Connect with us

පුවත්

අගමැතිට සෙත් පතන පූජාවක් ගැන මැකෝට පැමිණිල්ලක්

Published

on

ජනාධිපතිවරණයේ තේරීම් භාර නිලධාරීන් ද සහභාගී කරගනිමින් අගමැතිවරයාට ආශීර්වාද පළ කිරීම සඳහා කතරගම කිරි වෙහෙරේදී පැවැත්වීමට නියමිත ආශිර්වාද පූජාවක් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි.

ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමෙන්  පැෆ්රල් සංවිධානය ඉල්ලා ඇත්තේ  මෙම පූජාවට තේරීම් භාර නිලධාරීන් සහභාගී වීම වළක්වන ලෙසය.

මැතිවරණ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති තේරීම් භාර නිලධාරීන් මෙවැනි අවස්ථාවකට සහභාගී වීම හේතුවෙන් සමාජය තුළ ඔවුන් පිළිබඳ සැක සංකා ජනිත වුවහොත් මැතිවරණයේ සුජාතභාවයට ඉන් බරපතළ හානියක් සිදුවනු ඇති බව  එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් පෙන්වා දී තිබේ.

මැතිවරණ කාලසීමාවේදී දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් බවට පත්වන හෙයින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් යටතේ රාජකාරි සිදු කරන අනෙක් නිලධාරීන්ට තම ආයතන ප්‍රධානියා ගැන අවිශ්වාසයක් මතු වුවහොත් එම තත්ත්වය ද මැතිවරණ ක්‍රියාවලියට හානිදායක යැයිද මෙම පැමිණිල්ල මඟින්  අවධාරණය කර ඇති බව සඳහන්ය.

තේරීම් භාර නිලධාරීන් අපක්ෂපාතී වීම සමාජයට දැනෙන, හැඟෙන අයුරින් සිදුවිය යුතු බවත් ඒ අනුව, මෙම පූජාව සඳහා තේරීම් භාර නිලධාරීන් කැඳවීම නතර කර ඒ ගැන සොයා බලන ලෙසත්  හෙට්ටිආරච්චි මහතා පැෆ්රල් සංවිධානය තවදුරටත් ඉල්ලා තිබේ.

පුවත්

Starlink  සේවාවන්  ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කරයි

Published

on

By

Starlink සිය සේවාවන් දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ ගැන සඳහන් කරමින් ඊලෝන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් ද එක්කර තිබේ.

Continue Reading

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved