Connect with us

පුවත්

අද තද වැසි. නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Published

on

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල,හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්ය.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට ද අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

පුවත්

මැතිවරණ කොමිසමෙන් නැවතත් ඉල්ලීමක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය

Continue Reading

පුවත්

මහ බැංකුව පොලී අඩු කරයි

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved