Connect with us

පුවත්

අද දවසේ කාළගුණය

Published

on

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු,  ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව අද (27)  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය.

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුවත්

විදෙස්ගත අපරාධකරුවන් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

Published

on

By

විදේශවල සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් මේ වනවිටත් රතු නිවේදන නිකුත් කර ඇති බවය.

ඔවුන් සැඟව සිටින රටවල් ද  හඳුනාගෙන ඇති බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් එම පිරිස සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කර ඇති බවයි.

විදේශවල සැගව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 11ක් නව රජය බලයට පත්වූ දා සිට මේ දක්වා දිවයිනට රැගෙන විත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

මේ අතර පුද්ගල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ මෙරට රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකය.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එම විමර්ශන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ජාතික තරුණ දිනයේ සමාරම්භය සටහන් කරමින් අද ඇරඹෙන “යූත් ක්ලබ්”

Published

on

By

දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් “යූත් ක්ලබ් “යෞවන සමාජ ආරම්භ කරමින්, අද (23) දිනයේ ජාතික තරුණ දිනයේ සමාරම්භය සනිටුහන් කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජාතික තරුණ සේවා සභාව ලෙස යූත් ක්ලබ් පිහිටුවීම වසරක් ඇතුළත ක්‍රියාත්මක කරන විශාලතම ව්‍යාපෘතියක් බවද 1983 මැයි 23 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික තරුණ සමුළුව ක්‍රියාත්මක  ආරම්භ වූ අතර, එය සංකේතවත් කරමින් මැයි 23 වනදා ජාතික තරුණ දිනය ලෙස නම්කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

දිවයින පුරා සිටින වයස අවුරුදු 15ත් – 29ත් අතර තරුණ තරුණියන්ට යූත් ක්ලබ්  සමඟ සම්බන්ධ වීමට හැකියාවක් පවතින බවද පැවසූ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් ඒ වෙනුවෙන් ග්‍රාමසේවා වසම් මට්ටමෙන් යූත් ක්ලබ් යෞවන සමාජ 14,033ක් පිහිටුවීමට  සියලු කටයුතු සූදානම්බවද සඳහන් කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මැයි 30 සිට ජූලි 15 දක්වා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල යූත් ක්ලබ් පිහිටුවීමට කටයුතු කරන බවද,
ජුනි 01 සිට ජුලි 31 දක්වා දිස්ත්‍රික්ක මට්ටමෙන්ද පිහිටුවීමට සැලසුම් සකස් කර ඇතැයිද සදහන් කළේය.

අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය දවසේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට රටේම තරුණ තරුණියන්ව කැඳවා ජාතික සමුළුවක් පිහිටුවා එහිදී ජාතික තරුණ සම්මේලනය පිහිටුවීමට බලාපොරොත්තු වන බවද ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් සඳහන් කරන ලදී.

ජාතික තරුණ දිනයේ සිට ජාත්‍යන්තර තරුණ දිනය දක්වා වූ කාල පරාසය ඇතුළත ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වෙච්ඡා සංවිධානය ස්ථාපිත කිරීමට ජාතික තරුණ සේවා සභාව මේ මොහොතේ කටයුතු කරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය අද යි.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශොධන පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved