Connect with us

පුවත්

අද මැදියම් රෑ සිට පරණ ක්‍රමේටම වීසා

Published

on

ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි,  පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

විශාල ගැටලුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ මෙසේය :

“වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. අද මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරනවා.

මෙය විශාල ජයග්‍රහණයක්.

වීසා ගැටලුව විශාල පීඩාවක් ගෙන දුන් ප්‍රශ්නයක් වුණා. දැන් අප එම ප්‍රශ්නයට විසඳුම් ලබා දී අවසන්. ඒ පිළිබඳ අප නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තා. අධිකරණ තීන්දුව අනුව වහාම අප ක්‍රියාත්මක වුණා.

එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙණුවේ තිබෙන අක්‍රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඒ අනුව ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිටින අයටත් දැන් එම පහසුකම ලැබෙනවා.”

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved