Connect with us

පුවත්

අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න

Published

on

ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර තිබේ.

ඊ පාස්පෝට් ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත පාස්පෝට් ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව සාමාන්‍ය පරිදි පාස්පෝට් මුද්‍රණය කළ හැකි බවද ටිරාන් අලස් මහතා කියා සිටියේය.

ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ශේෂ වීම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට උද්ගත වී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කලේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2003 වසරේ සිට වසර විස්සක කාලයක් හිස් පාස්පෝට් පොත් මිලියන 11 ක් ලබාදී ඇති බවත්, විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම් වලින් ඊ පාස්පෝට් සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් ඔහු එහිදී කියා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ සමාගම් තුනකින් තෝරාගත් සමාගමකින් පාස්පෝට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6 ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළ බවයි ඔහු අවධාරණය කළේය.

එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේදී ලැබීමට තිබුණත් හිස් පාස්පෝට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලූ බවද ටිරාන් අලස් මහතා පැවසීය.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බවටද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කලේය.

මේ එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා,

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි.. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්.. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා.. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි.. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා.. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට.. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා.. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ.. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට.. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට.. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි.. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා.. මේවා අමූලික බොරු.. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා..”

පුවත්

කිඹුලාවල උණුසුම් වෙයි (වීඩියෝ) 

Published

on

By

මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට උත්සාහ කිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙම ඉදිකිරීම් නීති විරෝධී බව පවසමින් අදාළ නිලධාරීන් පිරිස මාර්ග දෙපස ඇති මෙම කඩ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔවුන් විසින් කඩ කිහිපයක් කඩා ලොරියකට පටවා ගැනීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය ද පැමිණ තිබේ.

ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් පටවාගනු ලැබූ භාණ්ඩ නැවත වෙළෙදුන් හට ලබාදීමට කටයුතු කර ඇත.

 

©️ -වීඩියෝ – Madyawediya

Continue Reading

පුවත්

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” මුදල් වංචාවේ මහමොළකරුගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Published

on

By

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” මුදල් වංචාවේ මහමොළකරුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් අද (11) අධිකරණ තීන්දුවක් ලබාදීම සිදුවිය.

දකුණු ආසියාවේ සිදුවූ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන 2004 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු වූ රුපියල් බිලියන 3.9ක වැට් බදු වංචාවයි.

මෙම වැට් බදු වංචා නඩුවේ මහ මොළකරු වන අටවන විත්තිකාර  මොහොමඩ් කාමිල් කුතුබ්දීන් (Mohamed Kamil Kuthubdeen)  නම් ව්‍යාපාරිකයාට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුමත කරමින්   අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තහවුරු කළේය.

දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත්දා ඉදිරිපත් කළ මෝසමක් සම්බන්ධයෙන්  තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ඉකුත්දා මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්  ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යළි සලකා බලන ලෙස විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන ඉල්ලීම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකු  අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනාවල තීන්දුව අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒ තුළින් විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම අනුමත කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබුණි.

එහෙත් අදාළ නඩු තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයෙකු වන මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යළි පෙත්සමක් ගොනු කර ඇති අතර එම  පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම අභියාචනාධිකරණය විසින් කල්තබා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉකුත් නඩු දිනයේ පෙන්වා දී තිබුණි.

අභියාචනාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පලා ගොස් සිටි අයෙකු බවත් ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී තර්ක කර තිබුණි.

එබැවින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම කරුණු සම්බන්ධයෙන් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී එය යළි සලකා බලන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියේය.

එය අධිකරණ ක්‍රියාදාමය අව භාවිතාවට ලක් කිරීමක් යැයි චෝදනා කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි ක්‍රියා සඳහා නීතියෙන් අවසර හිමි නොවන බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම විත්තිකරුට මහාධිකරණය මගින් පනවන ලද සිර දඬුවම් හා දඩ මුදල් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරන තීන්දුව තහවුරු කරන බවත් මෙම නඩුකරය සම්බන්ධයෙන් තවදුරත් ඉල්ලීම් සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල්  වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණි.

මෙසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් තුන්දෙනාම අධිකරණය මගහැර පළා ගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර තිබුණි.

Continue Reading

පුවත්

පිරිමින්ට පමණක් ඉල්ලුම් කළ හැකි තනතුරකට එරෙහිව කාන්තාවන්ගෙන් පෙත්සමක්

Published

on

By

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා  කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබේ.

ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා විසිනි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 13 වනදා ගැසට් නිවේදනයක්  ප්‍රකාශයට පත් කර තිබූ බව සඳහන් කළේය.

එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 12(2) ව්‍යවස්ථාවන් යටතේ  පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝනය වන බව අවධාරණය කළේය.

එමෙන්ම තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතියද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝනය වන බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ තුළින් සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට සඳහන් කොටස  ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  අදාල ගැසට් නිවේදනය තුළින් පෙත්සංකරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේදැයි සොයා බැලීම සඳහා විභාගයක් පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව මෙම පෙත්සම  අගෝස්තු මස 27 වනදා විභාගයට ගැනීමට ද  අධිකරණය විසින් නියම කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved