Connect with us

පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වාහනය සොයා ගනී

Published

on

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ.

අද (08) උදැසන 10ට පමණ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබුණි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෝටර් රථයකින් පැමිණ වෙඩික්කරුවන් ටී 56 ගිනිඅවි දෙකක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

——————

(මුල් පුවත ප.ව. 12:31, 8 ජූලි 2024)

අතුරුගිරිය වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහළට

අතුරුගිරිය වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් ගණන දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වාර්තා වෙන්නේ, ගායිකා කේ. සුජීවා මහත්මියගේ තත්වය බරපතළ නොවන බවයි.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසා ඇත්තේ වෙඩි තැබීමෙන් කේ.සුජීවා මහත්මියගේ පාදවලට හානි සිදුව ඇති බවය.

————————-

(මුල් පුවත ප.ව. 12:06, 8 ජූලි 2024)

අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත මරුට: කේ. සුජීවා ජාතික රෝහලට

අද (08) දින අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීම සඳහා සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත සහ කේ. සුජීවා මෙම ස්ථානයට පැමිණ තිබේ.

එම අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

රෝහල්ගත කර සිටි ගායන ශිල්පිණී කේ. සුජීවා මේවන විට කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා ඇත.

——————————

(මුල් පුවත පෙ.ව. 11:38, 8 ජූලි 2024)

අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් “ක්ලබ් වසන්ත” මියගොස් තිබෙන අතර ගායන ශිල්පිණී කේ. සුජීවා තුවල ලබා ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙ.නෙකු අතුරුගිරිය සහ හෝමගම රෝහලට ඇතුලත් කර තිබේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved