Connect with us

පුවත්

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Published

on

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිලිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ.

අදාළ නිවේදනය,

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළා දකීමු.

මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම සිදු කරන්නේ විදේශීය ආයතන විසින් වන අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මෙම වංචාසගත ප්‍රචාරණ සිදු කරමින් තිබේ.

මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී ඇත.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අපගේ අවධානයට යොමු වී ඇත.

මෑතකදී විදේශ අමාත්‍ය විජිත හේරත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිශාන්ත අබේසේන සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් වන අමන්තා පෙරේරා සහ සුනන්ද දේශප්‍රිය මෙන්ම මීට පෙර අවස්ථාවලදී වෙනත් ශ්‍රී ලාංකික ප්‍රසිද්ධ පුද්ගලයින් ද මෙම දැන්වීම් මගින් ප්‍රචාරණය කර තිබේ.

විශේෂයෙන්ම රජයේ නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරන ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ප්‍රවර්ධනය කරන ඔන්ලයින් දැන්වීම් වලින් අතිශයින් ප්‍රවේශම් වන ලෙස අපි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

කිසිදු රජයේ නිලධාරියෙකු හෝ අමාත්‍යාංශයක් කිසිදු ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යෝජනා ක්‍රමයක් අනුමත කර නොමැත.

තවද, වාර්තා සහ ඉවත් කිරීමේ ඉල්ලීම් තිබියදීත්, මෙම වංචාවන් සමාජ මාධ්‍ය වේදිකාවල දිගින් දිගටම දක්නට ලැබෙන අතර, වංචනික දැන්වීම් ඵලදායී ලෙස මැඩපැවැත්වීමට ෆේස්බුක් හි ඇති නොහැකියාව පිළිබඳ බරපතල සැකයක් සහ කනසල්ලක් ඇති වී තිබේ.

මෙම රැවටිලිකාර ව්‍යාපාර පැතිරීම වැළැක්වීමට සහ ශ්‍රී ලාංකික පරිශීලකයින් මූල්‍ය වංචාවෙන් ආරක්ෂා කිරීමට වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි මෙටා ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා සමාගම වෙතින් ඉල්ලා සිටිමු.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි කියන සැක සහිත දැන්වීම් සමඟ සම්බන්ධ නොවන ලෙසත්, එම ප්‍රවර්ධනයන් හෝ දැන්වීම් තුළට නොයන ලෙසත්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි වංචනික දැන්වීම් කෙලින්ම අදාල සමාගම් වෙත වාර්තා කරන ලෙසත්, ආයෝජනය කිරීමට පෙර නීත්‍යානුකූල මූලාශ්‍ර හරහා සියලුම මූල්‍ය අවස්ථා සනාථ කර ගන්නා ලෙසත් අප මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අග්‍රාමාත්‍ය කාර්යාලය ලෙස අප අන්තර්ජාලය මගින් සිදු කරන වංචාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියාකරන අතර මෙම ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බවද දන්වා සිටිමු.

වැරදි තොරතුරු සහ වංචනික තොරතුරු ප්‍රචාරය කිරීම සිදු නොකරන ලෙසත්, එවැනි ප්‍රචාරයන් පිලිබඳ වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසත් සියලු ජනමාධ්‍ය සංවිධාන සහ සමාජ මාධ්‍ය ක්‍රියිකාරිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

රජයේ නිල තොරතුරු දැනගැනීම සඳහා යාවත්කාලීන අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකාව වෙත යොමු වන ලෙස මෙරට සියලු මහජනතාවට දැනුම් දෙමු.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved