Connect with us

තවත් බොහෝ දේ

ප්‍රහේලිකා පුරවා තෑගි දිනාගන්න

Published

on

– රළ –

මුහුද හැඩවන්නේ  රළ නිසයි.  කිරි සුදුපාට රළ නොනැවතී පෙරලෙද්දී ගල්පරවල හැපෙද්දී අපිට නොයෙකුත් දේ සිතෙයි. අප රළ පාගා විනෝද  වෙද්දී රළ ලස්සනයි කියද්දී මුහුදට දුක හිතෙයි ද? නැත්නම් තරහා යාවිද ?

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 🎁

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 🎁🎁🎁

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

සැප්තැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

පුංචි ඔයාලත් ලේන් පැටියාට පිහිටවුණු පුංචි දරුවා වගේ නිතරම අනිත් අයට උදව් කරන්න හිතට ගන්න…

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

ප්‍රහේලිකා අංක 02

මේ ටිකත් පුරවලා එවන්න

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

පළමු ප්‍රහෙලිකාවට නිවැරදි පිළිතුරු ලියා ජයග්‍රහණය ලැබූවෝ..

සදූ සිතුමි චමත්කා සත්සරණි
OKI – 10 වැනි ශ්‍රෙණිය
657/10 නුවර පාර, කැලණිය

හිරුණි රාජපක්ෂ 
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ.
11 වසර 
7/1, වෑබඩ නැගෙනහිර, වෑබඩ, කිරිල්ලවල.

තරුල් තත්සිළු වීරසේකර
10 වසර
121/1, කොළඹ 14

Continue Reading

තවත් බොහෝ දේ

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි

Published

on

By

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වැනි දින ලෝක දුම්වැටි නිවාරණ දිනය ලෙස නම්කර ඇත.

දුම් පානය ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා ප්‍රධාන හේතුවක් වන අතර බෝ නොවන රෝග වර්ධනය සදහා ප්‍රධාන අවධානම් සාධකයකි.

ශ්‍රී ලංකාවේ දිනකට දුම්පානය හේතුවෙන් පුද්ගලයින් 60 ක් පමණ මිය යන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මරණ 20,000 ක් පමණ සිදු වේ.

එනම් ලංකාව තුළද දුම්කොළ භාවිතය සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන්නේ දුම්කොළ නිසා වසරකට මෙරට මරණ 20,000 ක් පමණ සිදුවන බවය.

ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව අද (31) සිට ජුනි 17වැනිදා දක්වා දීප ව්‍යාප්තව දුම්වැටි හා මත් විරෝධී කොඩි අලෙවි සතියක් ක්‍රියාවට නංවා තිබේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මෙම සතියේ අරමුණ නම්,  

කොඩි හා ස්ටිකර් පිළිගැන්වීමෙන් “ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය “ ප්‍රජාව අතර, සිහිපත් කරමින් සමෘද්ධි ප්‍රතිලාභීන් මෙන්ම පොදු මහ ජනතාව දුම්වැටි හා මත් ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගෙන ඔවුන් මානසික වශයෙන් සවිබල ගැන්වීමේ කාර්යයයි.

මෙම මුඛ්‍ය පරමාර්ථය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් කොඩි සතිය තුළ ක්‍රියාවට නැංවීම ද සිදුකෙරෙනු ඇත.

මත් ද්‍රව්‍ය හා දුම් වැටි යනු සමාජ අහිතකර ප්‍රතිරෝධකයන් කොටසකි. එවන් හානිකර අවස්ථාවන්ගෙන් ප්‍රජාව ගලවා ගැනීමට නිසි මාර්ගය පෙන්වීමේ විවිධ වැඩසටහන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලැබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ උපදේශකත්වයෙන් හා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී.කළුආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් මෙම වැඩසටහන ප්‍රාදේශීය,දිස්ත්‍රික්, පළාත් හා ජාතික වශයෙන් ලංකාව පුරා ක්‍රියාවට නැංවීම සිදුවනු ඇත.

“ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දින” ප්‍රථම කොඩිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැළඳවීමට නියමිතය.

සමස්ථ කොඩි වැඩසටහන තුළින් ඒකරාශී කරන ලද සියළුම මුදල් ප්‍රාදේශීය සංවිධාන ගිණුම නමට බැරවෙන අතර, ප්‍රදේශයේ ප්‍රජා මූල සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල දරුවන්ගේ සමාජ සුබ සාධනය වෙනුවෙන් එම මුදල් වැය කෙරෙනු ඇත.


Continue Reading

තවත් බොහෝ දේ

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අද යි

Published

on

By

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අද (මැයි 22)ට යෙදී තිබේ.

පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.

ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.

ජෛව විවිධත්වය යන්නට එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වන්නේ, “ජෛව විවිධත්වය යනු ‘භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි’. තව ද, ‘ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ” යන්නයි.

ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින්  එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබේ.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශවකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කර  ගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබයි.

මෙවර ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික සැමරුම අද (22) දින දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

ජෛව විවිධත්ව දින වැඩසටහන අද දින පෙරවරු 09.00 ට  පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන් ජයකොඩි, අමාත්‍යංශ ලේකම් කේ. ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජෛවවිවිධත්වය පිළිබඳ  මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් ද “ඌන භාවිත ආහාර බෝග  “ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මහාචාර්යය ගාමිණී පුෂ්පකුමාර මහතා විසින් ද දේශනයන් සිදු කිරීමට නියමිතය. එමෙන් ම මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරාධිතයන් විසින් මී මැසි පෙට්ටි ප්‍රජාව වෙත ලබාදීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇත.

Continue Reading

තවත් බොහෝ දේ

ජාත්‍යන්තර තේ දිනය අද යි

Published

on

By

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර තිබේ.

ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ශ්‍රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටියි.

ගෝලීය වශයෙන් වැඩිපුරම පරිභෝජනය කරන දෙවන පානය වන තේ, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මේ අතර තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය දා පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved