Connect with us

පුවත්

අදානිලාට ඩොලර් මිලියන 500ක් ගෙවාගන්න බැරුව බංග්ලාදේශය විදුලි අර්බුදයක!

Published

on

විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල  අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ.

මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.

ඉන්දියානු- බංග්ලාදේශ බලශක්ති අර්බුදයට හේතුවී ඇත්තේ අදානි සමාගම සමඟ අත්සන් තබනු ලැබූ මෙගාවොට් 1600ක ගල් අඟුරු විදුලිය සැපයීමේ ගිවිසුමක් බව පැවසේ.

මේ ගිවිසුම විනිවිද භාවයෙන් තොර, අධීක මිලට විදුලිය ලබාගන්නා ගිවිසුමක් බවට චෝදනා එල්ලව ඇති අතර මේ වන විට බංග්ලාදේශය බලශක්තිය වෙනුවෙන් ඩොලර් බිලියන 3.7කට වැඩි ණයකින් පෙළෙන බවද වාර්තා වේ.

එයින් අදානි සමාගමට ණය වී ඇති ඩොලර් මිලියන 800 අතරින් ඩොලර් මිලියන 492ක් වහා ගෙවිය යුතුව තිබේ.

ඉන්දියාවේ අදානි හා බංග්ලාදේශය අතර ගැටුම වසර 2000 දී පමණ ආරම්භව ඇති එකක් වන අතර, මොවුන් අතර මුල්ම බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 2017 නොවැම්බර් මාසයේදීය.

ඒ අදානි පවර් (Adani Power) සහ බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය (BPDB) සමඟ වන අතර එය වසර 25ක ගිවිසුමකි.

මෙම ගිවිසුමෙන් ඉන්දියාවේ ජාර්කාන්ද් හි අදානිගේ ගොඩා බලාගාරයෙන් මෙගාවොට් 1,496 ක විදුලිය බංග්ලාදේශයට සැපයීමට ගිවිසුම් ගතව ඇත.

අදාළ ගිවිසුම බංග්ලාදේශයට විශාල පාඩුවක් කර ඇති බව විදෙස් මාධ්‍ය මතය වේ.

2023 වසරේදී , බංගලාදේශය, ඉන්දියාවේ වෙනත් විදුලි නිෂ්පාදකයින්ගෙන් විදුලි ඒකකයක් ටකා 7.83 බැගින් මිලදී ගනිද්දී අදානි ගේ විදුලිය මිලදී ගෙන තිබෙන්නේ ඒකකයක් ටකා 14.02ක මිලකටය.

මේ නිසා අදානි සමඟ ඇතිකරගත් විදුලි ගිවිසුම දැන් බංග්ලාදේශයේ භාණ්ඩාගාරයට අධීක බරක්වී තිබේ.

එය තවත් උග්‍ර කර ඇත්තේ පවතින තත්වය තුළ බංග්ලාදේශයේ මුදල් ඒකකයද අවප්‍රමාණය වීමත් සමඟයි.

අර්බුධකාරී සහ පාඩු ලබන අදානි – බංග්ලාදේශ බලශක්ති හුවමාරු ගිවිසුම අවලංගු කළ නොහැකිද? යන්න මේවන විට විවාදාත්මක කරුණක් වී තිබේ.

ගිවිසුමේ වගන්ති පිළිබඳ පැහැදිලිතාවක් නැති බව එරට හිටපු බලශක්ති උපදේශකවරන් කිහිප දෙනෙකුම පෙන්වා දී මීට පෙර පෙන්වා දී තිබිණි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ 2010 කඩිනම් විදුලිබල හා බලශක්ති සැපයුම් විශේෂ පනත යටතේ සකස් කර අත්සන් කළ මෙම අවාසිදායක ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට දැන් අවස්ථාවක් උදාවීඇති බවයි.

ගනුදෙනුව නිසි ලෙස සමාලෝචනය කර සංශෝධනය කිරීමෙන්, පිරිවැය අවම වශයෙන් 50% කින් කපා හැරිය හැකි බවට එරට විද්වතුන් පෙන්වා දී ඇත.

සබැඳි පුවත්
අදානිගේ සුළං බලාගාර ගිවිසුමෙන් ලංකාවට බිලියන ගණනක පාඩුවක් 
‘අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.’
අදානිලාට අතවනන කටුනායක ගුවන්තොටේ වැඩ 
ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් තුනම අදානිට! 
කෝකටත් තෛලය අදානි අදානිගේ සුළං බලාගාරයෙන් සංචාරක පක්ෂීන්ට බාධා 

අදානිගේ  සුළං බලාගාර දෙකට උපයෝගීතා කොමිසමේ අවසරය නැහැ 

“විදුලි පනතේ අරමුණ අපේ විදුලිය අදානිට දීම” 

අදානිගෙන් මොරගොඩට රෑ කෑමක් !

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved