Connect with us

පුවත්

විදුලි බිල දැනෙන ගාණකින් අඩුකිරීමට අනුමැතිය(Update)

Published

on

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කලේය.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවය.

ඒ අනුව, ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර ඇත.

එය 55% අඩුවීමකි.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ, ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය මීට පෙර පැවති රුපියල් 390 සිට රුපියල් 280ක් දක්වා පහත දමා ඇති බවය.

ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 1,140 සිට 700ක් දක්වා අඩුවී තිබේ.

ආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වේ.

————————————-

(පෙර පුවත : 2024 ජුලි 15 පෙ.ව. 9:17)

අඩුවෙන විදුලිය ගාස්තු පිළිබඳ දැනුම්දීම අද

අද (15) දිනයේ විදුලි ගාස්තු සංශෝධනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව, විදුලි බල මණ්ඩලය මගින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසු විදුලිය ගාස්තු සංශෝධනය කරන බවය.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, අද පස්වරුව වන විට විදුලිය ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවයි.

මේ අතර, විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පැවසුවේ, විදුලිය ගාස්තු 30% කින් පමණ පහළ දැමීමට කටයුතු කරන බවයි. 

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved