනුරාධපුර දිස්ත්‍රික් නායක වු ජවිපෙ ජනාධිපතිවරණ අපෙක්ෂක නන්දන ගුණතිලක ය.
එකා පිටුපස එකා ඝාතනය වන විට ආණ්ඩුව ලබාදුන් ආරක්ෂක නිලධාරීන්ගෙන් හා ආයුධ වලින් සන්නද්ධව ජීවිතය බේරාගත්තෝය. අද වසර 35 කට පසුව එදා කොමියුනිස්ට් පක්ෂය මුහුණ දුන් භීෂණයේ ප්‍රමාණය විසින් පක්ෂ සාමාජිකයින් තුල ඇති කළ හැඟීම වටහා ගැනීම පහසු නැත. නමුත්, ජයන්ත ගම්මන්පිල නමින් ‘රන් පිළිම’ නමින් කවි පොතක එදා කොමියුනිස්ට්වාදීන් ලෙස මේ පාක්ෂිකයින් මුහුණ දුන් මානුෂීය හැඟුම් කැටි කොට තිබුණි. නීතිඥ එස්.ජී.පුංචිහේවා විසින් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයට පරිත්‍යාග කරන ලද පුස්තකාලයේ එහි පිටපත් තිබිය හැකිය. කැමැත්තෝ සොයාගෙන කියවත්වා! (නිර්මාල් ලඟ ද පොතක් තිබිය හැකිය)
87 – 90 භිෂණය ජේ.ආර්. සහ එජාපය පිට පටවනු ලබන්නේය. ජීවිත කාලයම වාමාංශික දේශපාලන නිසා එජාපයේ පීඩාවට ලක් වූ කොමියුනිස්ට්, සම සමාජ, නව සමසමාජ, මහජන පක්ෂ, විප්ලවකාරි කොමියුනිස්ට් පක්ෂය, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය විනාශ කිරීමට ගල්කටස් පත්තු වූවේ සන් සූ ගේ ‘ආර්ට් ඔෆ් වෝ’ සිද්ධාන්තයන්ට අනුවය.
බ්‍රිගේඩියර් ජානක පෙරේරා දෙවන කැරැල්ලේ දී ජවිපෙ සිදු කළ වැරදි දෙක ලෙස දකින්නේ හමුදා සමාජිකයින්ගේ පවුල් ඝාතනය කිරීම හා වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් ඝාතනය කිරීමය. වාමාංශිකයින් ඝාතනයෙන් කැරැල්ලේ සුජාත භාවය විනාශ වූයේය. ඝාතනය වූයේ පක්ෂ සමාජිකයින් නමුත්, ජවිපෙ දෙවන කැරැල්ලේ දී උත්සහ කළේ කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම මරා දැමීම ය. එම උත්සාහය අඩක් සාර්ථක වූ අතර, 1994 න් පසුව ධනපති පක්ෂවල ඇමති ධූර ලබා ගැනීම නිසා ඉතිරි අඩ සම්පූර්ණ විය.
– රජිත් කීර්ති තෙන්නකෝන් –
You may like
-
ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්
-
ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි
-
ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්
-
පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
-
පාස්කු ප්‍රහාර ගැන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් දැනගෙන සිටියා (වීඩියෝ)
-
බන්ධනාගාර රැඳවියන්ගෙන් පිරී යයි
විශේෂාංග
භාතිය නම් (වල්) අලියා සහ චෙම්මෙනයි හි (පර) දෙමලා
Published
2 days agoon
July 7, 2025By
editor
ශ්‍රී ලංකාව, ජනගනය අනුව ස්වේච්චාවෙන් ගෙවීමක් නැතිව ඇස් සහ ලේ දන් දෙන රටවල් පෙළේ ඉහලම රටක්. ඇස දන් දීම ගැන අනිත් රටවල් බොහොමයකට වඩා අපි හුගාක් ඉදියෙන්
දැන් අපි දන් දෙන ඇස් පිටරට අයගෙත් පෙනීම දෙනවා. ජාතියක් හැටියට මොනතරම් දයාවින්ත ගෞරවයක් ද?
මේ දන් දීම 95% ක් ම කරන්නේ සිංහල බෞද්ධයන්ය.මොකද,
1. දානය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම සියුම් නිසා
2. කුල චින්තනය නිසා ලේ ඇස් දැන් දීම පිලිබඳ ව දෙමල සමාජ සංස්කෘතිය තුල දරුණු බෙදීම් තියෙනවා
3. ශාරික උත්තානය ගැන අදහන නිසා කතෝලිකයන් ඒ පිළිබඳ නිහඬයි
4. අවයව දානය හරාම් නොවුනත් මුස්ලිම භක්තිකයන් ඒ ගැන යුහුසුළු වෙන බවට සාක්ෂි නැති තරම්ය
මාක්ස්වාදී-ලෙනින්වාදය සහ ජාතිකවාදය වැනි “ලෞකික ආගම්” විමර්ශනය කිරීමේ දී සක් සුදක් සේ පැහැදිළිවන වෙනස මෙය වනු ඇත එකක පවතිනදේ කඩා දමන්නටත් අනෙක පවතින දුඛ නිවන්නටත් යොමු වීම ආධ්යාමික හෝ ලෞකික වේවා, සියලුම ලෝක දර්ශනවල චාරිත්‍රානුකූල අංග – නමස්කාරය, භාවනාව, වන්දනා ගමන සහ පූජාව – සහ මූලධර්ම හා මෙමෙ දානය නම් කඩ ඉමෙන් වෙන් වෙන බව මගේ පරි කල්පනයයි
ඉතින් ඒ අතින් සිංහල බෞද්ධයන් ලෝක සමාජයේ සහනුකම්ප්ත තලයේ ලොව උතුම් වූ ජාතියක් ය
නමුත්,
දේශපානය ඉගන ගන්න කෙනෙක් හැටියට මගෙන් පිටරට විද්වතුන් අහන ප්‍රධාන පළමු පෙලේ ප්‍රශ්නයක් තමයි:
ගහ කොළ
සතා සිව්පා උරගා
ඇල දොළ මලට
ආදරය කරන
නොදන්නා මිනිසුන්ට තමන්ගේ ඇස් දෙක දෙන
මෙච්චර යහපත් සිංහල මිනුසුන්,
ජාන වශයෙන්
සංස්කෘතියෙන්
භාෂාවෙන්
එකම පොළවෙන්
තමන්ට මේ තරම් සමීප
දෙමලුන් පිළිබඳව සංවේදී නොවන්නේ ඇයි?
මේ තරම් ගැඹුරට ප්රචණ්ඩත්වය පිළිගන්නේ, යොදවන්නේ කොහොමද කියන එක මට මතක විදියට මහාචාර්ය SJ තම්බිය්යා ඔහුගේ ලෝකප්‍රකට “Buddhism Betrayed ?” (1984) කෘතිය පටන් ගන්නේ මේ ප්‍රශ්නයෙන් නමුත් ඒ පොතම ඒ ප්‍රශ්න කිරීමම මැරෙන තුරාවට ඔහුට ලංකාවට එන්න බැරි කළා ( පොත නිළ වශයෙන් තාමත් තහනම් ද දන්නේ නැහැ) මෙම පරස්පර විරෝධී ස්ථාපිත සුසමාදර්ශ ප්‍රහේලිකාව ( paradoxically confirmed enegmatic paradigm) පසුගිය වසර 300 – 400 තිස්සේ අපේ රාජ්‍ය | සමාජය නිර්වචනය කරන වැට මාඉමයි.
වසර 1500 කට කලින් මහා විහාරයේ වැඩම කරමින් මහාවංශය ලියු මහානාම හාමුදුරුවෝ සිට අනගාරික උන්නාන්සේ දක්වාත් Dr ගුණදාස අමරසේකර දක්වාත් ටිකක් හොදින් අධ්‍යනය කලොත් මා අගය කරන මිත්‍ර Thamalu Maliththa Piyadigama දක්වාත් මේ පරස්පරය නොනවත්වාම ඉතිහාස ගත ( continued historicization) වන බව පෙනෙයි.
මෙම සිංහල ස්වයං උත්කර්ෂයට නැංවීම සහ දෙමලා අන්‍ය අනෙකා ( the other-ing) කිරීම (අ)සවිඥ්නකවම ආගම සාහිත්‍ය අධ්‍යාපනය හා බල දේශපාලන අරගලයක් සේ සෙමින් එහෙත් ගැඹුරෙන්ම ගලා අනාගතයටත් යන බවයි මට තේරෙන්නේ
නැත්නම්, අර භාතිය නම් වල් අලියා වෙනුවෙන් හඬන වැළපෙන පිං දෙන බෝධි පුජා ලැහැස්ති කරන iPhone අතැතිව tight jeans, crop top අඳින මුතුගල ස’ ගේ bio class යන Gen Z අයවත් , යාපනේට culture tourism සංවිධානය කරන අයවත් “එප්පඩි සුහම් නල්ල පුල්ල කියල ” බොරු රැඩිකල් “අමු”කාර සංජීවට පෙන්නේ නැති
A 9 පාරෙන් මීටර 200ක් වත් ඈත නැති චෙම්මනි සමුහ මිනිවලින් හමුවෙන, මහාචාර්ය රාජ් සෝමදේව ට අනුව වයස අවුරුද්දක් වත් නැති ළදරුවන්ගේ ඇට කටු මතුවීම ගැන ප්‍රශ්ණ නොකරන්නේ ඇයි?
කවි සින්දු නිසදැස් නොලියන්නේ මන්ද ?
වල් අලියකුට පෙම් බඳින්න සියුම් සමාජයක් කිරිදරුවන් ගේ කෘර ඝාතන ගැන නිහඬව ඉන්නේ කොහොමද ?
May be, Spiritually justified continuedly historicized Cosmion (in)securitization of an otherwise greatly compassionate nation?
තව බොහෝ දේ ලියන්න තියෙනවාය පුළුවන්ය
මොකද මේ ජුලි මාසයයි
අපි, සිංහලයන් එක්ක එක බත් පත බෙදා ගෙන
එකට ජීවීතේ ගෙවන එහෙත් structurally other දෙමලුන්ය
Suren Rāghavan

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.
තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය (Social Media) ප්රමුඛ ස්ථානයට පැමිණ තිබේ.
ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.
නව මාධ්‍ය ප්රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.
මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.
සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.
ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.
සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.
2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.
2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.
සමාජ මාධ්‍යයන්හි අරමුණු
සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.
සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.
S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.
තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.
L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.
YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.
I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.
Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.
එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.
M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.
සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.
කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.
සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.
නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.
අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.
එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.
මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.
බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.
දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.
මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.
එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.
මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)
නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන් ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය. (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.
මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන් මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.
මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.
මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය. සිදුකරන්නේ නම් එය ප්රජාතන්ත්ර විරෝධී බවය.
රජිත් කීර්ති තෙන්නකෝන්

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්
Trending
-
පුවත්7 days ago
මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ
-
පුවත්4 days ago
ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි
-
පුවත්5 days ago
කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්.
-
පුවත්5 days ago
පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන
-
පුවත්2 days ago
DIG ලා 8ක් ඉන්දියාවට ගිහින්