Connect with us

පුවත්

අදානිගෙන් මොරගොඩට රෑ කෑමක් !

Published

on

මේ මස අගදී සිය ධූරයෙන් ධූරකාලය අවසන්වීමට නියමිත ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාට පසුගියදා ඉන්දියාවේ ප්‍රමුඛ සාමාගම් ජාලා දෙකක හිමිකරුවන් දෙදෙනෙකු විසින් රාත්‍රී ‌භෝජන සංග්‍රහ පවත්වා තිබේ.

ඒ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි හා හින්දුජා සමූහ යුරෝපයේ සභාපති ප්‍රකාශ් හින්දුජා යන ‌දෙදෙනා විසිනි.

අදානිගේ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය ඔහුගේ නිවසේදී පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පවත්වා ඇත.

ප්‍රකාශ් හින්දුජා සිය සමුගැනීමේ දිවා ‌භෝජන සංග්‍රහය දී ඇත්ත‌ේ මේ සතිය මුලදීය.

අවස්ථා දෙකේදීම, මහ කොමසාරිස් මොරගොඩ මෙම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනා සමඟ තමා පැවැත්වූ සමීප සම්බන්ධතා සිහිපත් කර අතර, ඔහු දිල්ලිහි සේවය කළ කාලය තුළ ඔවුන් ඔහුට ලබා දුන් සහය සඳහා ඔවුන්ට ස්තූතිය ද පුදකර තිබේ.

1988 දී ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද, අදානි සමූහය ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරවලින් එකක් වන අතර එම ව්‍යාපාරවලට වරාය කළමනාකරණය, විදුලි බල උත්පාදනය සහ සම්ප්‍රේෂණය, පුනර්ජනනීය බලශක්තිය, පතල් කැණීම්, ගුවන් තොටුපළ මෙහෙයුම්, ස්වාභාවික වායු, ආහාර සැකසුම් සහ යටිතල පහසුකම් ඇතුළත් වේ.

හින්දුජා සමූහය යනු මෝටර් රථ, තෙල් සහ විශේෂිත රසායනික ද්‍රව්‍ය, බැංකු සහ මූල්‍ය සහ බලශක්තිය ඇතුළු අංශ එකොළහක් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ ඉන්දියානු අන්තර් ජාතික සමූහ ව්‍යාපාරයකි. 

අශෝක් ලේලන්ඩ් (Ashok Leyland) මෝටර් රථ නිෂ්පාදන ආයතනය සතුවන්නේද ඔවුන්ටය.

මේ කණ්ඩායම් දෙකම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ලෙස ආයෝජන සිදුකර ඇති අතර එම සමූහයන්වලට වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් විශාල සහයක් ලැබෙන බවද ප්‍රසිද්ධ රහසකි.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved