Connect with us

ජීවිතයට යමක්

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය අද යි

Published

on

අද (අප්‍රේල් 21 ) ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යි.  (World Creativity and Innovation Day )

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය ගැටලු විසඳීමේ දී පුද්ගල හෝ සාමූහික වශයෙන් නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ලෝක සංවර්ධනයට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දිනය නම් කරන ලදී.

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය මුල්වරට 2018 වසරේ අප්‍රේල් මස 21 වන දින සැමරීම සිදුවිය.

නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වසරේ එක් දිනක් නම්කලද සැබවින්ම වසර පුරාම සෑම දිනකම වැදගත් වන දෙයක් ලෙස නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය හැඳින්විය හැකිය.

ස්කොට් ඇඩම්ස් විසින් මෙසේ පවසා ඇත.
“නිර්මාණශීලිත්වය යනු ඔබ විසින්ම ඔබට වැරදි කිරීමට ඉඩ දීමයි. කලාව යනු කුමන ඒවා තබා ගත යුතු දැයි දැන ගැනීමයි.”

මිනිසා ගල් යුගයේ සිට පරිණාමය වී අද දවස සහ ලෝකයේ මිනිසුන්ගේ හෙට දවස දක්වා ගමන් මගට නිර්මාණශීලීත්වය සහ හොඳ සහ නරක සියලු නවෝත්පාදනයන් ලෝකයේ අද දවස බිහිවීම සඳහා ඉවහල් වී ඇත.

ජීවිතයට යමක්

අද, ලෝක සෞඛ්‍ය දිනය යි

Published

on

By

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා  “ලෝක සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

2025 වසර වෙනුවෙන් එහි තේමාව ලෙස නම්කර ඇත්තේ “සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්, බලාපොරොත්තු සහගත අනාගතයක්” යන්නය.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන් වේ.

ඔබේ සෞඛ්‍යය ඔබේ ජීවිතයේ වැදගත්ම දෙයකි. එය ඔබගේ ශාරීරික, මානසික සහ චිත්තවේගී යහපැවැත්මට බලපායි.

ඔබේ සෞඛ්‍යය ගැන ක්‍රියාශීලී වීම සහ රෝගාබාධ සහ රෝග වළක්වා ගැනීමට පියවර ගැනීම ඉතා වැදගත් වන්නේ එබැවිනි.

Continue Reading

ජීවිතයට යමක්

දරුවන් දිවි නසාගැනීමට පෙළඹීමේ ප්‍රවණතාවක්

Published

on

By

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කලේය.

වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතයට බහුලව නැඹුරුවීම තුළ මාපිය දූ දරු සම්බන්ධතා අඩුවීම මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුව විය හැකි බවය.

අවුරුදු 10ත් 19ත් අතර වයස් කාණ්ඩය නව යෞවන විය ලෙස හැඳින්වෙන අතර මිලියන 22ක මෙරට ජනගහණයෙන් 3.5ක්ම එම කාණ්ඩයට අයත්ය.

මෙම කාලය තුළ දරුවෙකුගේ කායික මානසික හා සමාජීය චර්යාවල ශීඝ්‍ර වෙනස්කම් සිදුවන අතර, ඒ හේතුවෙන් මෙම අවධිය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ චර්යා පිළිබඳ දත්ත ලබා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ‘ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය’ 2024 වසරේදී පවත්වා තිබුණේ වයස අවුරුදු 13ත් 17ත් අතර පාසල් සිසුන් 2585 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

මීට පෙර මෙම සමීක්ෂණය පවත්වා තිබුණේ 2016 වසරේදීය.

මෙවර සමීක්ෂණයේදී දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කරගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව එම සිසුන්ගෙන් 21.4%ක් අඩු බර සහිත වූවන් ලෙසත්, 12.1%ක් අධි බරින් යුක්ත බවත්, 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවත් හඳුනාගෙන තිබේ.

සිය නිවෙස් තුළ ආහාර හිඟකම නිසා සිසුන් 4.3%ක් උදෑසන ආහාරවේල නිතර කුසගින්නේ ගෙවාදමන බවත් හෙළි වී ඇත.

මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේදී. තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවී ඇත.

ඒ අනුව පසුගිය වසර තුළ මෙම සිසුන් අතරින් 22.4%ක පිරිසකට සෑම විටම හෝ බොහෝවිට ඉතා තදින් තනිකමක් දැනී ඇති බව අනාවරණ වී තිබේ.

තවත් 7.5%කට සමීප යහළුවන් නොමැති බවත් වාර්තාවල සඳහන්ය.

Depression හෙවත් විශාදය ලක්ෂණ ඇති සිසුන් ගණන 18%කි.

පසුගිය වසර තුළ සිසුන් 15.4%ක් දිවි නසා ගැනීමට තදින්ම පෙළඹී ඇති බවත්, 9.6%ක් දිවි නසාගන්නේ කෙසේද යන්න සැලසුම් කර ඇති බවත් මින් හෙළිවී තිබීම අතිශය අවදානම් තත්ත්වයක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

සමීක්ෂණයට ලක්වූ සිසුන්ගෙන් 5.7%ක් දුම්පානය කරන බවත් 5.3%ක් මත්පැන් පානය කරන බවත් හඳුනාගෙන තිබේ.

එය 2016ට සාපේක්ෂව සංඛ්‍යාත්මකව ඉහළ යාමකි.

මත්ද්‍රව්‍ය භාවිතය ද වැඩි වී ඇති බවත් සිසුන්ගෙන් 3.2ක් ගංජා භාවිතා කරන බවත් හඳුනාගෙන තිබෙන අතර පසුගිය මාසයේ ලද දත්ත අනුව ගංජා භාවිත කර ඇති සිසුන් ගණන 2.1කි.

මේ අතර පාසල් සිසුන්ගෙන් 63%ක් පාසල් දිනවලදී නිදා ගන්නේ පැය 8කට වඩා අඩුවෙන් බවත් හඳුනාගෙන තිබේ.

නින්ද අත්‍යවශ්‍ය සාධකයක් බැවින් මෙය ගැටලු සහගත තත්ත්වයක් බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබයි.

දරුවන්ගෙන් 28.4%ක් දිනකට පැය තුනකට අධික කාලයක් අධ්‍යාපනික නොවන කාරණ සඳහා ජංගම දුරකථන හරහා අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතයේ යෙදෙන බවත් හෙළි වී තිබෙන බැවින් සිය දරුවන්ගේ හැසිරීම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටිති.

Continue Reading

ජීවිතයට යමක්

ලෝක වකුගඩු දිනය අදයි

Published

on

By

ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී ඇත.

ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන බ්‍රස්පතින්දා දිනට යෙදී ඇත.

“දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” තේමා කරගනිමින් මෙම වර්ෂයේ ලෝක වකුගඩු දිනය සමරනු ලබයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද 10% පමණ දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, 2023 වර්ෂයේ දත්ත සලකා බලන විට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448 ක්  සහ මරණ 1626 ක් වාර්තා වී ඇති බවත්, ආසන්න වශයෙන් දිනකට මරණ 5 පමණ සිදුවී තිබෙන බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ ප්‍රමාණය 6582 ක් වන අතර 2023 – 2024 වර්ෂවල දී පරිතාන රුධිර කාන්දු කරණ  ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය 1000 ක් වේ. එමෙන් ම වකුගඩු බද්ධකල රෝගීන් ප්‍රමාණය 300 ක් පමණ වේ.

වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බව ද පොලොන්නරුව සහ මාලිගාවත්ත ප්‍රදේශවල විශේෂිත වෘක්කවේද ප්‍රතිකාර රෝහල් දෙකක් ස්ථාපිත කර ඇති බව ද, මේ වන විට රජයේ රෝහල් 81 ක වකුගඩු රෝග සායන පවත්වන බව ද, රජයේ රෝහල් ගණන 75 කි.

වකුගඩු සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුවහොත් රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දුකරණය, වකුගඩු බද්ධ කිරීම,රෝග ලක්ෂණ වලට පමනක් ප්‍රතිකාර කිරීම සිදුකල යුතු බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි..

ලෝක වකුගඩු දිනය ප්‍රථම වරට  2006 වර්ෂයේදී රටවල් 66 ක එකමුතුවෙන් සමරනු ලැබීය.

අදට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇත.

ඒ යටතේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගියදා (11)  පැවැත්විණි.

ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, රජයක් ලෙස අප බලාපොරොත්තුව මෙරට වකුගඩු රෝග අවම කර ගැනීම මෙන්ම බෝ නොවන රෝග හදුනා ගැනීම මෙන්ම පාලනය කිරීමත්, රෝග පවතින ප්‍රදේශවල රෝගය මුලින්ම හදුනාගෙන එය පාලනය කිරීම  වැදගත් වන බව අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම වකුගඩු බද්ධ කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරයන් සදහා විශාල මුදලක් වාර්ෂිකව රජය වැය කරන බව ද, මෙරට වකුගඩු රෝග වලට ගොදුරු වනුයේ වයස අවුරුදු  30 සහ 70 වයස් කාණ්ඩයේ පසුවන ජනතාව වන බවත්, ඔවුන්ගේ හැකියාව, ශ්‍රමය රටට අහිමිවීම මිලකල නොහැකි පාඩුවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved