Connect with us

පුවත්

අදානි සැර වෙයි – සේවක රැකියා අනතුරේ

Published

on

ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාපනය කර ඇති සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එරට ප්‍රමුඛ සමාගමක් වන අදානි සමාගම තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමිවී ඇති බව වාර්තා වෙයි.

ලොව තෙවැනි ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි හිමිකාරීත්වය දරන අදානි සමාගම විසින් එම සිමෙන්ති කර්මාන්ත ශාලා පසුගිය සැප්තැම්බර් මාසයේදී මිලදී ගෙන තිබුණි.

නමුත් ඉන් ටික කලකට පසු සිමෙන්ති ප්‍රවාහන සංගම් සහ අදානි සමාගම අතර ගාස්තුව සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවිය.

සමාගම පවසන්නේ ප්‍රවාහන වියදම් අධික වීම හේතුවෙන් කර්මාන්ත ශාලා වලින් පාඩු සිදුවන බවය.

එහි සේවය කරන 2,000 – 3,000ක් පමණ සේවකයින් පිරිසකට සහ වක්‍රාකාරව සිය ජීවන වියදම සරි කර ගන්නා 10,000-15,000ක පමණ විශාල පිරිසකට කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් දැඩි බලපෑමක් සිදුව තිබේ.

මෙම සිමෙන්ති කර්මාන්ත ශාලා ගොඩනැගීම සඳහා එම ප්‍රදේශයේ ගම්මානවල පිහිටි ඉඩම් පවරාගෙන තිබුණි.

එබැවින් සිමෙන්ති ප්‍රවාහනයේ ප්‍රමුඛත්වය තමන්ට හිමිවිය යුතු බව ගම්වාසීන් පවසයි. ඔවුන් පිටස්තර නගරවලින් සිමෙන්ති ප්‍රවාහනය සඳහා ට්‍රක් රථ යෙදවීමට ඉඩ නොදෙයි.

මේ වනවිට සිමෙන්ති ටොන් එකක් කිලෝ මීටරයක් ප්‍රවාහනයට ඉන්දීය රුපියක් 11ක් අයකරයි. නමුත් අදානි සමාගම පවසන්නේ එය රුපියල් 6ක් දක්වා අඩුවිය යුතු බවය.

(දෙරණ)

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved