ජනප්‍රිය පුද්ගලයින් අවහිර කරන (Block) ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මැයි මස මුල් සති අන්තයේ අවධානය ලබා ගත්තේ ය.
ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කිරීමට සහ අවහිර කළ යුතු අයගේ ලැයිස්තු පළ කිරීමේදී #blockout සහ #blockout2024 යන හැෂ් ටැග් යොදනු ලබයි.
ලොව පුරා සිදුවන මනුෂ්‍ය ව්‍යසන සහ යුද්ධ, විශේෂයෙන් ඊශ්‍රායල-ගාසා යුද්ධය සම්බන්ධයෙන් හඬ නැගීමට අපොහොසත් වීමේ හේතුව මත මෙම ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක වී තිබේ.
එම හැෂ් ටැග් දැනටමත් කලක සිට භාවිත කර ඇතත්, ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ, ආකර්ෂණීය ඇඳුම්වලින් සැරසුණු ජනප්‍රිය පුද්ගලයින් සහභාගි වන ඇමෙරිකාවේ අරමුදල් රැස්කිරීමේ උත්සවයක් වන Met Gala උත්සවයෙන් පසුව ය.
ඔවුන්ගේ සමාජ මාධ්‍ය අනුගාමිකයින් සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබිය හැකි ඉපැයීම් අවහිර කිරීමෙන් ඔවුන්ගේ ආදායම් අවහිර කිරීම අරමුණ විය.
අවහිර කිරීම ආරම්භ වූයේ කෙසේ ද?
The Met Gala නමැති අරමුදල් රැස් කිරීමේ උත්සවය, නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙනුවෙන් මැයි 6 වන දා පැවැත්විණි.
එය වසරේ වඩාත් ම අවධානය යොමු වූ රතු පලස් විලාසිතා ඉසව්වලින් එකක් වන අතර, ඊට ලෝකයේ ධනවත්, ප්‍රසිද්ධ විශාල පිරිසක් සහභාගී වන නමුත්, මෙවර එය ගාසා යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහ කළ විරෝධතාකරුවන්ගේ අවධානයට ලක් විය.
මීට පෙර පැවති Met Gala උත්සව හරහා දේශපාලන පණිවිඩ ඉදිරිපත් වී තිබේ. එනම් 2021 වසරේදී ඇමෙරිකානු කොන්ග්‍රස් මන්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සිය පිටකොන්දෙහි “ධනවතුන්ට බදු ගසනු” යනුවෙන් සඳහන් පණිවුඩයක් සමග සහභාගී වූ අතර, තවත් ජනප්‍රිය පුද්ගලයින් #MeToo ව්‍යාපාරයට හෝ යුක්රේනයට සහය දැක්වීම සඳහා විශේෂිත ඇඳුම්වලින් සැරසී ඊට සහභාගි වී තිබේ.
ඔකාසියෝ-කෝර්ටෙස් “Tax the Rich” යනුවෙන් සඳහන් ඇඳුමෙන් සැරසී
මැයි 8 වන දා, @BlockOut2024 නම් TikTok භාවිත කරන්නෙකු, “ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කරන්න. එවිට ඔවුන්ට ඔබෙන් දැන්වීම් හරහා ආදායමක් ඉපයීමට නොහැකිය” යනුවෙන් වෙනත් පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා වීඩියෝවක් පළ කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එය මිලියන 2.4 වාරයක් නරඹා තිබිණි.
පසු දිනයේ, ladyfromtheoutside නමින් හැඳින්වෙන තවත් TikTok භාවිත කරන්නෙකු, නිරූපිකාවක වන හැලේ කලීල්ගේ වීඩියෝවක් උපුටා දැක්වූ අතර, එහි ඇය ප්‍රංශ විප්ලවයට පෙර අවසන් ප්‍රංශ රැජිණ වූ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මාරි ඇන්ටොයිනෙට් මෙන් “ඔවුන්ට කේක් කන්න දෙන්න” යනුවෙන් කියනු දැකිය හැකි ය.
මාරි-ඇන්ටොයිනෙට් ගිලටීනයට හසු කිරීමෙන් ඝාතනය කරනු ලැබුවේ, සාමාන්‍ය ජනයාගේ දුක් වේදනාවලින් බැහැර වූ රාජකීය පවුලක් සමග පැවති සම්බන්ධය නිසා ය.
ඇයගේ ඇඳුම ගැන සඳහන් කිරීම පමණක් අරමුණු කළ නිරූපිකාවගේ අදහස් ඒ හා සමානව ම අසංවේදී බවට විවේචනයට ලක් විය.
මුල් වීඩියෝව උපුටා දක්වමින් ladyfromtheoutside පැවසුවේ: “ජනතාවට දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා, මම ඩිජිටල් ගිලටීනය කියලා හඳුන්වන්න කැමති දේ ක්‍රියාවට නංවන්න.”
“උග්‍ර අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා තම සම්පත් භාවිතා නොකරන සියලු ම ප්‍රසිද්ධ පුද්ගලයින්, සමාජීය බලපෑම් කරන්නන් සහ ධනවතුන් අවහිර කිරීමට කාලයයි,” ඇය දින හතරක් තුළ ලයික් 580,000ක් ලැබුණු පෝස්ට් එකක සඳහන් කර තිබිණි.
එම පෝස්ටුව සඳහා පළ කර තිබූ බොහෝ අදහස් මගින් ප්‍රසිද්ධ පුද්ගලයින් විවේචනය කර තිබුණේ, ඔවුන් ඔවුන්ගේ අදහස් ගැන කතා කළහොත් ගිවිසුම් අහිමි වේ යැයි බියෙන් පසු වන බවට ය.
එය ව්‍යාප්ත වූයේ කෙසේ ද?
සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වැඩි වැඩියෙන් ඒ පිළිබඳව ලිවීමට හෝ වීඩියෝ සැකසීමට පටන් ගත්හ.
එකී සති අන්තයේදී “blockout” යන වචනය සහිත පළ කිරීම් පිළිබඳ ෆේස්බුක් අන්තර්ක්‍රියා (interactions) 10 ගුණයකින් පමණ වැඩි විය.
“blockout” යන වචනය ගූගල් තුළ සෙවීම හත් ගුණයකින් ඉහළ ගියේ ය.
ඇතැම් පුද්ගලයින් අවහිර කළ යුතු ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක් හුවමාරු කිරීම ආරම්භ කළහ.
පුද්ගලයන් විසින් සාදන ලද ලැයිස්තුවල වෙනස්කම් පැවතිණි. එහෙත්, කිම් කාර්ඩේෂියන්, ටේපර් ස්විෆ්ට්, බියොන්සේ, ජස්ටින් බීබර්, සෙන්ඩේයා, කාන්යේ වෙස්ට්, මිලී සයිරස් සහ සෙලීනා ගෝමස් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ඇතැම් ලැයිස්තුවල ඇතුළත් කර තිබේ.
කිම් කාර්ඩේෂියන් මේ වසරේ Met Gala උත්සවයේදී
ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට, ඔවුන් ෆලෝ කරන ගිණුම් පමණක් නොව ඇතැම් විට ඔවුන් ෆලෝ නොකරන ගිණුම් ද, “for you”, “suggested” හෝ “explore” යනුවෙන් හඳුන්වන තීරු තුළ පෙන්වයි.
ගිණුම් අවහිර කිරීමෙන්, එවැනි තීරුවල ඔවුන් ව නොපෙන්වන බවට තහවුරු වේ.
විරෝධතාවයෙන් සිදුවූ බලපෑම කුමක් ද?
is කොපමණ පිරිසක් විසින් ගිණුමක් අවහිර කරනු ලැබ ඇත්දැයි බැලීමට හැකියාවක් නොමැති හෙයින් සංඛ්‍යාත්මකව බලපෑම මැනිය නොහැකි ය.
එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය යෙදුම්, භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගිණුමක් අවහිර කරන විට එය අන්ෆලෝ කරන ලෙස ය.
සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ වෙබ් අඩවියක් වන Social Blade වෙබ් අඩවියට අනුව, වඩාත් ම විවේචනයට ලක්වූ නිරූපිකාව වන හැලේ කලීල්ට, TikTokහි අනුගාමිකයින් (followers) 100,000 ක් පමණ අහිමි වී ඇති අතර එහි අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 10 සිට මිලියන 9.9 දක්වා පහත වැටී ඇත.
අවහිර කිරීම සඳහා යෝජනා කළ ලැයිස්තුවල ඇතුළත්ව සිටි අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින්, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ සංඛ්‍යාවේ විශාල වෙනසක් දැක නැත.
කෙසේ වෙතත්, විශාල පිරිසක් එම ගිණුම් අවහිර නොකරන බව ඉන් අදහස් නොවේ: අවහිර කරන සමාජ මාධ්‍ය භාවිත කරන්නා දැනටමත් ගිණුම ‘ෆලෝ’ නොකරන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අනුගාමිකයින් සංඛ්‍යාවේ වෙනසක් ඇති නොවේ.