Connect with us

පුවත්

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න

Published

on

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ අගමැතිවරයා විධායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න කටයුතු කරන බවය.

එසේම අවුරුදු 5 ක ජනාධිපතිවරයා පත් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග විසිකර දමලා රට පාලනය කරන්න පුලුවන් යැයි මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුගමනය නොකළ යුතු යැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ටත් අගෞරවයක් බව පවසා සිටියේය.

තවද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග පාර්ලිමේන්තුවට වෙනස් කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පිළිබඳව අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවට බලතලයක් හෝ සුදුසුකමක් නැති බව ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කලේය.

පුවත්

තාවකාලික හැඳුනුම්පතක්

Published

on

By

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගත හැකි බවය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරයක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

Published

on

By

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙන බව පැවසේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පදිංචිකරුවන්ය.

Continue Reading

පුවත්

වැස්ස වැඩි වෙන ලකුණු

Published

on

By

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මීට අමතරව ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved