Connect with us

පුවත්

අදින් ඇරඹෙන ඩෙංගු සතිය

Published

on

අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178 ක් වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවාය.යම් හෙයකින් එම උණ රෝගියාට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි. 

පුවත්

2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ

Published

on

By

බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම 2025 යටතේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති 535ක් සඳහා රුපියල් මිලියන 1508.25ක් අනුමත වී ඇතත් මැයි 16 දින වන විටත් වැය කර ඇත්තේ එයින් රුපියල් මිලියන 8.20ක් බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ප්‍රගති ලේඛනයේ සඳහන් වේ.

මේ වසරේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා බස්නාහිර පළාත් සංවර්ධනට රුපියල් මිලියන 3,201.30 රජය වෙන්කර ඇති බව එහි දැක්වේ.

අමාත්‍යාංශ 05ක් යටතේ අනුමත කරන ලද ව්‍යාපෘති 535ක් ම මේ වනවිටත් ආරම්භ කර නොමැති බව එම ප්‍රගති ලේඛනයේ දැක්වේ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත ව්‍යාපෘති 177න් 125ක් ආරම්භ කර නොමැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 194 න් ව්‍යාපෘති 61 ක් ද, 

මහා මාර්ග අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 61න් ව්‍යාපෘති 08ක් ද, 

පළාත් පාලන අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 77න් ව්‍යාපෘති 43ක් ද

කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 26න් එක් ව්‍යාපෘතියක් ද වශයෙන් ඒවා ආරම්භ කර නොමැත.

මේ අතර, 2025 වර්ෂයට අදාළව අනුමත ව්‍යාපෘති 535න් ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ ව්‍යාපෘති 283ක් බවත් වැඩ අවසන් කළ ව්‍යාපෘති ඇත්තේ 14ක් බවත් බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්මේ ප්‍රගති ලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

උතුරු නැගෙනහිර ඉඩම් ගැන රජයෙන් තීරණයක්

Published

on

By

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට ඒවා කඩිනමින් පවරා දීම බවය.

උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළු විසදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන්, පැවති රජයන් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බව ද ඇය එහිදී පවසා තිබේ.

අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බැවින් ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා අවශ්‍ය බව උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ඇතැම් පිරිස් වංචනිකව ඉඩම් අත්පත්කරගෙන ඇති බැවින් රජය විසින් අදාළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතින බවයි.

ජනතාවගේ සැකය නැතිවන පරිදි නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් නීත්‍යානුකූලව තහවුරු කිරීම් සමග ඉඩම් අයිතිය ජනතාවට ලබාදිය යුතු බව රජයේ එකඟතාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

ඒ අනුව ජනතාව සහ අදාළ අංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Continue Reading

පුවත්

තංගල්ලේ මාරක රිය අනතුරක්

Published

on

By

කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අද (24) අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved