Connect with us

පුවත්

අකුරණ පල්ලියකට බෝම්බ ගහනව කියලා; පල්ලි 203කට ආරක්ෂාව

Published

on

මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්ණාමික තොරතුර මත පදනම්ව මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන දෙසීය තුනකට (202) විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද මෙම ආරක්ෂාවන් යොදවා තිබෙන බවත් සියලු දේවස්ථාන කේන්ද්‍රගතව විශේෂ පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවත්, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා කියා සිටී.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටුවා ඇති 118 හදිසි ඇමැතුම් අංශය වෙත මෙම තර්ජනය පිළිබඳ ලද තොරතුරක් ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ඔත්තු සේවය හා පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවද මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා තහවුරු කර තිබේ.

තොරතුරු ලද වහාම එය අකුරණ පොලිසියට යොමුකිරීම නිසා අනිසි බියක් රටපුරා ඇතිවී ඇති බවත්, මෙතෙක් කිසිදු බුද්ධි අංශයක් මෙවැනි බෝම්බ තර්ජනයක් ගැන තහවුරු කරගෙන නැති බවත් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වූ ආරක්ෂක ප්‍රධානීන් පෙන්වා දී ඇත.

118 හදිසි ඇමැතුම් අංශයට ලද පැමිණිල්ල ලබාදුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිත බවද එහිදී හෙළිවී තිබේ.

ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පවසන්නේ..

‘ඔන්ලයින් ඔස්සේ පැමිණිලි කළ අයි.පී. ඇඩ්‍රස් එකක් විතරයි තියෙන්නේ. ඒ ආපු තොරතුර අදාළ ස්ථානවලට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධව ලැබෙන කිසිදු තොරතුරක් අපිට බැහැර කිරීමට නොහැකි නිසා අදාළ බුද්ධි ඒකක වෙත ඒ ගැන දැනුම් දී තිබෙනවා’ 

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved