Connect with us

පුවත්

අගමැති කාර්යාලයට රන් සම්මානයක්!

Published

on

පසුගිය 2020 සහ 2019 වර්ෂයේ ඉහළ කාර්ය සාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට අග්‍රාමාත්‍ය කාර්යාලය පත්ව තිබේ.

එම කාර්‍යාලයට ඒ වෙනුවෙන් රන් සම්මානය හිමිවී ඇත.

ඊට පසු 2020 වර්ෂයේ හොඳම කාර්ය සාධනය වෙනුවෙන් දෙවෙනි  රන් සම්මානය දිනාගෙන ඇත්තේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවයි.  

ඊට පසුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය( මූල්‍ය) සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය( මූල්‍ය කළමනාකරණ) වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (ඉංජිනේරු) දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සහ  උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) එම වර්ෂයේ පිළිවෙලින්  රන් සම්මාන දිනු සෙසු ආයතන වේ.

ඉහළ කාර්ය සාධනය පෙන්වා 2020 වර්ෂයේදී  පළමු රිදී සම්මානය දිනාගෙන ඇත්තේ මුදල් කොමිෂන්  සභාවයි. 

මිනින්දෝරු දෙපාර්තමේන්තුව දෙවෙනි රිදී සම්මානය දිනාගෙන ඇත.

ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 ක ට රන් සහ රිදී සම්මාන පිරිනැමීම ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (18) සිදුකෙරිණ.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ මෙහෙයවීම යටතේ ඉහළ කාර්ය සාධනය පෙන්නුම් කරන රාජ්‍ය ආයතන මෙලෙස හඳුනා ගනු ලබන්නේ

රජයේ විගණකාධිපතිවරයා විසිනි.

මෙම වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ආයතන 833 ක් පරීක්ෂාවට ලක් කෙරිණ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved